10.

308 103 11
                                    


"ඩොක්ටර් රත්නායක" කාමරේ දොර ඇරගෙන ඇතුලට ගිය රෝසි තමා ඉදිරියේ ඇදේ ඉදගෙන ෆෝන් එක දිහා බලාගෙන ඉන්න පිරිමියාට කතා කරා.

"ආහ්හ්හ් රෝසි..අද ඔයා පරක්කුයි.." කොට ගවුමකින් ආවරණය වෙලා තියෙන රෝසිගේ ඇග දිගේ ඇස් අරන් යන ගමන් ඩොක්ටර් රත්නායක කතා කරා.

"හ්ම්ම්...පීටර්ට ටිකක් අමාරුයි"

"ඒ මොකෝ?"

"මොකුත් නැ. මන් රෙඩි වෙලා එන්නම්" කියපු රෝසි බාත්රූම් එකට ගියා.

ටික වේලාවකින් සුදු ටවල් එකක් පමණක් ඇදන් රෝසි එලියට එනකොටත් ඩොක්ටර් රත්නායක කාමරේ ලයිට් ඩිම් කරලා ඇද ලගට වෙලා හිටියා.

ඩොක්ටර් ගාවට රෝසි ලං වෙනවාත් සමගම ඇයව ඇදලා අරන් ඇදට වට්ටපු ඩොක්ටර් ඇගේ දොතොල් සිප ගත්තේ ඇගේ අවසරයකින් තොරවයි.

ඇත්තෙන්ම ඔහුට එයට අවසර ඕනේ නැ. ඇය මේ රාත්‍රිය ඔහු වෙනුවෙන් ගත කරන්න ඕනේ. ඒ ඇගේ රාජකාරිය. කෙනෙක් ගුරුවරයෙක් විදිහට, ඩොක්ටර් කෙනෙක් විදිහට, ඩ්‍රයිව කෙනෙක් විදිහට, ව්‍යාපාරිකයෙක් විදිහට, නඩුකාරයෙක් විදිහට, පාර අතුගාන කෙනෙක් විදිහට පවා මුදල් වෙනුවෙන් තම රාජකාරිය කල යුතුයි.

ඉතින් ගණිකාවක් වුනත් රෝසිත් කරන්නේ ඒ දේ නෙමේද? මේ ඇයගේ රාජකාරිය. තමන් වෙනුවෙන් මුදල් ගෙවන ඕනෙම කෙනෙක්ගේ ආශාව සංසිදෝන එක ඇගේ වගකීම.

අනිත් අය තමන්ගේ වගකීම් ඉෂ්ඨ කරනවා නම්, ඇය ඇගේ වගකීම ඉෂ්ඨ කරන එකේ තියෙන වැරැද්ද මොකද්ද?

කෙනෙක් ජීවිතය වෙනුවෙනුයි හැමදේම කරන්නේ. කොයි රස්සාව යුනත් කරන්නේ වෙන්න. අපි ඒ රස්සාවට කැමති නැ කියලා එකෙන් අයින් වෙන්න අපිට පුළුවන්. ඒත් අයින් වුනාට පස්සේ ජිවත් වෙන්න පුලුවන්ද?

ගුරුවරයෙක් ගාවට ළමයි ගියේ නැත්තම් ඔහු ගුරුවරයෙක් වෙන්නේ නැ ], ඩොක්ටර් කෙනෙක් ගාවට ලෙඩ්ඩු ගියේ නැත්තම් එයා ඩොක්ටර් කෙනෙක් වෙන්නෙත් නැ. මිනිස්සු පාරට කුණු දැම්මේ නැත්තම් කුණු අදින මිනිස්සු ඒ දේ කරන්න ඕනේ නැ......

ඉතින් ගානිකාවක් කියලා හංවඩු ගහලා තියෙන ගැහැනියක් ගාවට පිරිමි යන්නේ නැත්තම් ඇය ගණිකාවක් වෙන්නෙත් නැ නේද?................

___________________________✍️

බොහෝ වේදනාකාරී වූ අනුරාගික මොහොතවල් කීපයකට පස්සේ ඩොක්ටර් රෝසිගෙන් වෙන් වුනා. ඔහුට නම් එය විනෝදයක් වෙන්න ඇති නමුත් රෝසිට නම් එය තවත් එක් වේදනාවක් වුනා.

රෝසිගෙන් ඈත් වූ ඩොක්ටර් බාත්රූම් එකට ගියේ මද සිහියෙන් ඉන්න රෝසිගේ කම්මුලට ගසමින් ඇයට කතා කරයි.

"ඒයි රෝසි.... මොකෝ උබට අද ගොඩක් අමාරුද? මන් වෙනදා තරම් හාර්ඩ් වුනේ නැනේ"

රෝසි කෙසේ නම් පවසන්නද...... පීටර් ගැන මතකයෙන් ඉන්නා ඇයගේ හිත ගොඩක් දුර්වලයි කියලා. හිතින් දුර්වල ඇය ගතින් දුර්වල නොවී තියේද?

ඩොක්ටර්ගේ තට්ටු කිරීම නිසා නැවත සිහියට ආ රෝසි දෙස බැලූ ඩොක්ටර්, "මන් වොශ් කරන් එනකන් ඉදපන්. කතා කරන්න ඕනේ"

ගැහැනියක් ගොඩක් දේවල් දරා ගන්නවා කියනවා. ඒ එයාගේ හිත ශක්තිමත් නිසා. ඒත් ඒ ශක්තිමත් දුර්වල වුනොත්? එතකොටත් ගැහැනියෙකුට දරා ගන්න පුලුවන්ද?

ගැහැනියක් හිතින් විතරක් නෙමේ ගතිනුත් ශක්තිමත්. එහෙම නෙමේ නම් අසහනයෙන් පෙලෙන පිරිමියෙක් දරා ගන්න පුළුවන් වෙයිද? 10 මාසයක් තවත් ජීවියෙක් තමා තුලම දරා ගන්න පුලුවන් නම් ඒ කාන්තාවගේ ගත ශක්තිමත් නැද්ද?

ඒ විතරක් නෙමේ කාමතුරයින්ට ගොදුරු වන පුංචි මල් කැකුළු, ලස්සන රෝස මල්, පිපුණු නෙලුම් මල්, පිපිලා ලස්සන පතුරවන මල්, පර වෙලා මැරිලා යන්න ඉන්න මල් අසහනකාරී පිරිමින් කීප දෙනෙකුට යට වෙද්දී අවසානයේ හෝ තමාව බේරාගනී කියන විශ්වාසෙ මත හැමදේම දරා ගන්නේ නැද්ද?

එහෙනම් දැන් කියන්න ගැහැණිය සිතින් විතරද ශක්තිමත්? 


_________________🔥_________________

මන් වැරදි ආදර්ශයක් දෙනවා වගේද? කොයිම වෙලාවකවත් මන් ගණිකා වෲත්තිය සාධාරණීකරණය කරන්නේ නැ. එකේ රස්සාවක් වෙන පැත්ත ගැන කියන්නේ. වැරදියට තේරුම් ගන්න එපා.

අන්තිමට මල් ගැන කියලා තියෙන එක තේරෙනවා ඇති කියලා හිතෙනවා. මන් කාන්තාවක් දකින්නේ මලක් විදිහට. එක එක මල් ගැන කියලා තියෙන්නේ ළදරුවෙක්, ළමයෙක්, තරුණියක්, ගැහැනියක්, මැහැල්ලක්.....මේ තමා අදහස් කරපු මල් ටික.


~Manu~

I'M ALSO A WOMAN ✔️✔️Where stories live. Discover now