...තනුව... පස්වන වෙළුම...

941 174 32
                                    


                 

ක්ලාස් එක වෙනදා වගේම පටන්ගන්න ටිකක් පරක්කුයි.මන් චාරු එක්ක කතාවට වැටුනා.අම්මා පන්සලේදි කියපු කතාව මන් එයාට කිව්වා.ඒ වගේම අයියා මන් වෙනුවෙන් තියලා ගිය ලොක්ට් එක මන් එයාට පෙන්නුවා.

"අයියා නැති අඩුව උඹට විතරක් නෙවෙයි බන් අපිටත් දැනෙනවා." චාරු කිව්වෙ ලොකට් එකේ තිබ්බ ෆොටෝ එක දිහා බලාගෙන.

"හ්ම්ම්.මටනම් ඊයෙ ඒක හොඳටම දැනුනා."මම කිව්වා

"ඒක නෙවෙයි අර උදේ උඹ එක්ක කතා කර කර හිටියෙ කවුද?" චාරු ආපහු මට ලොකට් එක දුන්නා.

"ආ ඒ අයියා කෙනෙක්.එදා රශ්මින එක්ක කතාකරලා එනකොට ඇඟේ හැප්පිලා මඩ වලකට වැටුනා.අද එනකොට හම්බුනා."

"ම්ම් එහෙමද?"

"ඔව්.හම්බෙන්න ඕනෙ කිව්වෙ.ලබන සතියෙ හම්බෙමු කිව්වා."

"ඇයි දන්නෑ " චාරු මන් දිහා අමුතු විදිහට බැලුවා.

"ඇයි ඔහොම බලන්නෙ? එයා ගාව මගෙ මොනවද තියනවා කිව්වා ඒක දෙන්න ඕනෙ නිසා හම්බෙමු කිව්වා."

"ම්ම්.මන් මූනනම් හරියට දැක්කෙ නෑ.ඒත් ටිකක් පරිස්සමින් වැඩ කරහන්.මන් කැමති නෑ උඹ ආයෙ දුක් විඳිනවට" චාරු කිව්වෙ අහක බලාගෙන.

"දුක් විඳින්නෙ මොකටද බන්? මන් ආය ඒ වගේ ගොන් වැඩ කරන්නෙ නෑ.ආදරයක් නම් ජීවිත කාලෙටම මට එපා වෙලා තියෙන්නෙ."

"හැමෝම එකවගේ නෑ බන්.උඹට ගේ ලව් එපා වගේනම් කෙල්ලෙක් එක්ක යාළු වෙයන්.හැමදාම තනියම ඉන්නයෑ."

"ඒක මන් දන්නෙ නෑ.ඒත් ජීවිතේ පිලිවෙලක් වෙනකම් කිසි දෙයක් ගැන මන් හිතන්නෙ නෑ."

ඒත් එක්කම පන්ති පටන්ගත්ත නිසා අපෙ කතාව නතරවුනා.
...............................................................
ඒ සතිය වේගෙන් ගතවෙලා ගියා.වැඩ කරන අතරෙම තව රස්සාවක් හෙව්වෙ රශ්මින අයියව දකින එක හිතට වදයක් නිසා.කොහොම හරි සෙනසුරාදා දවසත් ඉක්මනටම ආවා.මන් සාමාන්‍යය විදිහටම කුස්සියට වෙලා අම්ම එක්ක කියව කියව ඉඳලා පොතක් පතක් බලන්න කියලා හිතාගෙන සාලෙට ආවා.එතකොටම ෆෝන් එක රිංවෙනවා ඇහුනා.

තනුවWhere stories live. Discover now