25.

253 95 8
                                    


වසර 28කට පසු...

"ඩොක්ටර්.....ඩොක්ටර්...." ලිලී තමන්ගේ කැබින් එකට ගියේ උදේ ඉදලා තිබ්බ සර්ජරි නිසා දැනුන මහන්සියට ටිකක් නිදහසේ ඉන්න කියලයි. ඒත් ලිලීට කැබින් එකේ දොරන් ඇතුලෙට යන්න හම්බුනේ නැත්තේ තමන්ට කතා කරමින් හති දදා දුවන් එන ලිලීගේ වොර්ඩ් එකේ නර්ස් කෙනෙක් නිසයි.

"මේ මොකෝ?.."

"ඩොක්ටර් ඉමජන්සි එකක්..." නර්ස් හති දදා කිවුවා.

"වෙන ඩොක්ටර්ස්ලා නැද්ද?"

"ඩොක්ටර් නුවන් විතරයි ඉන්නේ ඩොක්ටර්"

"හරි යන්" විවේක ගන්න එක පස්සට දාලා ලිලී ගියේ තමන්ගේ යුතුකම ඉෂ්ඨ කරන්න.

_____________________✍️

"වෙල්ඩන් ගයිස්. හැමෝම හොදට කරා"

පැය 3කටත් අධික වෙලාවක් ඔපරේෂන් එකේ නිරත වුන ඩොක්ටර් නුවන් ඇතුළු කට්ටියට තෑන්ක් කරපු ලිලී ICU එකෙන් එලියට ආවේ ලේ ගෑවිලා තියෙන ඇදුම් අයින් කරන ගමනුයි.

"ඩොක්ටර් ගොඩක් හොදට වැඩේ කරා" ලිලීත් එක්කම එලියට ආපු ඩොක්ටර් නුවන් කිවුවේ ඔහුගේත් ලේ ඇදුම් ගලවලා ඩස්පින් එකට දාන ගමනුයි.

"ඔයත්. ඇත්තටම ඔයා හිටියේ නැත්තම් වැඩේ මට අමාරු වෙන්න තිබ්බා." ලිලී කිවුවේ හිනා වෙන ගමනුයි.

"ඩොක්ටර්...ඔය දෙන්නාට චිෆ් ඩොක්ටර් කතා කරා"

ලිලීයි නුවනුයි ඉන්න තැනට ආපු නර්ස් කෙනෙක් එහෙම කියලා යන්න ගියාම ලිලීයි නුවනුයි චිෆ් ඩොක්ටර්ගේ කැබින් එකට යන්න පිටත් උනා.

"ඇයි දන්නේ නැ තාත්තා එන්න කිවුවේ?"

"චිෆ් ඩොක්ටර් ඔයාගේ තාත්තාද?" ලිලී ඇහුවේ කිසිම ගානක් නැතුව කිවුව නුවන්ගෙනුයි.

"ආහ්හ්..ඔව්...මන් නුවන් වීරකෝන්. ඩොක්ටර් පවන් වීරකෝන්ගේ පුතා" නුවන් කිවුවේ ලිලීට හිනාවක් දාලයි.

"මන් දැනන් හිටියේ නැනේ ඩොක්ටර් වීරකෝන්ට මෙච්චර ලොකු පුතෙක් ඉන්නවා කියලා. ඔයාගේ වයස කියාද ඩොක්ටර්?"

I'M ALSO A WOMAN ✔️✔️जहाँ कहानियाँ रहती हैं। अभी खोजें