....🎶තනුව🎶... පනස් තුන්වන වෙළුම...

275 57 7
                                    


             

එදා හවස තනුර අයියගෙ අම්මලා ආපහු ආවා.මම බයේ හිටියෙ එයාලා මේ මොනව හරි දැනගනී කියලා.ඒත් තනුර අයියගෙ තාත්වික රඟපෑම් එක්ක අපි කරපු හැමදේම යටපත් වුනා.පහුවදා සුපුරුදු පරිදි මට උණ ගැනුනත් මම ඒක වැඩිය පෙන්නුවෙ නැත්තෙ තනුර අයියගෙ තාත්තා දැනගනී කියන බයට.

කොහොම හරි දවස් ගානක් ගතවුනා. ටකේශා අක්කත් ආව නිසා තනුර අයියටත් මටත් තනියම ඉන්න තිබුන කාලය අඩුවුනා.මාර්තු 29 දවස උදාවුනෙ වේගෙන්.එදා තනුර අයියා වෙනුවෙන් තිබුන පාටි එක කවදාවත් මම දැකලා නැතිතරම් ලොකු එකක්.එදා එයාගෙ යාළුවො සෑහෙන්න ආව නිසා මම එයාගෙන් ඈතට ඉබේම තල්ලු වුනා.ඒත් තනුර අයියගෙ සතුට දිහා බලලා මන් සතුටු වුනා.ඒත් ඒ උපන්දිනය අපි දෙන්නගෙ ජීවිත සෑහෙන වෙනස් අතකට හරවලා දැම්මා.ජීවිතේ තිබුන ලොකුම රහස එලිවෙන්න ඒ දවස හේතුවක් වුනා.උපන් දිනේ දවසෙ පාර්ටි එක ඉවරවුනාට පස්සෙ සිද්දවුනේ අපි කවදාවත් නොහිතපු දෙයක්.

"මට ඔයාලට කියන්න විශේෂ දෙයක් තියනවා." තනුර අයියගෙ අම්මා කියනකොට අපි හැමෝම ඒ පැත්තට හැරුනෙ කුතුහලයෙන්.

"මොකද්ද අම්මෙ?" තනුර අයියා ඇහුවා.

"ආ හා ඉලන්දාරියා. අපි ඔයා වෙනුවෙන් ලොකුම තෑග්ගක් ලෑස්ති කරලා තියෙන්නෙ"

"මොකද්ද ඒ ඇන්ටි?" මම ඇහුවා.

"ඔන්න ඔයාලා පුදුම වෙයි මේක කිව්වම." මගෙ අම්මා කිව්වෙ මාවත් පුදුමයට පත් කරමින්.

"ඔයත් දන්නවද?" මම ඇහුවා.

"ඔව් පුතේ. ඔන්න බලන්නකො. "

"තනුරට දැන් අවුරුදු 25 නෙ. ඉතින් අපි හිතුවා තනුරගෙ ජීවිතේ ලොකුම වෙනස ඇතිකරන්න." තනුර අයියගෙ අම්මා කිව්වා.

"මොකද්ද අම්මෙ? අගේ නොකර කියන්නකො?" තනුර අයියා කිව්වෙ හදිසියකින් වගේ.

"ඔන්න පුතේ ඔයාගෙ හොඳ යාළුවෙක් වුන ටකේශා මුළු ජීවිට කාලෙටම ඔයා එක්ක ඉන්නයි යන්නෙ" තනුර අයියගෙ අම්මා කිව්වෙ සතුටින් හිනාවෙමින්.
මට දැනුනෙ මගෙ වටේ අකුණු පුපුරනව වගේ.

"ඒ කිව්වෙ මොකද්ද ඇන්ටි?" මම ඇහුවෙ වෙව්ලන කටහඬින්.

"අනේ කොල්ලො. ඇන්ටි කිව්වෙ ටකේශා තනුරගෙ මනමාලි වෙනවා කියලා.ඔයාගෙ තනුර අයියා කසාද බඳින්නයි යන්නෙ" අම්මා කිව්වම මන් ගොඩක් කලබල වුනා.ඒ වගේම තනුර අයියත් කලබල වුනා කියලා මන් දැක්කෙ එයාගෙ ඇස් පුදුමයෙන් මහත් වෙනවා දැක්කමයි.ටකේශා අක්කා තනුර අයියගෙ අතින් අල්ලගත්තත් තනුර අයියා හෙලවුනෙවත් නෑ.

තනුවWhere stories live. Discover now