11.

296 99 4
                                    


"මොකද්ද දැන් ඔයා කරන්න ඉන්නේ?"

ආපහු තමන්ගේ ඇදුම් ඇදගෙන ආපු ඩොක්ටර් තාමත් ඇදේ බෙක්ෂිට් එක ඇගේ ඔතාගෙන ඇද වියනට හේත්තු වෙලා ඉන්න රෝසිගෙන් ඇහුවේ ඇදේ කොනක ඉද ගන්න ගමනුයි.

"මොකක් ගැනද අහන්නේ?"

"ඔයාගේ ක්ලාස් ගැන"

"ඒ ගැන මොනාද?"

"මොකුත් නොදන්න බබෙක් වගේ හැසිරෙන්න එපා රෝසි. ඔයා දන්නවා මන් කතා කරන දේ"

"නැ.. මට තේරෙන්නේ නැ. මන් ක්ලාස් යනවා. කොහොමහරි A/L කරනවා. පස්සේ....පස්සේ...."

"ඔව් ඉතින්...පස්සේ??..... ඔයා හිතනවද ඔයාට කැම්පස් යන්න පුළුවන් කියලා"

"ඇයි මට බැරි? මන් හොදට පාස් වෙනවා. මට පුළුවන්"

"ඔව් ඔයා පාස් නම් වෙයි තමා. ඒත් ඔයා හිතනවද ගණිකාවක් කැම්පස් එකට ගනී කියලා"

රෝසිට ඇඩුනේ නිරායාසයෙන්. ගණිකාවකට වුනත් මුණටම ගණිකාවක් කිවුවොත් එයාට මොනවා හිතෙයිද? ඇයි මිනිස්සු ඒ ගැන හිතන්නේ නැත්තේ?

මන් කලිනුත් කිවුවා ගණිකාවක් වෙන්න වුනත් හේතුවක් තියෙන්න ඇති ඒ කෙනාට. ගැහැනියක් ආසාවෙන් ගණිකාවක් වෙන්නේ නැ.

ඉතින් ගණිකාවට වුනත් මූනට ගණිකාවක් කිවුවොත් එයාට ආපහු එයාගේ ජිවිතේ ඒ අදුරු දවස මතක් නොවෙවිද? ඇය එහෙම වෙන්න හේතු වුන හේතුව මතක් නොවෙවිද? ඇයට වේදනාවක් දැනෙන්නේ නැති වෙයිද?

ඒ වේදනාව ඇයට දැනෙනවා. රෝසිට ඒ වේදනාව දැනුනා. එයා නොදැන හිර වුන මේ උගුල ගැන ඇය පසුතැවුනා. ඒත් යන්න තැනක්, කන්න දෙයක් නැතිව මතකෙත් නැති අවුරුදු 17ක කෙල්ලෙක් වුන රෝසි එයාගේ අයිතිකාරිය කියලා කිවුව මැඩම් මින් කියන දේ අහන්නේ නැතුව වෙන මොනවා කරන්නද?

ඇය දුක් වෙනවා ඇයට අද ඇගේ තත්වේ නිසා ඇගේ හීනෙට යන්න බැ. ඇයට කාගේවත් ආදරයක් ලබන්න බැ. හොද පවුල් ජිවිතයක් ගත කරන්න බැ.....ඒත් මේවට වැරදි රෝසි ද???

උත්තරයක් තියෙනවද?

"මන් මොකද්ද කරන්න ඕනේ? මට......මට නර්ස් කෙනෙක් වෙන්න ඕනේ" රෝසි අඩනවා. ඇගේ ජිවිතේ මෙහෙම වුන එක ගැන හිතලා අඩනවා.

I'M ALSO A WOMAN ✔️✔️Where stories live. Discover now