.....තනුව.... එකොලොස්වන වෙළුම....

738 143 51
                                    

                    
"මල්ලි, මන් මේ කියන දේ කිව්වට පස්සෙ යාලුකම නැතිවෙන්නෙ නැතිවෙයි නේද?"තනුර අයියා ඇහුවා.

"අයියට ඕන දෙයක් මට කියන්න.මම මොකුත්ම හිතන්නෙ නෑ."මම කිව්වෙ හිතට දැනුන ලොකු සැකයකුත් එක්ක

"මල්ලි, මම gay කෙනෙක්.ඔයා දන්නවද ඒ මොකද්ද කියලා?"

මට ඒක අදහගන්න බැරිවුනා.තනුර අයියා සමලිංගික කෙනෙක්ද? ඒත් මම හිතේ අතිවුන ගැස්ම පෙන්නන්නෙ නැතුව කතා කලා.

"අයියෙ ඉතින් ඕක කියන්න ඔච්චර ලැජ්ජා වෙන්න ඕනෙද?"

"ඒ කියන්නෙ ඔයාට ප්‍රශ්නයක් නැද්ද?"

"නෑ අයියෙ.මාත් එහෙම කෙනෙක්.ඔයා නොදන්නවා වුනාට මමත් කැමති කොල්ලන්ට තමයි" මම හිනාවෙවී කියනකොට තනුර අයියගෙ මූනෙ තිබුනු බය වුන ගතිය අයින් වුනා.

"මන් හිතුවෙ ඔයා සාමාන්‍යය කෙනෙක් කියලා.කියපු ගමන් මටත් බැනලා යයි කියල හිතුනෙ"

"අයියෙ.ඉතින් ඕක මෙතනදිම හදිසියෙ කිව්වෙ ඇයි?"

"මොකද මම කියන්නෙ ඇත්ත කියල ඔයාව විශ්වාස කරවන්න ඕනෙ නිසා" තනුර අයියා කිව්වා.

"ඉතින් ඒකෙ මොකද්ද විශ්වාස කරවන්න තියෙන්නෙ?" මම ඇහුවා.

"ඒකෙනම් විශ්වාස කරවන්න් දෙයක් නෑ.ඒත් ඊළඟට කියන දේ විශ්වාස කරවන්න ඕනෙ"

"මොකද්ද?" මම ඇහුවා.

"මල්ලි මම.....මං මේ... " අයියාට ආපහු වචන  පැටලෙනවා.ඒකත් හරි හුරතල්.මන් ඒක දිහා බලන් හිටියෙ ආසාවෙන්.

"මල්ලි මන් ඔයාට ආදරේ කරනවා." තනුර අයියා එක පාරටම කිව්වා.ඒක ඇහුනම මගෙ හිත ටිකක් ගැස්සුනා.මම මොකද දැන් කියන්නෙ කියලා මන් කල්පනා කලා.

"මල්ලි? ඔයා මොකද කියන්නෙ මේකට.අකමැතිනම් අනේ තරහා වෙන්න එපා." තනුර අයියා මන් දිහා බලාගෙන කිව්වා.

"මන්.. මන් කැමති නෑ අයියෙ ඒ වගේ දෙයක් ඔයා එක්ක පටන්ගන්න." මං එක පාරටම කිව්වා.

"ඇයි මල්ලි ඒ ? මගෙන් මොකක් හරි වරදක් උනාද ඔයාට"

"නෑ අයියෙ.මට ඔයාව දැනෙන්නෙ මගෙ අයියා වගේ.අනික තව හේතු කීපයක් නිසා මට ඔයා ගැන එහෙම හිතන්න බෑ." මම කිව්වෙ මගෙ හිතේ තෙරපුන ප්‍රශ්න කීපයක් නිසා.

තනුවWhere stories live. Discover now