26.

307 95 28
                                    


#Final Chapter#

ලිලී හොස්පිටල් එකෙන් ඇවිත් කෙලින්ම ගියේ සෙමෙට්‍රි එකට. එයා එතැනට යනකොටත් එයාගේ පුංචි රෝස මල රෝසි එයාගේ සීයත් එක්ක ලිලී වෙනුවෙන් බලන් හිටියා.

සුදු රෝස මල් පොකුරත් අරන් කාර් එකෙන් බැහැපු ලිලී රෝසි ගාවට යද්දී සීයාගේ අත අතහැරපු රෝසි ලිලී ගාවට දුවන් ආවා.

"අම්මා..........."

"ඔහ්හ් මගේ පොඩ්ඩි. එන්න අපි යන්" තමන් ගාවට දුවන් ආපු රෝසිව වඩා ගත්තු ලිලී රෝසිගේ සීයා ලගට ගියා.

"පීටර් මෙයා කෑම කෑවද?"

"ඔව්..ඔයාගේ කෝල් එකෙන් පස්සේ නම් කෑවා."

"කපටි කෙල්ල ලොකු රෝසිව බලන්න එක්කන් යනවා කිවුවාම නම් කෑම ටික කෑවානේ....."

ලිලී රෝසිගේ නහය මිරිකද්දී පුංචි කෙල්ල ඔලුව වන වන ලිලීගෙන් බේරෙන්න උත්සහ කරන විදිහ පීටර් බලන් හිටියේ හරිම ආදරෙන්.

"මන් අම්මාව බලලා එන්නම්" පීටර් දිහා බලලා කිවුව ලිලී රෝසිත් අරන් ගියේ එයාගේ අම්මාගේ සොහොන ගාවටයි.

"මන් අම්මාව බලලා එන්නම්" පීටර් දිහා බලලා කිවුව ලිලී රෝසිත් අරන් ගියේ එයාගේ අම්මාගේ සොහොන ගාවටයි

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.


රෝසිව බිමින් තියලා සොහොන ලගින් මල් පොකුර තියපු ලිලී ටික වෙලාවක් ඒ දිහා බලන් ඉදලා රෝසිවත් වඩා ගෙන පීටර් ලගට ආවා.

"ඔයා කතා කරනවද?"

"ඔව් මන් කතා කරලා එන්නම්"

"හරි...රෝසි මණික සීයා ලොකු රෝසි එක්ක කතා කරලා එනකන් අපි කාර් එකට යමු හොදේ"

රෝසිගේ කම්මුලක් අල්ලන් ලිලී කිවුවාම රෝසි ඔලුව වනලා කැමත්ත පල කළා. ලිලීයි රෝසියි කාර් එක පැත්තට යනවා බලන් හිටපු පීටර් රෝසිගේ සොහොන ගාවට ගියා.

I'M ALSO A WOMAN ✔️✔️حيث تعيش القصص. اكتشف الآن