18.

250 96 12
                                    


පීටර්ව තමන්ගේ කාමරේට අරන් ආපු පවන් පීටර්ව බාත්රූම් එක ගාවට එක්කන් ගියා.

"වොෂ් එකක් දාගෙන ඇදගෙන එන්න. ලේ පිටින් යන්න බැනේ"

ඔලුව වනපු පීටර් බාත්රූම්  එකට ගියාම පවන් ඇදෙන් ඉදගෙන ෆෝන් එක බලන්න ගත්තේ පීටර් එනකන්.

මේ අතරේ බාත්රූම් එකට ගිය පීටර් හැගීම් ගොන්නක් අතරේ අතරමන් වෙලා. ෂවර් එක යටට වෙලා ඇගේ ලේ සේදිලා යනකන් ඉන්න පීටර්ගේ තුවාල වලට වතුර වැටුනත් ඔහුට ඒ වගේ වේදනාවක් ආවේ නැ. මොකද ඔහු ඒ තරම් සිහින ලෝකෙක අතරමන් වෙලා.

පීටර් කියන්නේ සමලිංගිකයෙක් නිසා ඔහුට පිරිමින් ගැන හැගීම් ඇති වෙන එක සාමාන්‍යයි. මේ වෙලාවේදීත් පීටර්ගේ හිත පවන් කෙරෙහි ඇදිලා ගිහින්.

තමන්ට සරණක් අවැසිම මොහොතේදී පිහිටක් වෙන කෙනෙක් ගැන හැගීම් ඇති වෙන එක සාමාන්‍යෙන් වෙනවා. ඉතින් පීටර්ගේ අමාරු වෙලවකිදී එයාට පිහිට වුන පවන් ගැන පීටර්ට හැගීමක් ඇති වීම වැරදිද?

කොල්ලෙක්ට තවත් කොල්ලෙක් ගැන ඇති වෙන හැගීම් වැරදි නැ. මොකද හැගීම් වලට පන්ති භේදයක්, ජාති භේදයක්, ලිංග භේදයක් නැ. හදවතක් තියෙන ඕනෙම කෙනෙක්ට හැගීම් ඇති වෙන්න පුළුවන්.

සමාජය විසිනුයි ඒ හැගීම් වලට නියමයන්, සීමාවන් දාලා තියෙන්නේ. විටක ඒ නියම, සීමාවන් නිසා හොදක් සිද්ද වෙනවා වගේම තවත් විටක ඒවා නිසා විනාශයක් සිද්ද වෙනවා.

ඇතිවෙන විවිධාකාර හැගීම් ඒ නිසා පාලනය කර ගන්න ඕනේ. හැබැයි ඒවාට ඇති වෙන්නේ නැතුව ඉන්න කියලා කියන්න අපිට බැ. මොකද පණ තියෙන ජීවියෙක් නම් හැගීම් අනිවාරෙන් තියෙන්න ඕනේ නිසා. නැත්තම් ඒ ජිවිතෙන් වැඩක් නැ.

පවන් ගැන අමුතු හැගීම් අතු වුනත් ඒවා පාලනය කර ගත්ත පීටර් ඉක්මනට වොෂ් එකක් දාගෙන ඇදගෙන බාත්රූම් එකෙන් එලියට එනකොටත් පවන් හිටියේ ෆෝන් එක දිහා බලාගෙනමයි. ඒ මුනේ කිසිම හැගීමක් තිබ්බේ නැ. තිබුනේ හිස් බවක්.

"ආහ්හ් ආවද?....එන්න යන්..."

බාත්රූම් එකෙන් එලියට ආපු පීටර්ව දැක්ක පවන් එයා එක්කම් ගෙදරින් එලියට ගිහින් ත්‍රීවීල් එකකට කතා කරා. ත්‍රීවීල් එක ගේ ඉස්සරහ ආවාම පීටර්ට එකට නගින්න කියලා. පීටර්ගේ අත උඩින් සල්ලි මිටියක් තියලා,

"ආ..මේක ගන්න. උන දේට සමාවෙන්න. ගිහින් බෙහෙත් දා ගන්න" කියලා පීටර්ට කියලා. තමන් දිහා වගේම පීටර් දිහා අමුතුවට බලන් ඉන්න ඩ්‍රයිවර්ට සල්ලි දෙන ගමන්,

"මෙයාට යන්න ඕනේ තැනට ගිහින් දාන්න" කියලා පීටර් දිහාවත් නොබලා ගේ ඇතුලට ගියා.

තමන්ගේ වාහනේට නැග්ග අමුතු කොල්ලා දිහාත් ගේ ඇතුලට යන කොල්ලා දිහාත් අප්‍රසන්න බැල්මක් දාපු ත්‍රීවීල් එකේ ඩ්‍රයිවර් මවා ගත්තේ නම් එච්චර හොද ආකල්පයක් නෙමේ. 

ඔහුට ඕනේ උනේ තමන්ගේ වාහනේ ඉන්න මේ අසික්කිත ජරා ගොඩ ඉක්මනින් තමාගෙන් ඈත් කරන්නයි. ඒ නිසාම ඔහු පුළුවන් තරම් වේගෙන් වාහනේ අරන් ගියා.


______________🔥_____________


~Manu~

I'M ALSO A WOMAN ✔️✔️Wo Geschichten leben. Entdecke jetzt