....🎶තනුව🎶..... පනස් හයවන වෙළුම

260 56 4
                                    


              
                       .

නර්ස් කතා කලේ සංසුන් විදිහට. මම එයාට කතා කලේ.

"ඇයි මිස් මට කතා කලේ?"

"ඔයාගෙ අම්මට සිහිය ආවා." නර්ස්ගෙ කටින් ඒ වචන පිටවෙන පමාවට මන් අම්මා හිටපු රූම් එකට දිව්වා.එයා හිටියෙ ඇඳේ හාන්සි වෙලා. මම අම්මා එක්ක කතා කරන්න යන්න කලින් එතන හිටඖ ඩොක්ට මට කතා කලේ අම්මට නෑහෙන තරම් හෙමින්.

"පුතා දෙයක් කියන්න ඕනෙ"

"කියන්න ඩොක්ට." මම කිව්වෙ අම්මා ලඟට යන්න කලබලෙන්.

"අපි ඉස්සෙල්ලා කියපු විදිහටම ඔයාගෙ අම්මගෙ බෙල්ලෙන් පහල වැඩ කරන්නෙ නෑ.ඒක එයාට දැනගන්න තියන්න එපා."ඔයා සාමාන්‍යය විදිහට හැසිරෙන්න." ඩොක්ට කිව්වම මට දැනුනෙ ලොකු වේදනාවක්.

"හරි ඩොක්ට මන් එහෙම කරන්නම්" මම කිව්වා. මම හෙමින් හෙමින් අම්මා ලඟට ඇව්දගෙන ගියා.මම ඇඳ ගාව තිබුන පුටුවෙන් වාඩි වුනා.

"කොහොමද අම්මෙ?" මම ඇහුවා.

"ඔයා හොඳින් නේද පුතේ.කරදරයක් නෑ නේද? තනුරට කොහොමද ?" අම්මා ආපහු මගෙන් ඇහුවා. එයා කතා කරන්නෙ අමාරුවෙන් බව මට තේරුනා.එහෙම අමාරුවෙන් ඉඳගෙනත් තමන්ගෙ දරුවා ගැනම හිතන හැටි හරි පුදුමයක් මගෙ හිතට එකතු කලා

මම අම්මගෙ අත අල්ලන්න හැදුවා.ඒත් ඩොක්ට කියපු කතාව මතක් වුනාම මන් ඒක නතර කලා.මම අම්මගෙ ඔළුව අතගෑවා

"අපි දෙන්නම හොඳින් අම්මෙ.තනුර අයියට තාම බෙහෙත් කරනවා." මම් කිව්වෙ බොරුවක්.ඒත් තනුර අයියා ගැන ඇත්ත කියලා එයාව කලබල කරන්න මට ඕන වුනේ නෑ.

"ඔයා මට හංගන්න ඕනෙ නෑ පුතේ.මම දන්නව මට මොකද්ද වෙලා තියෙන්නෙ කියලා.ඒ වගේම තනුරට මොකද වෙන්න ඇත්තෙ කියලා මට හිතාගන්න පුළුවන්."

"මන් ඔයාට මොකුත් හංගන්නෙ නෑ අම්මෙ"

"මම සදහටම එක්තැන් වුනා කියලා මන් දන්නවා.නර්ස්ලා දෙන්නෙක් කතා වෙනවා මට ඇහුනා.ඒ වගේම ඇක්සිඩන්ට් එක වෙන වෙලාවෙ තනුරත් එක්ක මාත් කාර් එකේ හිටියා.එයාට හොඳටම් තුවාල වෙලා ඇති." අම්මා ඒ දේවල් හරියටම කිව්වෙ කොහොමද කියලා මන් අදටත් දන්නෙ නෑ.ඒත් එව එයාගෙ අහගන්න තිබ්බනම් හොඳයි කියලා මට හිතුනා.

තනුවOn viuen les histories. Descobreix ara