15.

264 93 3
                                    


රෝසි කියන්නෙත් මනුස්සයෙක්. ගැහැනියක්. ඇයටත් අන් අයට වගේම හැගීම් තියෙනවා. ඇය මුදලට විකිණුනාට ඇයටත් හදවතක් තියෙනවා. ඉතින් ඇය ආදරේ කරන එක වැරදිද?

ඩොක්ටර් පවන්ට රෝසි ගැන මතකයක් තිබ්බේ නැ. ඒත් එයාට රෝසි ගැන කැමැත්තක් තිබ්බා. රෝසි ගොඩක් හොදට වැඩ කරන කෙනෙක්. ළමයි එක්ක වුනත් හරි එකතුයි.

රෝසි ගැන කියන්න තරම් කිසිම වැරැද්දක් තිබ්බෙත් නැ. රෝසිට ඉරිසියා කරපු දෙතුන් දෙනෙක් නම් රෝසියි ඩොක්ටර් රත්නයකයි ගැන එක එක දේවල් කියලා තිබ්බාට ඒ ගැන හරියට ඔප්පු කරන්න පුළුවන් කමක් තිබ්බේ නැ.

ඒ නැතත් රෝසියි ඩොක්ටර්යි නෑදෑයෝ කියලා හිතපු නිසා ඒ දේවල් හොස්පිටල් එකේ වැඩිය පැතිරුනේ නැ. ඇරත් මේන් ඩොක්ටර් ගැන ඔහොම දේවල් කිවුවොත් රස්සාව නැති වෙයි කියන බය නිසා කටකතා වැඩිය පැතිරුනේ නැ.

ඒ වෙනුවට පැතිරුනේ ඩොක්ටර් නෑදෑයෙක් වුනත් රෝසිට ලොකු තනතුරක් දෙන්නේ නැතුව ඇටෙන්ඩනට් කෙනෙක්ගේ රස්සාවක් දුන්න නිසා ඩොක්ටර් ගැන හොද විතරයි.

කවුරුත් ඇත්ත දැනන් හිටියේ නැති නිසා අනිත් කටකතා කිසිම් දෙයක් ලොකුවට පැතිරුනේ නැ. ඩොක්ටර් පවන් වුනත් තමන්ගේ චිෆ් ඩොක්ටර් ගැන තියන් හිටියේ හොද ප්‍රතිරූපයක් නිසා එයා රෝසි ගැන කියන දේවල් විශ්වාස කලේ නැ. 

තමන් එක්ක නිතරම වැඩ කරන කෙනා එක්ක ආදරෙන් බැදෙන එක සාමාන්‍යයිනේ. නිතරම ඒ කෙනාව දකින කොට හිතේ තියෙන හැගීම් එලියට එනවා. ඒ ඇරත් රෝසි කියන්නේ ගොඩක් ලස්සන කෙල්ලෙක් ඉතින් ඒ වගේ කෙල්ලෙක් ගැන කැමැත්තක් ඇති වීම සාමන්‍යය දෙයක්.

ඩොක්ටර් පවන්ගේ හිතෙත් රෝසි ගැන ඒ වගේ කැමැත්තක් තිබ්බා. එයා රෝසි ගැන ගොඩක් දේවල් දන්නේ නැති වුනත් හැමෝම කියන විදිහට රෝසි ගොඩක් හොද පවුලක කෙනෙක් වෙන්න ඇති කියලා හිතුවා.

ඒ නිසාම දෙපාරක් හිතන්නේ නැතුව ඩොක්ටර් පවන් එයාගේ හිතේ රෝසි ගැන තියෙන දේ රෝසිට කිවුවා. ඩොක්ටර්ට උනත් තේරිලා තිබ්බා එයාට කැමැත්තක් තියෙනවා කියලා. ඒ නිසාම කිසිම බයක් නැතුව තමන්ගේ ආදරේ රෝසිට ප්‍රකාශ කරා.

රෝසි වැඩක් නැති හැමවෙලේම වගේ හිටියේ ළමයින්ගේ වාට්ටුවේ පොඩි අයත් එක්ක හුරතල් වේවී. රෝසිව හොයන් හොස්පිටල් එක වටේම ගිය ඩොක්ටර් පවන් ළමයි එක්ක ඉන්න රෝසිව දැකලා එයා ලගට ගියා.

"මිස් රෝසි මට ටිකක් කතා කරන්න පුලුවන්ද?"

"ඔව් කියන්න ඩොක්ටර්" ළමයින්ගෙන් ටිකක් ඈත් කියලා අතින් සන් කරලා ඈත් වුන ඩොක්ටර් ගාවට ගිය රෝසි කිවුවා.

"රෝසි මන් ගැන වැරදියට හිතන්න එපා. ඒත් මන් ඔයාට කැමති. හදිස්සියක් නැ හිමිට හිතලා උත්තරයක් දෙන්න"

සන්සුන්ව තමන්ට කැමැත්ත ප්‍රකාශ කරන ඩොක්ටර් දිහා රෝසි බලන් හිටියේ ගොඩක් පුදුමයෙන්.

"නැ මන් කැමති ඩොක්ටර්. මාත් ඔයාට කැමති"

ජිවිතේට ආදරේ ලබලා නැති රෝසි පලවෙනි පාරට කෙනෙක්ට ආදරේ කරේ. ඒ කෙනත් තමන්ට ආදරේ කරලා කියලා දැන ගත්තාම එක පාරටම වුනත් රෝසි තමන්ගේ අදහස කිවුව එක වැරදිද?

එයාට ඒ ගැන අද්දැකීමක් නැ. ඒත් එයාට ඒ හැගීම විදින්න ඕනේ. තමන් පරක්කු වුනොත් ඒ ආදරේ නැති වෙයි කියන බය රෝසිගේ හිතට ආපු නිසා එයා ඉක්මන් වුනා. ඒත් ආදරේ නොලබපු කෙනෙක් එහෙම ඉක්මන් වෙන එක වැරදිද? 


________________🔥________________


~Manu~

I'M ALSO A WOMAN ✔️✔️Where stories live. Discover now