....තනුව.... දහනමවන වෙළුම.....

456 94 7
                                    


                   

මන් උඩ තට්ටුවට නැග්ගෙ තනුර අයිය ලඟ මේ වෙලාවෙ ඉන්න ඕනෙ කියල හිතුන නිසා.මගෙ හිතට කොච්චර දුකක් දැනුනත් ඒක ඉවසන්න තරම් මගෙ හිත හයිය වුනා.ඒකට එක හේතුවක් වුනේ මගෙ අයියා මට දුන්න ශක්තිය තමයි.හැම දුකක් වේදනාවක් උහුලන්න එයා මට කියලා දුන්න එක මට ගොඩක් වැදගත් වුනා.ඒක මාව දුක මගින් පාලනය වෙන එක නැවැත්තුවා කිව්වොත් හරි.

මම උඩ තට්ටුවට යනකොට තනුර අයියගෙ අම්මා කාමරේ දොර ගාව හිටගෙන හිටියෙ තනුර අයියා දිහා බලාගෙන.

"ඇයි නැන්දෙ මෙතන?" මම ඇහුවා.

"මට තනුර ගාවට යන්න හිත දෙන්නෙ නෑ පුතේ.එයා මන් ගැන මොනව හිතනවාද දන්නෙ නෑ."

"එහෙම මොකුත් හිතන්නෙ නෑ නැන්දෙ.ඔයා ඔයාට පුලුවන් විදිහට එයාව බලාගත්තා.ඒ නිසා ඔයා බයවෙන්න එපා දැන් කතා කරන්න බැරිනම් පස්සෙ කතා කරමු නැන්දා ටිකක් විවේක ගන්න " මම කිව්වා.

"ඔයා හොඳින් නේද පුතේ?"

"ඔව් නැන්දෙ.මම හොඳින්.වුන දේවල් සිද්දවුනේ මොකක් හරිම හේතුවක් නිසානෙ" මම එහෙම කිව්වෙ නැන්දව සනසන හිතින් මිසක් ඇත්තටම නෙවෙයි.ඇත්ත වුනේ මම හිටියෙ අවුල් ජාලෙක පැටලිලා කියන එකයි.මම ඒක කාටවත් නොපෙන්න ඉන්න උත්සාහ කලා.

"නැන්ද ටිකක් විවේක ගන්න." මම එහෙම කියලා කාමරේට ගිහින් දොර වැහුවා.තනුර අයියා ජනේල අයිනට වෙලා ඈත බලාගෙන ඉන්නවා. ඇස් වලින් ආපු කඳුළු බින්දුවක් එයාගෙ කම්මුල දිගේ වැක්කෙරෙන විදිහ මම දැක්කා.තමන් අරන් හදාගත්ත දරුවෙක් කියලා දැනගන්න එක කෙනෙකුට දරාගන්න ටිකක් අමාරු වෙන්න පුලුවන්.මගෙ හිතට ඒක තදින්ම දැනෙන්න ගත්තා.එයා ගාවට මම ගියෙ එයාගෙ හිත හදන්න හිතාගෙන.

"අයියෙ.ඔයා තරහෙන්ද ඉන්නෙ? වුන දේවල් වෙලා ඉවරයි.ඒත් නැන්දටවත් අම්මටවත් දුකක් නම් දෙන්න එපා." මම එහෙම කියන ගමන් තනුර අයියගෙ ඇඟට පිටිපස්සෙන් හේත්තු වුනා.මම හැදුවෙ  එයාගෙ දුක බෙදාගන්න.මට මගෙ දුක තනියම දරාගන්න පුලුවන්.ඒත් වුනේ හීනෙන්වත් නොහිතපු දෙයක්.

"මගෙන් ඈතට පලයන්.මාව අල්ලන්නවත් එපා" තනුර අයියා මාව තල්ලු කලා.මම ඇදගෙන වැටුනෙ ඇඳ උඩට.නලල ඇඳ විට්ටමේ වැදිලා ටිකක් තුවාල වුනත් මට ඒක ඒ තරම් දැනුනෙ නෑ.

තනුවWhere stories live. Discover now