8.

351 122 8
                                    


"රෝසි ඔයාට අද දෙන්නෙක් ගන්න පුලුවන්ද?" මැඩම් මින් රෝසිගේ කාමරේට එන ගමන් කිවුවා. රෝසි හිටියේ තාමත් අඩන ගමන් පීටර්ව මේ විදිහට දකින්න රෝසිට බැරි උනා. ලේ සම්බන්දයක් නැති උනත් පීටර් කියන්නේ රෝසිට මල්ලි වගේ. තාමත් වේදනාවෙන් කෙදිරිගාන පිටර්ගේ අත තෙත කෑල්ලකින් පිහදාන ගමන් ඉන්න රෝසි මඩම් මින් දිහා බැලුවේ ඇහුන දේ හිතා ගන්න බැරුවයි.

"මැඩම් මින් මන් කොහොමද පීටර්ව මේ විදිහට දාලා යන්නේ. බැ මැඩම් අද නම් බැ."

"මේ කෙල්ලේ එහෙනම් ඉතින් ලබන ඉරිදාට වැඩ කරන්න වෙයි. උබට උබේ free දවස නැති වෙනවා... කමක් නැද්ද?"

"ඒත් මැඩම් මට ඒ දවස කොච්චර වැදගත් ද කියලා ඔයා දන්නවානේ...."

"එහෙනම් රෑට අර මිනිස්සු දෙන්නා එක්ක ඉදපන්... හරි උබ වෙනුවෙන් අදට විතරක් එකෙක් එකක් විතරක් ඉදපන්කෝ... මේ කොල්ලා බලා ගන්න මන් වෙන ඒකියකට කියන්නම්... උබ කැමතිනේ..."

"හරි මන් ඉන්නම්..." රෝසිට වෙන කරන්න දෙයක් නැ. ඇයට පීටර් වගේම ඇගේ නිදහස් දවසත් වැදගත්. ඉරිදා කියන්නේ රෝසි වගේම පීටර්ගේ නිදහස් දවස. එදාට බාර් එකට එන මිනිස්සුත් එක්ක නිදි යන්න ඕනේ වෙන්නේ නැ. එදාට විතරක් තමන්ට සල්ලි වෙනුවෙන් වෙන මිනිහෙක් ගාවට යන්න රෝසිට පුළුවන්... ඔව් සල්ලි වෙනුවෙන්...

බාර් එකේදී රෝසිලාට හම්බ වෙන සල්ලි ඔක්කොම වගේ තියන් ඉන්නේ මැඩම් මින්. බාර් එකේ රෝසිට ඉන්න දෙනවට, කෑම වලට, ඇදුම් වලට, මේකප් වලට ඒ සල්ලි වලින් වියදම් කරන නිසා රෝසිට එයාගේ ඇග වෙනුවෙන් බාර් එකේදී කීයක්වත් ලැබෙන්නේ නැ. ඒත් රෝසිට එයාගේ හීනේ වෙනුවෙන් සල්ලි ඕනේ උනා. ඒ නිසා මැඩම් මින්ගෙන් ගොඩක් අමාරුවෙන් අවසර අරන් ඉරිදට විතරක් රෝසි තමන්ගේ ඇග විකුණලා සල්ලි හොයනවා. ඒ එයාගේ හීනේ වෙනුවෙන්.......

ඔව් රෝසිට හීනෙයක් තිබ්බා. මන් එදා දැක්ක ඒ කෙනා වගේ වෙන්න ඕනේ උනා මට. එයා වගේම තව කෙනෙක්ට උදව් කරන කෙනෙක් වෙන්න ඕනේ උනා මට. ඒ දවස වෙනකන් මන් කවදාවත් දැකලා තිබ්බේ නැ මිනිහෙක්ට ඒ තරම් සංවේදී, පරාර්ථකාමී වෙන්න පුළුවන් කියලා. මන් හිතන් හිටියේ හැම කෙනාම එක වගේ කියලා උනත් දැන් දන්නවා මේ ලෝකේ මේ විදිහේ අයත් ඉන්නවා කියලා.....

I'M ALSO A WOMAN ✔️✔️Unde poveștirile trăiesc. Descoperă acum