....තනුව.... නමවන වෙළුම...

774 142 5
                                    


                     

කෝල් එක ආන්ස්වර් කරනවද නැද්ද කියලා කල්පනා කරත් හදිසි එකක්ද දන්නෑ කියලා මන් බැලුවා. කෝල් එක තනුර අයියගෙන්.මන් ෆෝන් එක ආන්ස්වර් කලා.

"හෙලෝ" මන් හංගන්න උත්සහ කලත් මගෙ කටහඬ වෙවුලන බව මට දැනුනා.

"හෙලෝ අභී?"

"ඔව් අයියෙ කියන්න"

"ඊයෙ මට කෝල් එකක්වත් ගන්න බැරිවුනා.ඒක නෙවෙයි මන් හොඳ ඩොක්ට කෙනෙක්ව හොයා ගත්තා.චාරුගෙ අම්මව හොඳ කරන්න පුලුවන් වෙයි."

"ඒත් අයියෙ මන්..."

"හා හා මන් දන්නව මොකද්ද කියන්න යන්නෙ කියලා." තනුර අයියා මට කියන්න ගිය දේ කියන්න දෙන්නෙ නැතුව කතා කලා.
"මට ඒක කරදරයක් නෙවෙයි"

"ඒක නෙවෙයි අයියෙ.දැන් මොන ඩොක්ටර්ටවත් එයාව හොඳ කරන්න බෑ"

"ඒ මොකද? මන් කියනවට මෙයාව හම්බවෙලා බලන්නකො"

"අයියෙ චාරුගෙ අම්මා...." මන් කතාව ටිකකට නතර කරලා මට තුරුලුවෙලා අඬන චාරු දිහා බැලුවා.

"මොකද උනේ මල්ලි, සේරම හොඳින් නේද?"

"නෑ අයියෙ හැමදේම ඉවර වුනා.චාරුගෙ අම්මා අපිව දාලා ගියා." මම කිව්වා.

"මොකක්?" තනුර අයියටත් ඒක නරක ප්‍රවෘත්තියක් වුනා වගේ.එයත් ටිකක් වෙලා යනකන් නිහඬ වුනා.

"ඔයාල කොහෙද ඉන්නෙ?"

"හොස්පිට්ල් එකේ"

"මම ඔතනට එනවා.ටිකක් ඉන්න" තනුර අයියා ෆෝන් එක තිබ්බා.

මන් චාරුව එක්කගෙන එතන තිබුනු පුටුවක වාඩි වුනා.එයාගෙ හිතේ දුක අඩුවෙන්න මට කරන්න පුලුවන් දෙයක් තිබුනෙ නෑ.එයාගෙ දුක මට තේරුම්ගන්න පුලුවන්.මටත් අයියා නැතිවුන වෙලාවෙ දැනුන වේදනාව එයාටත් ඒ විදිහටම දැනෙනව ඇති කියලා මට හිතුනා.මන් මොකුත් නොකියා චාරුගෙ ඔලුව අතගෑවා.

ටික වෙලාවකින් තනුර අයියත් එතනට ආවා.හොස්පිට්ල් එකේ කරන්න තිබුනු වැඩ වල ඉදලා මලගෙදර වෙනක්න් එයා ගොඩක් උදව් කලා. පහුවදා ගෙදරට මිනිය අරන් ආවටත් පස්සෙ හැමදේම ටිකක් සාමකාමී වුනත් චාරුගෙ ඇස් වලින් ගලන කඳුළුවල නැවතීමක් තිබ්බෙ නෑ.

තනුවWhere stories live. Discover now