....🎶තනුව🎶.... පනස් දෙවන වෙළුම....

273 54 3
                                    

තනුව අද කොටසෙ 18+ කොටස් කීපයක් තියනවා.කලින්ම දැනුවත් කලේ අකමැති අය ඉන්න නිසා.

තනුව ටිකක් boring වුන එකට සමාවෙන්න.අදින් පස්සෙ ඉතුරු සුළු කොටස් ටික හරියට ලියන්නම්.
කතාව එක්ක හැමදාම හිටපු අයට ස්තූතියි.

       
              

අපි දෙන්නගෙ කිස් එකෙන් පස්සෙ තනුර අයියත් මමත් ඇඳේ පෙර්ළුනෙ ලොකු ආදරයකින්.එයා මගෙ ටී ශර්ට් එක ගලවලා විසි කලා.මගෙ අතපය හිරකරන් ඇඟ උඩ වාඩිවුන තනුර අයියා මන් දිහා බැලුවෙ ආදරෙන් පිරුණ ඇස් දෙකෙන්.මගෙ හිතට දැනුනෙ ලොකු ආදරයක් විතරයි.තත්පර ගානකට වඩා එහෙම ඉන්න ලැබුනෙ නෑ.තනුර අයියගෙ අම්මා ආවෙ දොරත් ඇරගෙන.

"පුතා මම.." තනුර අයියගෙ අම්මා අපිව දැක්ක ගමන් කතාව නතර කලා.

"අම්මා?" තනුර අයියා ඇහුවෙ ඉන්න විදිහටම ඉඳගෙන.

"මොනවද ඔය කරන්නෙ?"

"මොකුත් නෑ ඇන්ටි." මම තනුර අයියව තල්ලු කරලා නැගිට්ටා.

"මොකුත් නැත්තම් කොහොමද මේක මෙච්චර හැඩිවෙලා." තනුර අයියගෙ අම්මා ඇහුවෙ මුළු කාමරේම ඇස් යවමින්.

"අපි මේ පොඩි සෙල්ලමක් කලා අම්මෙ.මේ මල්ලි තමයි පටන්ගත්තෙ." තනුර අයියා කිව්වම මන් එයා දිහා බැලුවෙ පුදුමයෙන්.

"අභී... අනේ ඇත්තට මේ ළමයි පොඩි වුන් වගේ හැසිරෙන්නෙ. කසාද බඳින වයසෙ උන් කරන වැඩද මෙව්වා. හරි ඒවයින් වැඩක් නෑ.මම කී පාරක් කතා කලාද ?"

"ඇහුනෙ නෑ අම්මෙ" තනුර අයියා කිව්වා.

"ඇහුනෙ නෑ තමයි.".

"ඇයි ඉතින් කතා කලේ. හදිසියකටද?"

"නෑ. ටකේශා කෝල් කරා. එයා අනිද්දා ලංකාවට එනව කියලා.කෙලින්ම එන්නෙ මෙහෙට."

"එහෙමද?"

"ඔව්.එයා ආපහු යනකම් ඉන්නෙ මෙහෙ.ඒ නිසා හෙට ඒ ළමයගෙ බඩු වගයක් මෙහෙට අරන් එන්න ඕනේ.අනික අභීගෙ අම්මත් හෙට නැන්දලගෙ ගෙදර යනවා කිව්වා.ඒ නිසා ඔයා ලෑස්ති වෙන්න හෙට යන්න.  මන් ආවෙ ඒක කියන්න.කොහොම හරි කමක් නෑ.මේ කාමරේ අස් කරගත්තොත් හොඳයි." අම්මා අපි දෙන්නම දිහා අමුතු බැල්මක් දාලා යන්න ගියා.අපි දෙන්නම සැනසුම් සුසුම් හෙළුවෙ තනුර අයියා කාමරේ දොර වැහුවට පස්සෙ.

තනුවWhere stories live. Discover now