20.

240 90 5
                                    


පීටර්ගේ ප්‍රශේනේ නිසා රෝසි හොස්පිටල් එකට යනකොට වෙනදට වඩා ටිකක් රෑ වුනා. ඉක්මණින්ම ගිහින් ඩියුටි රිපෝර්ට් කරපු කරපු රෝසි තමන්ට නියමිතව වෙලා තිබ්බ වැඩ ගැන බලන්න ගත්තේ දැනටමත් ගොඩක් පරක්කු වෙලා තිබ්බ නිසයි.

රෝසිගේ වැඩ ඉවර වෙද්දී රෑ 9 විතර වුනා. ඒ වෙද්දී ලෙඩ්ඩු ඔක්කොම වගේ නිදා ගන්න නිසා රෝසිලාට ඒ තරම් වැඩක් 9යෙන් පස්සේ තියෙන්නේ නැ.

ඩොක්ටර් පවන්ට නයිට් ශිෆ්ට් එක තියෙද්දී රෝසිගේ වැඩ ඉවර වෙනකන් ඉදලා රෝසි ආවාමම දෙන්නා එක්ක එකට කෑම ගන්න යන නිසා රෝසි අදත් ගියේ ඩොක්ටර්ගේ කැබින් එකට.

වෙනදට කැබින් එකේ ලයිට් දාලා තිබ්බත් අද කිසිම එළියක් කැබින් එකේ නැති නිසා රෝසි හිතුවේ අද ඩොක්ටර් තමන්ටත් නොකියම නයිට් එක මාරු කරන කියලයි.

කැබින් එකේ දොරට නිකමට වගේ අත තිබ්බ රෝසි අගුල කැරකුවා. රෝසිවත් පුදුම කරලා දොර අරුණ නිසා රෝසි දොර ගාවම තියෙන ලයිට් එක දැම්මේ ඇතුලේ කැලි කපන්න තරම් කරුවලක් තිබ්බ නිසයි.

ලයිට් එකෙන් කාමරේ ආලෝකමත් වෙනවා එක්කම රෝසි දැක්කේ කවදාවත් හීනෙකින්වත් හිතපු නැති දෙයක්. ඩොක්ටර් පවන් කැබින් එකේ සෝෆා එක ලග බිම වැටිලා ඉන්නවා.

"ඩොක්ටර්........" ඩොක්ටර් ගාවට දුවන් ගියපු රෝසි ඩොක්ටර්ව කෙලින් කරලා නැගිට්ටෝලා සෝෆා එකෙන් හාන්සි කෙරෙව්වා.

සෝෆා එක ලග වැටිලා තියෙන බෝතල් වලින් වගේම ඩොක්ටර්ගෙන් එන ගද නිසා රෝසිට තේරුණා ඩොක්ටර් ඉන්නේ හොදටම බීලා කියලා.

ඒත් රෝසිට තිබ්බ එකම ප්‍රශ්නේ මෙච්චර හොදට හිටිය මනුස්සයට බොන්න තරම් මොකද්ද වුනේ කියන එක?

"ඩොක්ටර්......ඩොක්ටර්..." රෝසි ඩොක්ටර්ගේ මූනට තට්ටු කරන ගමන් කතා කරා.

"හ්ම්ම්..."

"ඩොක්ටර් මොකද උනේ? ඇයි මේ?"

"හ්ම්ම්ම්......" තාමත් වෙරි මතේ ඉන්න ඩොක්ටර් පවන් හ්ම්ම් කියනවට ඇරෙන්න නම් වෙන මොකුත් කිවුවේ නැ.

එහෙම්ම ඩොක්ටර්ව සෝෆා එකේ නිදි කරෝලා රෝසි වටේ තිබ්බ බෝතල් ටික සේරම අයින් කරලා. ඩොක්ටර්ගේ හැඩිවෙලා තියෙන කැබින් එක අස් කරන්න ගත්තා.

අස් කරලා ඉවර වෙලා ආයෙත් ඩොක්ටර් ලගට ගිය රෝසි ඩොක්ටර්ව අමාරුවෙන් කෙලින් කරලා සෝෆා එකේ ඉන්දෝලා ඩොක්ටර් ගාවින්ම ඉදගෙන ඩොක්ටර්ව උරහිසට හේත්තු කර ගත්තා.

"පවන්....නැගිටින්නකෝ?....මොකද උනේ? ඇයි ඔයා බීවේ?" රෝසි එක දිගට අහන්න ගත්තේ ඩොක්ටර්ගේ මුන්ට තට්ටු කරන ගමන්.

කලින්ට වඩා වෙරි ටිකක් හිදිලා හිටපු ඩොක්ටර් පවන් එකපාරටම රෝසිව බදාගෙන අඩන්න ගත්තේ පොඩි ළමයෙක් වගේ.

"රෝසි ඇයි එයා එහෙම කරන්නේ? එයා නිසා මට මගේ තාත්තාවත් නැති වුනා.....ඇයි එයා මට මෙහෙම කරන්නේ??? එයා මගේ අම්මා වෙලත්....."

ඩොක්ටර් පවන් කියන කිසි දෙයක් රෝසිට තේරුනේ නැතත් එයා ඉන්නේ ලොකු හිතේ අමාරුවකින් කියලා තේරුනා.රෝසිගේ උරහිසට හේත්තු වෙලා අඩපු ඩොක්ටර් රෝසිගෙන් ඈත් වෙද්දී රෝසිගේ මුළු උරහොසම ඩොක්ටර්ගේ කදුළු වලින් තෙමිලා තිබ්බා.


________________🔥________________


~Manu~

I'M ALSO A WOMAN ✔️✔️जहाँ कहानियाँ रहती हैं। अभी खोजें