5.

370 128 10
                                    


"රෝසි ඔයා හොදින්ද?" රෝසිව පිළිගන්න වෙනදා වගේම පීටර් ආවා. "ඔයාට කරදයක් උනේ නැ නේද?" ඒ මිනිහා ඔයාට ආයෙත් වද දුන්නද? ඇග රිදෙනවද?.." රෝසිගේ මූනේ ඇදුනේ අව්‍යාජ හිනාවක්. ඇය ගැන හොයලා බලන කෙනෙක් ඉන්න එකට ඇය සතුටු උනා. රෝසිට ඉන්න එකම නෑයා, සහෝදරයා, යාළුවා ඒ වගේම ඇගේ පවුල උනේ ඔහුයි. "මන් හොදින්... මේ පේනවානේ.." රෝසි හිනා වෙන්නම වටයක් කැරකිලා තමන් හොදින් බව පීටර්ට පෙන්නුවා. ඒත් ඇය ඇත්තටම හිටියේ හොදින් නෙමේ. රෝසිගේ ඇගේ හැම අගලක්ම වේදනාවෙන් රිදුම් දුන්නා.

"ඔයා ගැන මන් ගොඩක් බය උනා රෝසි.." ඇස් දෙකේ කදුළු පුරවාගෙන රෝසි දෙස බලාගෙන පීටර් කියන කොට රෝසිටත් කදුළු ආවා. පීටර් තරම් වෙන කවුරුත් ඇය ගැන වද වෙන්නේ නැ. ආහ්හ් නැ ඇයි මැඩම් මින්... එයත් රෝසි ගැන වඩා වෙනවා. නැ නැ රෝසි ගැන නෙමේ රෝසිගේ ඇග ගැන වද වෙන්නේ.. "දැන් ඇති පීටර්. මට මොකුත් නැ. ඔයාට මොකෝ උනේ කියන්නකෝ? මන් ගියාට පස්සේ කවුරු හරි හම්බුනාද? " රෝසි කියන කොට පීටර් ලජ්ජාවෙන් ඇඹරෙන්න ගත්තා. "ඔහ්හ්හ්හ්හ් පීටර් ඒ කියන්නේ කොල්ලට වැඩේ හරි ගිහින් වගේ... කවුද ඒ?.." පීටර්ගේ කතාව අහන්න පීටර් එක්කම කාමරේ ඇදෙන් ඉද ගත්ත රෝසි පිටර් කතාව පටන් ගන්නකන් බලන් හිටියා.

"එයා ගොඩක් ලස්සන කෙනෙක් රෝසි. ගොඩක් හැන්ඩ්සම්... එයා......" පීටර් කියන්න හදනකොටම

"පීටර් ඔයාට කස්ටමර් කෙනෙක් ඉන්නවා." රෝසිගේ කාමරේට ආපු මැඩම් මින් කිවුව දේ නිසා රෝසිත් පීටරුත් දෙන්නම පුදුම උනා. මොකද දවල් වේලාවට එයාලට කස්ටමර්ස්ලා එනවා අඩුයි. එකත් සදුදට කොහොමත් නැ. "මේ වෙලාවේ කවුද මැඩම් මින්?" පුදුමෙන් ඉන්න පීටර් රෝසිගේ මුන දිහා බලාගෙන මැඩම් මින්ගෙන් ඇහුවා.

"මිසිස් වීරකෝන්..." මැඩම් මින්ගෙන් ඒ නම පිට වෙනවත් එකක්ම පීටර් බයෙන් හැකිලුනා. රෝසි දන්නවා පීටර් මිසිස් වීරකෝන්ට කොච්චර බයද කියලා. මිසිස් වීරකෝන් කියන්නේ පීටර්ගේ බය, දුර්වලතාවය... "අනේ මැඩම් මින්... මන් නැ කියන්නකෝ. මට ගොඩක් මහන්සි. අනේ මට එයා ගාවට යන්න බැ මැඩම් මින්.." පීටර් අඩන්න ගත්තේ රෝසිගේ ඇගේ වේදනාවට වඩා හිතේ වේදනාව වැඩි කරමින්.

"මෙන්න මෙහෙ එනවා මගෙන් මොකුත් අහගන්නේ නැතුව. මිසිස් වීරකෝන් අපිට කොච්චර වැදගත්ද කියලා දන්නවානේ... දැන් තමුසේ ආවේ නැත්තම් මන් ඇදගෙන යන්නේ..." කියපු ක්ෂණයෙන් පීටර්ව ඇදගෙන මැඩම් මින් රෝසිගේ කාමරෙන් එලියට ගියා.


____________________🔥____________________


~Manu~

I'M ALSO A WOMAN ✔️✔️Where stories live. Discover now