.....තනුව..... පහළොස්වැනි වෙළුම....

559 114 10
                                    


                    

මගෙ තාත්තා ගැන දැනගන්න මන් හිටියෙ නොයිවසිල්ලෙන්.ඒත් අම්මා ඒ දේවල් ගැන කිව්වෙ ලොකු ඉවසීමකින්,හෙමින්.

"අම්මෙ කියන්නකො තාත්තා ගැන."මම කිව්වෙ තවදුරටත් ඉවසන්න බැරි නිසා.අවු 20 බලන්හිටපු කාලය ඉවරවෙන්න යන්නෙ.මට ඒක තවත් පරක්කු වෙනවා බලන් ඉන්න හිතුනෙ නෑ.

"කලබල නොවී ඉන්න දරුවො මන් කියන්නම්"

"ඉතින් කියන්නකො."

"ඔයාගෙ තාත්තාව මුලින්ම මට හම්බවුනේ ගාල්ලෙදි.ඒ වෙනකොට මට අවු 23 යි.බීච් එකේ තිබුන මගෙ යාලුවෙකුගෙ බර්ත්ඩේ පාටි එක්කට යනකොට තමයි අහම්බෙන් වගේ හම්බවුනේ."

"ඉතින්?" මම ඇහුවා.

"අපි දෙන්නා එදා අඳුර ගත්තා.හුඟක් දේවල් කතා කලා.එයා ලොකු බිස්නස්මන් කෙනෙක්ගෙ පුතෙක් කියලයි කිව්වෙ.ඔයාගෙ සීයා ඒ කියන්නෙ මගෙ තාත්තා ඒ වෙනකොට කරේ පුංචි හෝටලයක්.මේ කිසි දෙයක් ඔයාගෙ තාත්තගෙයි මගෙයි සම්භන්ධයට බාධාවක් උනේ නෑ.අපි දෙන්නා අවු 2 ක්ම ආදරේ කලා. ඊට පස්සෙ අපි අපේ සම්භන්ධය ගෙදරට කියන්න තීරණය කලා.හැම ප්‍රශ්නයක්ම ඇති වුනෙ ඊට පස්සෙ."

"මොකද උනේ අම්මෙ?"
අම්මට සුසුමක් හෙලුනෙ ඉබේටමයි.ටිකකින් එයා ආපහු කතාව පටන් ගත්තා.

"අපෙ ගෙදරින් සම්භන්ධයට අකමැති වුනේ එයාගෙ පවුල ගොඩක් පෝසත් නිසා.ඔයාගෙ සීය කිව්වෙ අපිට ඒ වගේ අය එක්ක සම්භන්ධකම් දරන්න බෑ කියලා.ඒ වගේම එයාලගෙ ගෙදරින් අකමැති වුනේ මට වඩා හොඳ කෙල්ලො එයාට බඳින්න පුලුවන් නිසා. අපි දෙන්නම ඒ නිසා තීරණය කලා තනියම ජීවත් වෙන්න.ඒ කාලෙ ගත්තෙ මොනතරම් මෝඩ තීරණයක්ද කියන එක අපිට තේරුනෙ ඊට පස්සෙයි.අපි ගෙදරින් ඇවිත් තාත්තාගෙ නමට තිබුන මේ ගෙදර පදිංචි වුනා.පොඩි රස්සාවක් කරන ගමන් ගෙදරට ඕනෙ කරන බඩු ගන්න අපි හිතුවා.ඒත් කිසිම දෙයක් හරිගියෙ නෑ පුතේ.හැමදේම වගේ අවුල් වුනා.

"අවුල් වුනා කිව්වෙ? තාත්තට මොනවහරි වුනාද?"

"තාත්තට මොකුත් උනේ නෑ ඒත් එයා බීමට ඇබ්බැහි වුනා.ගෙදර ගැන මම ගැන හොයනවට වඩා එයා බීමත්කමට ආදරේ කලා.අපිට අයියව ලැබුනෙ ඔය අතරෙමයි."

තනුවحيث تعيش القصص. اكتشف الآن