4.

408 134 14
                                    


රෝසි නින්දෙන් නැගිටින විට ඇය අසල සිටියේ තරමක් තරබාරු කාන්තාවක්. රෝසිට කිසිවක් මතක නැ. මන් මේ ඉන්නේ කොහේද රෝසි තමන්ගෙන්ම ඇහුවත් ඇයට උත්තරයක් ලැබුනේ නැ. ඇය අඩුම තමන් කවුද කියන්නවත් දන්නේ නැ. මන් කවුද, ඇත්තටම මන් කොහේද? මේ ඉන්නේ, මට මොකද උනේ, ඇය තව තවත් තමන්ගෙන්ම ප්‍රශ්න කරත් ඇයට පිලිතුරක් ලැබුනේ නැ. "ඔයා කවුද? එතකොට මන් කවුද? මන් මේ කොහේද ඉන්නේ? " රෝසිට තවත් දරා ගත නොහැකිව ඇය තමන් අසල සිටින කාන්තාවගෙන් ඇහුවා.

"මට මැඩම් මින් කියන්න. ඔයා...... ඔයාගේ නම රෝසි. ඔව් අද ඉදලා ඔයා රෝසි. මමයි ඔයාව බාර කෙනා. ඒ නිසා මන් කියන විදිහට ඉන්න... තේරුනාද? " මැඩම් මින්ගේ සැරපරුෂ බව ඉදිරියේ රෝසි නිහඩ වුවා. එදා ඇය නිහඩ නොවුනා නම් අද ඇයට මෙහෙම නොවෙන්න තිබ්බා. තමන්ගේ එදා ආරම්භ වූ රෝසිගේ ජීවිතය අද වෙන කොට ඇයව ප්‍රසිද්දම, මිල අධිකම වෙයිශ්‍යාව කරලා. මේ වෙනකන් මැඩම් මින් කියන හැම පිරිමියා එක්කම නිදා ගන්න රෝසිට සිද්ද උනා. මොකද මේ ඇගේ ජීවිතය. 

__________________✍️

කාන්තාවක් කියන්නේ කවුද? කුලවත්, සදාචාර සම්පන්න, පිරිමියා යටතේ යැපෙන, ස්වාධීනත්වයක් නැති, ළමයි හදන මැෂින්ද?........... ඇයට නිදහස හිමි නැතිද? ඇය කල වරද මොකද්ද? ගැහැනියක් වීමද?....... අතීතයක් තිබ්බා ඇය දේවත්වයෙන් අදහපු. දැනුත් ඇයට ඒ දේවත්වය දිය නොහැකිද?....

කාන්තාවක් තනියම නැගී සිටියොත් පිරිමියෙක්ගේ ආධාරයක් නැතුව එතකොට මේ සමාජේ කියන්නේ මොකද්ද? "අර ගැණී පිරිමි කීයක් එක්ක බුදියලද දන්නේ නැ... ඔය වගේ ගෑනු මහා වේ#%&යෝ.." මේ දේ නෙමේද කියන්නේ??? ඒත් පිරිමියෙක් තනියම දියුණු උනොත් එයාට චරිත සහතික දෙන්නේ නැති සමාජේ ඇයි කාන්තාවන්ට විතරක් චරිත සහතික දෙන්නේ?...

ඇයි හැම වෙලේම කෙල්ලෙක්ගෙ වැරදි විතරක් දකින්නේ? තනි අතින් අප්පුඩි ගහන්න බැරි බව දන්න මේ සමාජේ ඇයි එහෙනම් හැම දේකම වැරැද්ද කෙල්ලෙක්ගෙ පිට විතරක් දාන්නේ? ඒ හැමදේම පිටිපස්සේ ඉන්න පිරිමියාව දකින්නේ නැත්තේ ඇයි?....

නිදහසේ අදින්න, නිදහසේ ඇවිදින්න, නිදහස් භුක්ති විදින්න කාන්තාවකට අයිති නැද්ද?... කෙල්ලෙක් ගණිකාවක් වෙන්න හේතුව හොයන්නේ නැතුව එයාව හංවඩු ගහන එක හරිද? එයාව එකෙන් බේර ගන්නවා වෙනුවට තව තවත් එයාගේ පහස විදින්න අනිත් අයට ඉඩ දෙන එක හරිද?

ඇය කවුරු උනත් ඒ ඉන්නෙත් තවත් එක් කාන්තාවක් කියලා හිතන්න බැරිද? ඒයාට ආදරේ ලබන්න, පවුලක් වෙන්න, අම්මෙක් වෙන්න, ආදරණීය බිරිදක් වෙන්න, සමාජෙට යහපත් කෙනෙක් වෙන්න අවස්තාවක් දෙන්න බැරිද? ඒකට අයිතියක් නැද්ද?

කවදාවත් උත්තර ලැබෙන්නේ නැති ප්‍රශ්න දහසක් හිතේ හිර කරගෙන ඒවාට තමන්ගෙන්ම උත්තර හොයන ගමන් රෝසි ආවේ ගෙදරක් නොවන ඒත් තමන්ට කියලා කියන්න තියෙන, ඉන්න තියෙන තැනටයි........ බාර් එක...ඒ ඇගේ නිවසයි.

"රෝසි... ඔයා හොදින්ද?..."


_____________________🔥___________________


~Manu~

I'M ALSO A WOMAN ✔️✔️जहाँ कहानियाँ रहती हैं। अभी खोजें