13.

270 97 2
                                    


හැමෝම හිතන් හිටියේ රෝසි කියන්නේ කියන්නේ හොද වැදගත් පවුලක කෙල්ලෙක් කියලා. රෝසිගේ හැසිරීම් වගේම හොද ගති නිසා හොස්පිටල් එකේ හැමෝම ඒ දේ ඒ විදිහට් විශ්වාස කරා. ඒ නැතත් ඩොක්ටර් රත්නායකගේ රෙකමන්ඩ් එකකට අනුව රෝසි ආව නිසා එයා ඩොක්ටර්ගේ ලගම නෑයෙක් කියලයි හැමෝම හිතුවේ.

ඒ හේතුව නිසාම රෝසි හුගක් වෙලාවට ඩොක්ටර්ගේ කැබින් එකට යන එක කාටවත් ප්‍රශ්නෙයක් වුනේ නැ. ඒ ඇරත් රෝසිගෙයි ඩොක්ටර්ගෙයි වයස් පරතරේ බැලුවාම තාත්තයි දුවයි වගේ නිසා ඒ ගැන කවුරුත් වැරදියට හිතුවේ නැ.

එකෙන් හොදම වාසිය ගත්තේ නම් ඩොක්ටර් රත්නායක. තමන්ට ඕනේ වෙන හැම වෙලාවකදීම රෝසිව තමන්ගේ කැබින් එකට ගෙන්න ගන්න ඩොක්ටර් හොස්පිටල් එක කියලාවත් බලන්නේ නැතුව වරු ගණන් රෝසි එක්ක කාම රන්ගනේ යෙදුනා.

හුගක් වෙලාවට නයිට් ශිෆ්ට් එකේදී තමා රෝසි මේ කරදරේට මුහුණ දුන්නේ. රෝසිගේ ජිවිතේ අනිත් පැත්ත නිසා එයා ගොඩක්ම වැඩ කරේ උදේ වුනත් කාටවත් සැක ඇති නොවෙන්න ඕනේ නිසා නයිට් එකෙත් ටික ටික වැඩ කරා.

ඒ වගේ දවස් වලට රෝසි බාර් එකේ හිටියත් එකයි හොස්පිටල් එකේ හිටියත් එකයි වගේ තමා හැබැයි. බාර් එකට ගියොත් රෑට වෙන මිනිහෙක් එක්ක ඉන්න වෙනවා වගේම හොස්පිටල් එකේ හිටියොත් ඩොක්ටර් එක්ක ඉන්න වෙනවා. ඉතින් වෙනසක් නැ. කොහොමත් නිදහසක් තිබ්බේ නැ.

මැඩම් මින් නම් රෝසි නයිට් එකට හොස්පිටල් එකේ ඉන්නවට කැමති වුනේ නැ. මොකද එකෙන් එයාගේ බිස්නස් හොදටම බහිනවානේ. ඉතින් ඒ දවස් වලට හරි යන්න රෝසිට එයාගේ පඩියෙන් කොටසක් මැඩම් මින්ට දෙන්න වුනා. 

උදේට හොස්පිටල් එකේ නැහීගෙන වැඩ කරන රෝසි රෑට පිරිමින්ගේ ආශාවන් සංසිදවන්න ඕනේ. එයාට දැන් රස්සාවක්, ජිවත් වෙන්න සල්ලි ටිකක් තිබ්බත් බාර් එකෙන් එයාට යන්න පුළුවන් වුනේ නැ.

මැඩම් මින් රෝසිගේ ඇත්ත හොස්පිටල් එකට කියලා එයාගේ රස්සාව නැති කරනවා කිවුව නිසා රෝසිට බාර් එකෙන් අයින් වෙන්න බැරි වුනා. එයා අයින් වෙලා වෙන කොහෙට හරි ගියත් එයාට රස්සාවක් නැතුව ජිවත් වෙන්න පුළුවන්කමක් තිබ්බේ නැ.

ඒ ඇරත් රෝසිට බාර් එකේ දාලා යන්න බැරි කෙනෙක් හිටියා. දුකේදී එයාගේ ලග හිටිය එයාගේ සහෝදරයා වගේ වුන පීටර්ව ඒ ගිනිගොඩේ තනි කරලා යන්න රෝසිට පුළුවන් වුනේ නැ.

ඒත් කවදා හරි පීටර්වත් අරන් මෙතනින් යනවා කියලා හිතපු රෝසි එයාගේ පඩිය ටික ටික කාටත් හොරා ඉතුරු කරා.


________________🔥_________________

කලින් චැප් එකකදී මන් කිවුවා මතක කෙනෙක් දෙයකට ඇබ්බැහි වුනොත් එකෙන් ගැලවෙන්න අමාරුයි කියලා. මන් ඇහුවා නේද රෝසි නර්ස් කෙනෙක් උනත් එයාට බාර් එක දාලා යන්න පුළුවන් වෙයිද කියලා??

රෝසි මේ දේට ඇබ්බැහි වෙලා නැතුව ඇති. ඒත් එයාට බාර් එක දාලා යන්න විදිහක් නැ. මොකද එයා එතනින් එහා තැනක් දන්නේ නැ. හිතනවද ගණිකාවක් විදිහට ජිවත් වුන කෙනෙක්ට සමාජට යන්න ලේසි කියලා.

කෙනෙක් කියන්න පුළුවන් ඔච්චරම අකමැති නම් ඇයි ඔතනින් පැනලා යන්නේ නැත්තේ කියලා. ඒත් නිකමටවත් හිතලා බැලුවද ඒ කෙනා එතනින් ගියොත් එයාට ජිවත් වෙන්න පුලුවන්ද කියලා?

එයාට සමාජෙට ගිහින් රස්සාවක් කරන්න පුළුවන් වෙයිද? එයාගේ අතීතේ ගැන ඇහුවාම මොනාද කියන්නේ?

සමහරවිට ඒ නිසාම වෙන්න ඇති එයාලට ඒ දේ අතහරින්න බැරි.... මේ වගේ දෙයක් ගැන හිතලා තිබ්බාද? ගැහැනියක් විදිහට ඒ කෙනා ජිවිතේ තනියම කොහොම ගෙවයිද කියලා?

හිතන්න දෙයක් මේකෙන් ගන්න. නිකන් කියවන් යන්නේ නැතුව. හැමවෙලේම කාසියේ එක පැත්තක් විතරක් නෙමේ දෙපැත්තම ගැන බලන්න.


~Manu~

I'M ALSO A WOMAN ✔️✔️Where stories live. Discover now