....🎶තනුව...🎶.... තිස් හත්වන වෙළුම...

338 75 4
                                    


                     

"ගුඩ් මෝනින් මැට්ටි." මන් චාරුට කිව්වා.

"ගුඩ් මෝනින්" චාරු කිව්වෙ ඕනවට එපාවට වගේ.

"මොකෝ බන් ඕනෙවට එපාවට වගේ කිව්වෙ?"

"ඔයාට දෙයක් කියන්න තියනවා. අද හවස මොන වැඩෙ තිබ්බත් ජූස් බාර් එකට එන්න.වෙන් කවුරුවත් එක්කන් එන්න එපා ඔයයි මායි විතරයි." චාරු එහෙම කියලා එතනින් පිට වුනේ මට වචනයක්වත් කියන්න වෙලාවක් ඉතුරු නොකරමින්.

"මේකිට මොන යකෙක් වැහිලද?" මන් මටම හෙමින් කියාගත්තා.කොහොමින් කොහොම හරි මන් එදා වැඩ කලේ චාරු ගැන වැඩි සැලකිල්ලක් දක්වමින්.ඒත් කිසිම වෙලාවක චාරු මාත් එක්ක වෙනදා වගේ මූණට මූණ කතාකලේ නෑ.ඒ මදිවට එයා එදා කරපු හැම වැඩක්ම වගේ අවුල් කරගත්තා.මගෙ අළුත් තනතුරත් එක්ක එයාව ඒ දේවල් වලට බැනුම් අහන එකෙන් බේරගන්න පුලුවන් වුන එකට මන් සතුටු වුනා.හවස වැඩ ඉවර වෙලා මන් ජූස් බාර් එක පැත්තට පියමැන්නෙ හිතට දැනුන අමුතු හැඟීමත් එක්කමයි.චාරු ඒ වෙනකොටත් එතනට ගිහින් මාත් එයා හිටපු මේසෙට ගිහින් පුටුවක් ඇදලා වාඩි වුනා.

"මොනව හරි බොනවද?" මන් ඇහුවා.

"දැන් මොකුත් ඕනෙ නෑ" චාරු කිව්වා.

"කමක් නෑ. පොඩ්ඩක් ඉන්න" මන් ඉක්මනට ගිහින් බොන්න දෙයක් අරගෙන් ආවා.
"කියන්න මොකද්ද කියන්න තියනව කිව්වෙ? මොනව වුනත් උඹ දවසම ඒක ගැන හිත හිත නේද හිටියෙ?"

"ඔව්. ඔයා කොහොමද දන්නෙ?"චාරු ඇහුවෙ මගෙ පැත්තට හැරෙන ගමන්.

"උඹ හිටපු විදිහෙන් ඒක තේරුනා.අද හැම වැඩක්ම අවුල් කරගත්තනෙ"

"ඇත්තටම අභී මන් මේ කියන දෙයින් පස්සෙ උඹ මාත් එක්ක තරහා වෙයිද දන්නෙ නෑ.ඒත් තවත් මේක හිතට වද දෙන එක නවත්තන්න නම් මේක කියලා හිත නිදහස් කරගන්න ඕනෙ"

"මේ අහපන්කො. උඹට ඕනෙම දේකට මන් ඉන්නවනෙ.උඹත් මගෙ දුකට සැපට ඉස්සර ඉඳලම මාත් එක්ක ඉන්න කෙනානෙ.මගෙ හැම ප්‍රශ්නයකදිම එකට හිටපු උඹ එක්ක ඇයි මන් තරහා වෙන්නෙ?"

"මන් මේක කිව්වම් ඔයාට ඒක තේරෙයි" චාරු කිව්වා.

"චාරු. උඹේ වෙනසක් මට දැනෙන්නෙ අද ඊයෙ ඉඳලා නෙවෙයි බන්.එදා මන් හොස්පිට්ල් එකේ හිටිය දවස්වල ඉඳන්ම මට වෙනස දැනුනා."

තනුවWhere stories live. Discover now