.....🎶තනුව🎶..... හැට එක්වන වෙළුම....

301 52 2
                                    

                 .
            ( අවසන් තුන්වන වෙළුම)

තනුරගෙ කාමරේට ආව ඒ කෙනා තමන් අතේ තිබුන විශ පිරුණු සිරිංජය කෙලින්ම සේලයින් බෝතලයට එල්ල කලා.තනුරගෙ ජීවිතේට තිබුන ප්‍රශ්න වැඩිකරන්න එයාට තව තිබුනෙ පියවර කීපයක් විතරයි.

"ඔයා කවුද?"තනුරගෙ වාසනාවට වගේ ඒ කාමරේට ආව නර්ස් ඇහුවා.
අමුත්තගෙන් පිලිතුරක් නෑ. නිහඬවම තමන්ගෙ අතේ තිබුන විෂ සේලයින් බෝතලයට වේගෙන් එකතු කලේ හිනාවක් එක්කමයි

"මොනවද ඔය කරන්නෙ අහකට වෙන්න." නර්ස් එතන හිටපු කෙනාව  එහාට තල්ලු කලා.නර්ස් අතේ තිබුන බෙහෙත් තිබුන තැටිය ඇදලා ගත්ත අමුත්තා වේගෙන් නර්ස්ට පහර දීලා කාමරෙන් පැනගත්තා. කෑ ගැහිල්ලක් එක්ක බිම ඇද වැටුනත් තනුරට දීලා තිබුන සේලයින් එකේ බටය ඉක්මනින් ගලවන්න නර්ස්ට හැකියාව ලැබුනා.හොස්පිට්ල් එකේ කාර්‍යමණ්ඩලයට ඉක්මනින්ම දැනුවත් වුනත් ආව කෙනා ඒ වෙනකොටත් අතුරුදන්.
................................................................
(අභිමාන්)
හොස්පිට්ල් එකේ වුන දේ අපිට ආරංචි වෙන්න ඒ තරම් වෙලාවක් ගත වුනේ නෑ.තනුර අයියගෙ තාත්‍තත් මාත් පොලිසියෙනුත් එතනට ගියේ ඉක්මනින්.

"මොකද්ද මෙතන වුනේ?" පොලිසියෙන් ඇහුවෙ  එතන හිටපු නර්ස්ගෙන්.

"මන් කාමරේට ආවෙ තනුරට දෙන්න තිබුනු ඉන්ජෙක්ෂන් එක දෙන්න.ඒ වෙලාවෙ කවුරු හරි කෙනෙක් ඇතුලෙ හිටියා."

"කොයි වෙලාවෙද?"

"ලෙඩ්ඩු බලන්න එන වෙලාවෙ තමයි"

"එයා මොනවද කලේ."

නර්ස් ඒ වෙලාවෙ සිද්ද වුන හැමදේම කිව්වා.මං දැක්කෙ ඒ නර්ස් ගොඩක් බයවෙලා හිටපු බව.

"ඒ කියන්නෙ මොනව හරි සේලයින් එකට එකතු කරන්න හැදුවා කියලද? ඔයා වෙන මොනවහරි දැක්කද එයාව අඳුරගන්න පුළුවන් දෙයක්.?" ආයෙත් පොලිසියෙන් ඇහුවා.

"ඔව් මම එහෙම දෙයක් දැක්කා."

"ඒ මොකද්ද?"

"එයා කොරගහන ගතියක් තිබුනා.එක කකුලක් අනිත් එකට වඩා බරට තියනවා මන් දැක්කා.ඒත් ඒක මන් දැක්ක විදිහද කියලා මන් දන්නෙ නෑ. මොකද ඒ වෙලාවෙ එයා මට ගහපු පාරට මම ඇදගෙන වැටුනා." නර්ස් කිව්වෙ ඒ වෙලාව මතක් කරන්න අකමැත්තෙන් වගේ.

තනුවWhere stories live. Discover now