....🎶තනුව🎶.... හතලිස් හතරවන වෙළුම...

341 62 2
                                    


තනුර අයියව මන් බදාගත්තෙ ඒ වෙලාවෙ හිටපු විදිහටමයි.එයාගෙ තිබුණ මහන්සියට එයාගෙ හුස්ම ගන්න වේගය හුඟක් වැඩිවෙලා තිබුනා.පපුව උඩ ඔළුව තියාගෙන හිටපු තනුර අයියගෙ හුස්ම වේගෙන් මගෙ පපුවෙ දැවටුනා.එයා මගෙ පහස උපරිමයෙන් විඳින බව තේරුනේ එයාගෙ ඇස් පියවිලා තිබුන බව දැක්ක නිසයි.මම එයාට ටික වෙලාවක් ඉඩ දුන්නා.හෙමින් ඔළුව අතගාන ගමන් මන් කතා කලා.

"සුදු මහත්තයො." මම එහෙම කිව්වෙ මට ලොකු ආදරයක් එයා ගැන දැනුන නිසා.

"ම්ම්ම්?" තනුර අයියා ඇහුවා.

"මහන්සිද?"

"නෑහ්."

"නැගිටිනෝකො ඒනම්"

"බෑහ්.තව ටිකක් ඉන්න දෙනවකො"
අයියා කිව්වා.මන් ඒකට ඉඩ දුන්නත් තනුර අයියා ඉක්මනට නැගිට්ටා.

"මොකො?"මන් ඇහුවා.

"ඔයා මේසෙ උඩනෙ ඉන්නෙ. අමාරු ඇතිනෙ" ඒක තනුර අයියා කිව්වම මට හිනාගියා.

"මොකද යකෝ හිනාවෙන්නෙ?"

"නෑ ඔච්චර වෙලා මට රිදුනෙ නෑනෙ. තඩි පොල්ලකින් ගහලා ඉවර වෙලා රිදුනද කියලා අහනව මෙයා." මන් හිනාවෙවී මේසෙන් බැස්සා.මන් හැදුවෙ කාමරේට යන්න.ඒත් මගෙ කකුල හිරිවැටීලා වගේ දැනුනා.මම කොරගහමින් වගේ ඇවිදින්න ගත්තා.

(අභිමාන්ගෙ මව)

"ඔයා?" නින්දෙන් ඇහැරුනු ජගත්ගෙ බිරිඳ ඇහුවෙ පුදුම වුනා වගේ.

"ඔයා මාව අඳුරනවද?" අභීගෙ අම්මා ඇහුවෙ සාමාන්‍යය විදිහට ඉන්න උත්සහ කරමින්.

"ම්ම් මේ " ජගත්ගෙ බිරිඳ ජගත් දිහා බැලුවෙ හොරෙන් වගේ " නෑ මට නිකම් ඔයාව පෙනුනෙ දන්න කෙනෙක් වගේ"එයා සාමාන්‍යය විදිහට කිව්ව.

"හ්ම්ම් එහෙමද?" අභීගෙ අම්මට සුසුමක් පිටවුනා.ඒ කියන්නෙ මේ අභිගෙ අම්මා නොවෙන්න පුළුවන්.මොකද ඒ එයානම් තමන්ව දැක්කම මෙහෙම සංසුන් වෙන්න බෑනෙ.

"මේ මිසිස් බණ්ඩාර.මෙයාගෙ පුතා තමයි අසනීප වෙලා හිටියෙ.මන් අර ඔයාට කිව්වෙ" ජගත් කියාගෙන ගියා.

"ඒ කියන්නෙ මෙයාගෙ පුතාටද ලේ දුන්නෙ?"

"ඔව්. එයාට තමයි"

තනුවΌπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα