3.

441 134 11
                                    


රෝසි ඒ ඇගේ නමයි. නැ ඔවූන් ඇයට දුන් නමයි. රෝසි කියන්නේ සැපවත් ජිවිතයක් ගත කරන, කොල්ලෝ එක්ක නිදා ගන්න, සල්ලි නාස්ති කරන සමාජය පිළිගන්නා උසස් පෙලේ කාන්තාවක් නෙමේ. ඒත් ඇයව දකින ඕනෙම කෙනෙක් හිතන්නේ රෝසි එහෙම කෙනෙක් කියලා. ඒ ඇය ගැන නොදන්න අයයි. ඒත් රෝසි වගේම රෝසි ගැන දන්න අය හැමෝම දන්න රෝසිගේ ඇත්ත තත්වය වෙන්නේ ඇය ගණිකාවක් කියන එකයි.

රෝසිට වයස 23යි. රෝසි කෙනෙක් එක පාරක් ඇය දෙස බැලුවොත් තව පාරක් හැරිලා බලන තරම් පුදුමාකාර ලස්සනකමකට උරුමකම් කිවුවා. ඒ ලස්සනම තමා ඇගේ ජිවිතේ විනාස කරේ. රෝසි තමන්ගේ පවුලේ අය ගැන දන්නේ නැ. ඇය දැනන් හිටිය එකම දේ උනේ ඇගේ දෙමාපියන් මැරුණු පසු ඇයට තමන්ගේ ජිවිතේ නැති උනා කියන එක.

රෝසිගේ තාත්තා හිටපු ලොකු ව්‍යාපාරිකයෙක්. ඔහු සල්ලි විතරක් නෙමේ සතුරෝත් ගොඩක් හම්බ කරා. එකේ ප්‍රතිපලේ උනේ රෝසි මේ ලෝකේ තනි උන එක. දෙමාපියන්ගේ මරණෙන් පස්සේ ඇයට පියාගේ දේපල අයිති උනත් තාමත් 17ත් වියේ පසු වෙන ඇයට ඒවා ගැන දැනුමක් තිබ්බේ නැ. ඒ නිසාම රෝසිට සිද්ද උනේ තාමත් විවාහ වෙලාවත් නැති තම පියාගේ එකම සහෝදරා වෙත මේ සේරම බාර දීලා තමන්ටත් ඔහුගේ පිහිට පැතීමයි.

අවසානේ උනේ කාමවිකෘර්තියෙක් උන තමන්ගේ බාප්පාගේ අතින් ඇගේ වටිනාම දේ නැති කර ගැනීමටයි. ඇයට ඇයම නැති උනා. ඇගේ ස්ත්‍රීත්වය ඇයට නැති උනා. ඒ උන දේත් එක්ක මානසිකව වැටුන ඇයට අගේ ස්තීත්වය විතරක් නෙමේ ඇගේ මතකයත් නැති උනා. ඒ අවසරයෙන් තම සහෝදරයාගේ ව්‍යාපාර තමන් අතට ගත් රෝසිගේ බාප්පා ඇයව ගණිකා මඩුවකට විකුණා දැමුවා. 


__________________🔥_________________


~Manu~

I'M ALSO A WOMAN ✔️✔️Where stories live. Discover now