....තනුව.... හැට තුන්වන වෙළුම

1.1K 96 77
                                    

                   
                  ( අවසන් වෙළුම)

ඩොක්ටර් ආව විදිහට අපි ටිකක් කලබල වුනා.

"ඔයාලට කියන්ම දෙයක් තියනවා.අර ගෙනාව කෙනාට සිහිය ආවා."

"ටකේශට සිහිය ආවද?" රශ්මින අයියා ඇහුවා.

"ඔව්"

"මොකඩ්ජ එයාගෙ තත්වෙ?"

"එයාර් බෑග් එක පිම්බුන නිසා ලොකු හානියක් වෙලා නෑ. පොඩි තුවාල කීපයක් විතරයි තියෙන්නෙ"

"එහෙනම් ගොඩක් හොඳයි." ආපහු ආව ඉන්ස්පෙක්ටර් කිව්වා.දැන් හුඟක් රෑ වෙලා ඔයා ගෙදර යන්න.මෙතන ඉඳන් වැඩ මන් බලාගන්නම්."

"ඕනෙ නෑ සර්.මට ටකේශා අක්කාව බලන්න ඕනෙ.මාත් එක්ක තිබ්බ තරහට ඇක්සිඩන්ට් කලාට තනුිර අයියට තමයි ලොකුම ප්‍රශ්නෙ වුනේ.එයාට කරපු දේට නම් මන් එයාට දෙකක් කියන්නම  ඕනෙ." මම කිව්වෙ තරහෙන්.

"දැන් ඒකට වෙලාව නෙවෙයි.ඊට කලින් අපිට විසඳගන්න ප්‍රශ්න කීපයක්ම තියන්වා." ඉන්ස්පෙක්ටර් කිව්වෙ මන් දිහා බලමින්. "අපි එයාගෙන් ප්‍රශ්න කරන්න ඕනෙ. අනික අපි දයාරත්න අල්ලගන්නත් ඕනෙ.ඒවා ඉවරවුනාට පස්සෙ අපිට පුළුවන් ඕන දෙයක් කරන්න."

අකමැත්තෙන් වුනත් මම ඒකට එකඟ වුනා.මම ගෙදර ගියෙ තනුර අයියව බලන්න විනාඩි කීපයකට නතර වෙලා.එ එක්කම ඩොක්ට මට කිව්වෙ තනුර අයියට ඉක්මනින්ම සිහිය එයි කියලා.ඒ සතුටත් අරගෙන රශ්මින අයියත් එක්කම මන් ගෙදර ගියෙ දයාරත්න අන්කල් අල්ලගන්න පුළුවන් වෙයිද නැද්ද කියලා කල්පනා කරමින්.

තනුර අයියගෙ තාත්තා රශ්මින අයියව පිලිගත්තෙ ලොකු කැමැත්තකින්.කලින් එයා නිසා මොනව සිද්දවුනත් අන්තිමට තනුර අයිය්ව බේරගන්න රශ්මින අයියා ඉදිරිපත් වුන එක ගැන එයා සතුටුවුනා.

මම ඇඳට බරවුනේ ලොකු සැහැල්ලුවකින්.හිතේ තිබුන එක බරක් නිදහස් වුන එක මට මාර සහනයක් වුනා.දයාරත්න අන්කල්වත් අල්ලගත්තට පස්සෙ අපෙ ජීවිතේ හැමදේම හරියාවි කියලා මට හිතුනා.තනුර අයියත් මේ වෙලාවෙ හිටියනම් මොනවගේ දෙයක් වෙයිද කියලත් මට හිතුනා.ඒත් අම්මගෙ මරණයත් තමන් විශ්වාස කරපු හොඳම යාළුවගෙ ද්‍රෝහිකමත් එයාට ලොකුවට බලපෑම් කරන්න ඉඩ තිබුනා.මං මේ කල්පනා ලෝකෙ ගිලිලා ඉන්නකොට රශ්මින අයියා මගෙ කල්පනාවට බාධා කලා.

තනුවWhere stories live. Discover now