14.

263 93 4
                                    


සමහර දවස් වලට පිරිමි දෙතුන් දෙනා එක්ක ඉන්න වුනත් උදේට නැගිටින්නවත් බැරි වුනත් රෝසි හැමදාම අමාරුවෙන් හරි වැඩට ගියා.

එතන පැය ගානක් වැඩ කරලා 5ට ඔෆ් වෙලා බාර් එකට ඇවිත් පැය දෙකක් විතර නිදා ගන්නේ තියෙන මහන්සියටමයි. පාන්දර 3 වෙනකන්වත් කාම රංගනයේ යෙදෙන්න වෙන රෝසිට පැය තුනකට වඩා නිදා ගන්න ලැබෙන්නේ නැ. මොකද උදේ 7 වෙද්දී එයා හොස්පිටල් එකේ ඉන්න ඕනේ නිසා.

මුළු දවසටම පැය 5කට වඩා නින්දක් රෝසිට නොලැබෙන තරම්. ඊට වඩා ඇගේ ඇගෙන් දැනෙන වේදනාව. මුළු ඇගම තලලා දාලා වගේ තියෙද්දිත් හොස්පිටල් එකේ බර වැඩ පවා රෝසි කරන්නේ එයා ඒ තරම් මේ රස්සාවට ආදරේ කරන නිසා.

මේ රස්සාව නිසා එයා ජිවත් වෙනවා කියලා දැනෙන නිසා. ඇගේ ජිවිතේ ඇයට ලැබුන හොදම දේ තමා මේ රස්සාව. ඒ වෙනුවෙන් ඇය ලොකු කැපකීමක් කරනවා. මේ රස්සාවෙන් රෝසිට එයාගේ අදුරු පැත්ත පැය කීපයට හරි අමතක කරනවා.

ඒ වගේම ඇයට ජිවිතේ පලවෙනි වතාවට පිරිමියෙක් ගැන හැගීම් ඇති වුනා. ඒ කෙනා ඇගේ ජිවිතේ විශේෂම කෙනා. ඇයට ජිවත් වෙන්න ආශාවක් ඇති කරපු කෙනා. ඉතින් ඒ වගේ කෙනෙක් ගැන හැගීමක් ඇති වෙන එක වැරද්දක් නෙමේනේ.....

ඩොක්ටර් පවන් වීරකෝන්.....ඔහු ළමා රෝග විශේෂඥවරයෙක්. රෝසි හුගක් වෙලාවට වැඩ කරේ ඩොක්ටර් පවන්ගේ වෝඩ් එකෙමයි. මොකද අනිත් අයට වඩා පොඩි ලමයි ගොඩක් රෝසිත් එක්ක එකතු වුනා. රෝසි වුනත් පොඩි ළමයි එක්ක ඉද්දි ගොඩක් සතුටින් හිටියා.

ඩොක්ටර් පවන් දැනන් හිටියේ නැති වුනාට රෝසි නම් එයාව දැනන් හිටියා. රෝසිට නර්ස් කෙනෙක් වෙන්න ඕනේ වුනේ ඩොක්ටර් පවන් තවත් නර්ස් කෙනෙක් එක්ක පාරේ හිටපු හිගන ළමයට බෙහෙත් දාන එක දැකලා.

හොදටම දැක්කේ නැති වුනත් රෝසිගේ හිතේ ඩොක්ටර්ගේ රූපේ ඇදිලා තිබ්බේ ගොඩක් හොද මනුස්සයෙක් විදිහට. ඉතින් මීට මාසෙකට විතර කලින් මුලින්ම හොස්පිටල් එකේදී ඩොක්ටර්ව දැක්ක ගමන් රෝසි අදුර ගත්තා.

මේ ටික කාලේදී පිරිමින්ගෙන් දැක්කේ නැති ගොඩක් හොද ගතිගුණ ගොඩක් රෝසි ඩොක්ටර් පවන්ගෙන් දැක්කා. පිරිමි ගැන හිතන් හිටපු දරුණු ප්‍රතිරුපෙට වඩා වෙනස් ප්‍රතිරූපයක් රෝසි ඩොක්ටර් පවන්ගෙන් දැක්කා.

එයා ඒ ගතිගුණ වලට ආදරේ කරා. ඒ වගේ කෙනෙක් ලබන්න ආස කරා. හැමෝටම එක විදිහට සලකන මේ පිරිමියාට රෝසිගේ හිත දන්නෙම නැතුව ආස කරලා. හැමවෙලේම රෝසිට ඩොක්ටර් පවන් එක්ක ඉන්න වුනේ ළමයි රෝසිට ගොඩක් කැමැති වුන නිසා.

ඉතින් තමන් ගොඩක් ගරු කරන මිනිසා, තමන්ට ජිවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්න මිනිසා, හැම වෙලේම තමන්ගේ ගාවින්ම ඉද්දි එයා ගැන ආදරයක් ඇති නොවී තියේවිද?


_______________🔥_______________


~Manu~

I'M ALSO A WOMAN ✔️✔️Where stories live. Discover now