16.

261 100 6
                                    


සති කීපයක් ගෙවිලා ගියේ ඩොක්ටර් පවන්ගේත් රෝසිගේත් අතර තියෙන සම්බන්දේ ටිකක් දුරට වැඩි කරමින්. දැන් ඒ දෙන්නාට දෙන්නා කවුරුත් නැති තැන නම් වලින් කතා කරනවා. ෆෝන් වලින් කතා කරනවා. මැසේජ් කර ගන්නවා.

ඒත් රෝසිගේ අදුරු පැත්ත ගැන තාම පවන් දැනන් හිටියේ නැ. රෝසි ඒ ගැන කියන්න ගියෙත් නැ. තමන්ට ලැබුන ආදරේ තමන් විසින්ම නැති කර ගන්න තරම් නම් ඇය වුනේ නැ.

ඒත් තව කොච්චර කාලෙකට ඇය ඇයටම බොරු කර ගනීද? ඇගේ ඇත්ත දැන ගත් විටත් ඩොක්ටර් පවන් ඇයට ආදරේ කරයිද? කොහොමවත් නැ....මොන පිරිමියද කැමති වෙන්නේ වෙන පිරිමි එක්ක නිදා ගත්ත කෙනෙක් තමන්ගේ වයිෆ් කියලා කියන්න.

හුදෙක්ම කථා වල විතරයි එහෙම දේවල් වෙන්නේ. ඇත්ත ජිවිතේ මීට වඩා ගොඩක් වෙනස්. කතාවක ජිවත් වෙනවට වඩා ඇත්ත ලෝකේ මේ දරුණු සමාජෙත් එක්ක ගැටෙන එක කරන්න අමාරු වැඩක්...

තමන්ගේ කෙල්ල නැත්තම් වයිෆ් කාගේ හරි අතින් රේප් වුනොත් ආයේ ඒ කෙනාව ඒ පිරිමියා බාර ගනීද? නැ බාර ගන්නේ නැ. තමන්ට විතරක් අයිති කියලා හිතන තමන්ගේ කෙල්ලගේ ඇග වෙන කෙනෙක් ඇල්ලුවොත් හරි ඒ පිරිමියාගේ හිත ආයේ ඒ කෙල්ල වෙනුවෙන් ගැහෙන්නේ නැ.

මේ තමා මිනිස්සුන්ගේ ඇත්තම හිත. පිරිමි ඕනේ තරම් ගෑනුත් එක්ක හිටියට කමක් නැ. හැබැයි ගැහැනියක් ඉන්න ඕනේ එක පිරිමියෙක් එක්ක විතරයි.

ඩිවෝස් වුන පිරිමි කෙනෙක්ට ආයේ පාරක් බදින එක ලේසි දෙයක්. ඒත් ගැහැනියක්ට එක ලේසි දෙයක් කියලා හිතනවද?

කොහෙත්ම නැ. ගැහැනියක් පිරිමියෙක් එක්ක බැදෙන්නේ එක පාරයි. ඒ බැදීම් අතහරින්න ගැහැනියෙක්ට ගොඩක් අමාරුයි. කෙල්ලෙක් කොල්ලෙක්ව අතහරින එකත්, කොල්ලෙක් කෙල්ලෙක්ව අතහරින එකත් දරා ගන්න කොහොමහරි පුළුවන් වෙනවා.

ඒත් ශරීර වලින් ආත්ම වලින් දෙන්නෙක් බැදුනොත් ඒ පිරිමියාට කෙසේ වෙතත් ගැහැණියට ඒ බැදීම නවත්තන්න අමාරුයි.

රෝසි ගොඩක් පිරිමින් එක්ක ශරීරෙන් එකතු වෙන්න ඇති. ඒත් හදවතින් එකතු වුනේ නැ. ඒ නිසා එයාට අතාහරින්න අමාරු නැ. නමුත් ඇය කා එක්ක හෝ හදවතින් බැදුනොත්??


_______________🔥______________

තාම කන්නෙත් නැතුව මේ උදේ ඉදලා මන් තාම typing. අනිත් ටික රෑ වෙද්දී දාන්නම්. දැන් ටයිප් කරන්න විදිහක් නැ. අම්මගේ වැඩ වගේකට ලැප් එක දෙන්න වෙනවා.

මෙච්චර කාලෙයක් කිසිම දෙයක් නොකියා ආපු අය මොනා හරි අදවත් කියලා යන්න. අඩුම බැනලා හරි යන්න.


~Manu~


I'M ALSO A WOMAN ✔️✔️Where stories live. Discover now