....🎶තනුව🎶.... තිස් දෙවන වෙළුම...

380 75 1
                                    


                
රශ්මින අයියා කියන්න යන දේ අහන්න මන් හිටියෙ ලොකු නොයිවසිල්ලකින්.මම එයාට ඒක කියන්න කියලා හදිසි කලා.

"කියන්න ඒ මොකද්ද?" මන් ඇහුවා.

"මේක කියන්න කලින් කියන්න දෙයක් තියනවා.නැත්තම් ඔයා මාව වැරදියට තේරුම් ගනී"

"වෙන මොකුත් ඕනෙ නෑ.මට කියන්න මොකද්ද තනුර අයියව එලියට ගන්න කරන්න පුලුවන්."

"මන් කියන දේ අහන්න."රශ්මින ටිකක් තදින් කිව්වා.මන් තවත් මේ විදිහට එයා එක්ක වාද කලොත් වෙන්නෙ සාක්ශි ගැන දැනගන්න වෙලා යන එක විතරයි.ඒ නිසා මම එකඟ වුනා.

"හරි කියන්න" මන් කිව්වා.

"හරි" රශ්මින සුසුමක් හෙලන ගමන් මන් දිහා බැලුවා.
"මල්ලි, මන් උඹව අතාරින්න හිතුවෙ නෑ.ඇත්තටම උඹ මට ගොඩක් ආදරේ කලා කියල මන් දන්නවා.උඹෙන් තරම් ඒක මට කාගෙන්වත් දැනිලා තිබුනෙ නෑ.හැම වෙලේම මන් ගැන හිතලා පුලුවන් හැමවෙලේම මන් ගැන උඈ හොයලා බැලුවනේ"

"ඒව දැන් ඉවරයි.තවත් කතා කරල තේරුමක් නෑ"

"නෑ මන් ඒ ගැන කියන්න ඕනෙ.උඹ මන් ගැන හොයල බලපු හැටි මට අමතක නෑ බන්.මගෙ වැරදි වලට සමාව දුන්න විදිහ මට හොඳට මතකයි.බීමට ගොඩක් ආස කරපු මාව ඒකෙන් බේරගත්තෙ උඹ.උඹ ඒ වෙනුවෙන් නොකරපු දෙයක් නෑ කියල මන් දන්නවා.ඒ නිසා අදටත් මන් ඒ දේවල් කරන්නෙ නෑ.ඒත් මන් උඹට කරේ හොඳ දේවල් නෙවෙයි."

"ඔයා මාව ආපහු රවට්ටන්න හැදුවට ඒක වෙන්නෙ නෑ.මන් යන්නම්." මම එහෙම කියලා ආපහු එන්න හැරුනා.

"ඔහොම පොඩ්ඩක් ඉන්න.මම මගෙ අම්මා මත දිවුරන්නෙ මල්ලි.මන් ඔයාට මේ කියන්නෙ බොරු නෙවෙයි." රශ්මින අයියා කිව්වා.එයා කවදාවත් අම්ම මත බොරුවට දිවුරන්නෙ නෑ ඒක දන්න නිසා මන් ආපහු හැරුනා.

"කියන්න"මන් කිව්වා.

"මන් උඹට ගොඩක් කරදර කලා.ආදරේ කරන කාලෙදිත්.ඒකට හේතුව වුනේ මගෙ හිතේ ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් තිබුන ආසාව තමයි"

"මොකද්ද ඒ?" මන් ඇහුවා.

"මන් උඹට ආදරේ කරන්න ගත්තෙ වෙන කෙනෙක් අමතක කරන්න.ඒ වෙන කවුරුවත් නෙවෙයි.නිරාශ්ව.මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් උට කැමතියි.ඒත් මම හිතුවෙ ඌ සමලිංගික නෑ කියලයි.ඒත් ෆේස්බුක් එක හරහා චැට් කරනකොටයි එයාගෙ ෆේක් එකවුන්ට් එක හම්බුනෙ. ඊට පස්සෙයි ගැන දැනගත්තෙ."

තනුවWhere stories live. Discover now