23.

238 97 8
                                    


සති දෙකක් ගෙවිලා ගියේ ගොඩක් දේවල් වෙනස් කරලා. විශේෂයෙන් රෝසිගේ ජිවිතේ. එදා ඒ සිද්දියෙන් පස්සේ නොසිතු ලෙස ඩොක්ටර් පවන් රෝසිව මග හරින්න ගත්තා.

රෝසිට මේ සති දෙකේම නයිට් ශිෆ්ට් එක තිබ්බත් ඩොක්ටර් මේ සති දෙකදී එක නයිට් ශිෆ්ට් එකක්වත් කරේ නැ. පුළුවන් තරම් රෝසිගෙන් ඈත් වෙලා හිටියා.

බැරිවෙලාවත් රෝසිව මුනට දැක්කත් ඉක්මනින් එතනින් ගියේ රෝසිට වචනයක්වත් කතා කරන්න නොදී. මේකෙන් උනේ රෝසි හොදටම මානසිකව වැටෙන එකයි. ජිවිතේ පලවෙනි පාරට හම්බුනා ආදරේ එයාව ප්‍රතික්ෂේප කරන නිසා රෝසි හිටියේ ලොකු මානසික පිඩනෙකින්.

මේ කාලය තුලදී රෝසිට බාර් එකේ වැඩ කරන්න උනේ නැති වුනත් මේ දේවල් නිසා හිතට දැනෙන වේදනාවත්, ඇගට දැනෙන අමුතු වේදනාවත්, කෑමබීම පවා රෝසිට එපා වෙද්දී රෝසි වෙන කවරදාටත් වඩා බොහෝ දුර්වල වුනා.

අද ආපහු තමන්ගේ වැඩ ඉවර කරලා ඩොක්ටර් රත්නායක හොස්පිටල් එකට ආවේ රෝසිගේ හිතට තවත් බරක් එකතු කරලයි. එදා පවන්ගෙන් පස්සේ මේ වෙනකන් වෙන කිසිම පිරිමියෙක් රෝසිව අල්ලුවෙවත් නැ. ඒ නිසා ඩොක්ටර් රත්නායක ආපහු ආව එක ඇහුව රෝසිට එයාගේ හිතේ වේදනාව වැඩි වෙන්න මහා ලොකු වෙලාවක් ගියේ නැ.

ඩොක්ටර් රත්නායක ආපු ගමන් රෝසිට තමන්ගේ කැබින් එකට එන්න කියලා තිබ්බේ රෝසිගේ බය වැඩි කරමින්. ඒත් කරන්න දෙයක් නැති නිසා රෝසි ඩොක්ටර්ගේ කැබින් එකට ගියා.

රෝසි ඩොක්ටර්ගේ කැබින එකට එනවාත් සමගම රෝසිව ඇදලා ගත්ත ඩොක්ටර් රත්නායක වියරුවෙන් වගේ රෝසිව සිප ගත්තේ රෝසිගේ දැඩි විරෝධය මැද්දේ. පවන්ගෙන් පස්සේ වෙනත් පිරිමියෙක් ලගටවත් යන්න රෝසි කැමති වුනේ නැ.

ඒ නිසා රෝසි පුළුවන් තරම් හැදුවේ ඩොක්ටර්ව තමන්ගෙන් ඈතට තල්ලු කරන්නයි. හැබැයි නොසිතු ලෙස එකෙන් උනේ ඩොක්ටර්ගේ කේන්තිය ඇවිස්සුන එකයි.

චටාස්..........

ඩොක්ටර්ගේ වේදනාත්මක කම්මුල් පහරින් රෝසි බිමට වැටුනේ කම්මුලත් අල්ලන්මයි. පහරේ සැර නිසාමද කොහෙද රෝසිගෙන් කදුළු ගලන්න ගත්තේ එයාටත් නොදැනීමයි.

"තෝ බැ##........මට විරුද්ද වෙනවද? හිටියේ නැති දවස් ටිකට කුමාරිහාමු ගිහින් තියෙන උඩ. මට කරන්න් පුළුවන් දේවල් දන්නවානේ......"

රෝසිගේ කොන්ඩෙන් අල්ලන් තමන්ගේ මූනට ලං කරගෙන කිවුව ඩොක්ටර් රත්නායක දවල් කියලාවත් බලන්නේ නැතුව රෝසිගේ කෑ ගැහිල්ල මැද්දේ එයාගේ ඇදුම් ගලවන්න ගත්තා.

රෝසි කොච්චර උත්සහ කරත් රෝසිට ඩොක්ටර්ගෙන් ගැලවෙන්න බැරි උනේ මේ දවස් ටිකේම තිබ්බ වේදනාවල් එක්ක රෝසි ගොඩක් දුර්වල වෙලා හිටිය නිසා.

"ඩොක්ටර් මේ ෆයිල් ටික........."

හදිස්සියේම කැබින් එකේ දොරත් ඇරගෙන ඇතුලට ආපු ඩොක්ටර් පවන් දැක්කේ තමන්ගේ ආදරවන්තිගේ ඇදුමෙන් අල්ලන් එයාට කරදර කරන්න යන චිෆ් ඩොක්ටර්ව.

ෆයිල් එකකත් බිමද අතහැරපු පවන් ඩොක්ටර් ගාවට ගිහින් එයාගේ ෂර්ට් එකෙන් ඇදලා අරන් ගැහුවේ නහය කැඩිලා ලේ එන්නමයි.

"ඇහ්හ් බල්ලෝ තෝ මගේ කෙල්ලට අත තිබ්බේ කොහොමද? තෝ වේ## පුතා මන් අද තෝව මරනවා..."

හයියෙන් කෑ ගහමින් පවන් ඩොක්ටර්ට ගහගෙන ගියේ රෝසි කැබින් එකේ බිම ඉදගෙන තමන්ගේ අවුල් වුන ඇදුම අතින් හදන ගමන් අඩ අඩ ඉද්දියි.

"තොගේ කෙල්ල. මේකි සල්ලි වලට පිරිමි එක්ක ඉන්න වේ##ක්. තෝ මොනවද දන්නේ...."

පවන්ගෙන් ඈත් වෙන ගමන් පවන් දිහාට මරණීය බැල්මක් දාගෙන ඩොක්ටර් කීව දෙයින් උනේ පවන්ගේ තරහ තවත් වැඩි උන එකයි.

"මොකද්ද යකෝ තෝ ඒ කිවුවේ......." ඩොක්ටර්ගේ ෂර්ට් එකෙන් අල්ලාගෙන මුණ ලගට ලං කරන පවන් ඇහුවේ ගොඩක් ලොකු කේන්තියකින්.

"අහපිය තොගේ මහ ලොකු කෙල්ලගෙන්ම මේ වෙනකොට පිරිමි කීයකට යට වුනාද කියලා" පවන් ගහපුවට තොල පැලිලා ලේ එද්දී කටට ආපු ලේ ටික කටින් එලියට දාන ගමන් නෝන්ජලේට වගේ හිනාවෙමින් ඩොක්ටර් කියද්දී පවන් එක පාරටම බැලුවේ රෝසි දිහා.


______________🔥_______________


~Manu~

I'M ALSO A WOMAN ✔️✔️Waar verhalen tot leven komen. Ontdek het nu