...තනුව.... අටවන වෙළුම....

795 146 13
                                    


                    
මම එකපාරටම කාමරේට ආව නිසා රශ්මින අයියයි නිරාශ් අයියයි දෙන්නම ගැස්සුනා.මන් ඉන්නෙ කොහෙද කියන එක පවා ඒ වෙලාවෙ ආපු තරහට මට අමතකවුනා.

"උඹලද ඒ බලු වැඩේ කරේ? මොන වගේ මිනිස්සුද තමුසෙලා."මම ඇහුවෙ හිතේ උතුරන කේන්තියෙන්.

"ආ උඹද? කොහොමද මල්ලි මගෙ සප්‍රයිස් එක" රශ්මින අයියා සංසුං විදිහට අහද්දි මට හුඟක් තරහා ගියා.

"ඔයාට ප්‍රශ්නෙ තියෙන්නෙ මාත් එක්ක.ඇයි අර පැත්තක ඉන්න චාරුව මේකට පටලවන්නෙ.උඹල කරපු වැඩේ නිසා ඒ කෙල්ලගෙ අම්මා මැරෙන්න වැටිලා ඉන්නෙ"

"ඒකට මට මොකද? ජූස් බාර් එකේදි ඔක්කොම ඉස්සරහ මට ලැජ්ජා කරද්දි ඕවා හිතුනෙ නැද්ද?"

"අපි ඔයා එක්ක කතා කරන්නවත් අකමැත්තෙන් හිටියෙ ඔයාම බලෙන් අපේ ටේබල් එකට ඇවිත් මෝඩ වැඩ කලාට අපි මොනව කරන්නද?"

"ඒකට මන් උඹලා ඔක්කොගෙන්ම පලිගන්නවා.බලමු උඹලට මොකද වෙන්නෙ කියලා.අරකිටත් ඒක කියපන්."එහෙම කියලා රශ්මින අයියා හිනාවුනා.

"ආ තව එකක්.ඒකිගෙ අම්මා හිටියත් මැරුනත් මම දුක් වෙන්නෙ නෑ"

ඒ වෙලාවෙ මට දැනුනු තරහා කියලා නිම කරන්න බැහැ.පැනපු ගමන් ගහපු පාරට රශ්මින අයියා ඇදගෙන වැටුනා.ඒ එක්කම නිරාශ් මට ගහන්න ආවා.එයත් එක්ක තිබ්බ තරහටත් මම ගහගෙන ගහගෙන ගියා ඔෆිස් රූම් එකෙන් එලියට යන්න තල්ලු කරලා දොර වහගත්ත මම රශ්මිනට එකපිට එක ගහගෙන ගිය පාරවල්වල සැර මටවත් තේරුනෙ නෑ.ඔෆිස් එකේ කට්ටිය ඇවිල්ලා රණ්ඩුව බේරනකොට රශ්මිනගෙ නහයෙන් ලේ එන්නම මන්ගහලා ඉවරයි.

කිසිම දවසක මන් කාටවත් ගහලා නෑ.ඒත් එදා ආපු තරහට මන් ගැහුවෙ කොහොමද කියන එක අදත් ප්‍රශ්නයක්.
..........................

ප්‍රශ්නෙ ඇතිවෙල ටිකක් වෙලා යනකොට බොස්ටත් මේක ආරංචි වෙලා ඉවරයි.දෙන්නම ඔෆිස් එකට කැඳවනවා වෙනුවට මට විතරක් එන්න් කිව්වම මට අමුත්තක් දැනුනත් මම එතනට ගියා.

"මොකද්ද අභිමාන් මේකෙ තේරුම? ඔෆිස් එක ඇතුලෙ ගහගන්නවා. මොන මෝඩ වැඩක්ද මේ කලේ"
බොස් එකදිගටම මට කෑගහනවා.

තනුවWhere stories live. Discover now