....🎶තනුව🎶.... තිස් හතරවන වෙළුම...

375 77 1
                                    


                

මන් ගිහින් බස් එකේ ඒ සීට් එකේ වාඩි වුනා.ඒ හිටියෙ වෙන කවුරුවත් නෙවෙයි,ජගත් අන්කල්.එයා එක්ක මන් කතාවට වැටුනා.

"කොහොමද අන්කල්.සෑහෙන දවසකින් දැක්කෙ."

"ඔව් මාත් පුතාව දැක්කෙ නෑනෙ"

"මාත් අන්කල් හම්බෙන්න එන්න හිටියෙ.ඇන්ටිව බලන්නත් වුවමනාව තිබ්බා.ඒත් මේ ප්‍රශ්න නිසා එන්න බැරිවුනා."

"ම්ම් මටත් හිතුනා.එදා ආපහු එනව කිව්වට ආවෙ නැති නිසා.කොහොමද පුතේ දැන්?"

"අන්කල්ටයි දොස්තරලටයි පින් සිද්දවෙන්න ජීවත් වෙනවා. දැන් ගොඩක් හොඳයි ඒක නෙවෙයි ඔයාට ඇයි මට ලේ දෙන්න හිතුනෙ?"

"ඒක මෙහෙමයි පුතේ.මගෙ අතින් වුනා එක හදාගන්න බැරි වැරැද්දක්.ඒක නිවැරදි කරගන්න මම ගොඩක් පින් කරනවා."

"වැරැද්දක් කිව්වෙ?"

"මන් ඒක නිදහසේ හම්බුන වෙලාවක ඔයාට කියන්නම්.ඒත් එක දෙයක් දැන් කියන්න ඕනෙ"

"ඒ මොකද්ද ?"

"ඔයාගෙ පෙනුම හරි හුරුපුරුදු ගතියක් දැනෙනවා.අම්මා තාත්තා දැකලා වෙන්නැති" ජගත් අන්කල් කිව්වම මට ටිකක් දුක හිතුනා.

"ඒක වෙන්න බෑ අන්කල්.මන්වත් මගෙ අම්මා තාත්තා දැකලා නෑ."

"ඒ කිව්වෙ?"

"මන් අරන් හදාගත්ත කෙනෙක්." මම ඒක ජගත් අන්කල්ට කිව්වෙ ඇයි කියලා මට තේරුනේ නෑ.ඒ තරම් අඳුරන්නෙ නැති වුනත් එයාව මට ගොඩක් සමීපව දැනුනා.සමහර විට එයාගෙ ලේ මගෙ ඇඟේ දැන් දුවන නිසා වෙන්නැති.

"අද මෙ  උසාවියට ගිය ගමන්ද? කොහොමද අර ඔයාගෙ අයියට."ජගත් අන්කල්ගෙ කටහඬින් මන් ගැස්සුනේ අම්මා ඇත්ත කියපු දවස මතක් වෙවී තිබුන නිසයි.

"එයා හොඳින්.අද නඩුව අපි දිනුවා.එයා නිදහස් වුනා."මම කිව්වා.

"ඒක හොඳයි. දැන් කොහෙද මේ යන්නෙ ගෙදරද?"

"ඔව් අන්කල් ගෙදර යන්නෙ.මන් අනිවාර්යයෙන් දවසක එන්නම් ඇන්ටිවත් බලලා යන්න."

"හරි එන්නකො"

අපෙ කතාව ඉවර වෙනකොට බස් එක මන් බහින තැනටත් ඇවිත් මන් බස් එකෙන් බැහැලා ගෙවල් පැත්තට යන පාර දිගේ හෙමින් හෙමින් ඇවිදගෙන ගියෙ පරණ මතක හිතේ නංවමින්.තනියම ගමන් යනකොට කල්ප්නා කර කර හෙමින් ඇවිදින එක මගෙ පුරුද්දක් වෙලා තිබුනා.
..............................................................(තනුර)

තනුවDonde viven las historias. Descúbrelo ahora