....🎶තනුව🎶..... විසිහතරවන වෙළුම...

432 88 5
                                    


                          
                    

මියුරු කියන්න යන්නෙ මොනවද කියල දැනගන්න තනුර හිටියෙ නොයිවසිල්ලෙන්. තනුර  දිහා ටික වෙලාවක් බලන් හිටපු මියුරු ජනේලය දිහාට ඇවිදගෙන ගිහින් ඒකෙන් පිටත බලන්න ගත්තා.

"මොකද්ද උඹ කියන්න හැදුවෙ?"

"මම උඹට කියන්න නෙවෙයි, කොන්දේසියක් දාන්න යන්නෙ."මියුරු කිව්වම තනුරට ඇතිවුනේ කියාගන්න බැරි තරමෙ තරහක්.

"මෙච්චර දේවල් කරපු උඹෙ කොන්දේසි වලට මන් කොහොමවත් යටත් වෙන්නෙ නෑ."

"උඹට ඒක කරන්නම වෙනවා." මියුරු සංසුන් විදිහට කිව්වා.

"මොනවද උඹ කියවන්නෙ?" තනුර ඇහුවෙ මියුරු ලඟට ඇවිදන් යන ගමන්.

"උඹ මන් ගැන හැමදේම දන්නවනෙ දැන්.හෙට උඹ අභිමාන්ව හම්බෙන්න යනකොට මමත් එනවා.හැබැයි එතනදි උඹ කියන්න ඕනෙ උඹ ආදරේ කරන්නෙ මට කියලා.ඒ වගේම උඹෙන් ඈත් වෙන්න කියල උට කියපන්" මියුරු කිව්වෙ නපුරුකමින් දිලිසෙන ඇස් තනුර දිහාට හරවමින්.

"මොනවද උඹ කියවන්නෙ.මම මොකටද එහෙම කියන්නෙ.?"

"උඹට එහෙම කියන්න හේතුවක් තියනවා.උඹට මීට පස්සෙ ඉන්න වෙන්නෙ මාත් එක්ක විතරයි.උඹ මට ආදරය නොකලොත් ඒවගේම හෙට උඹ අභිමාන්ට ආදරෙයි කියල උඹල දෙන්න අතර ප්‍රශ්නෙ විසඳුවොත්..."මියුරු කියන්න යන දේ ටිකකට නැවැත්තුවා.

"ඇයි උඹ මොනව කරන්නද? ආදරේ බලෙන් ලබාගන්න බෑ.උඹ හිතන විදිහට කිසි දෙයක් වෙන්නෙ නෑ." තනුර කිව්වෙ හිතේ තෙරපෙන තරහා මැඩගන්න උත්සාහ කරන ගමන්.

"මන් දැන් යන්න ඕනෙ මාර්ගය තීරණය කරල ඉවරයි තනුර.හොඳින් හරි නරකින් හරි මම මට ඕන දේ ලබාගන්නවා.හැබැයි අභිමාන් ඒකට හරස් වුනොත් මම ඌව අයින් කරන්න දෙපාරක් හිතන්නෙ නෑ." මියුරු එහෙම කියාගෙන එලියට ගියා. එයා කලේ තර්ජනයක් බව තනුරට හොඳටම තේරුනා.මියුරු රට ගිහින් ආවට පස්සෙ හුඟක් දරුනු වෙලා කියල තනුරට තේරුනා.මියුරු කියන්නෙ අභීව මරන්න හරි එයා පසුබට වෙන්නෙ නෑ කියලා.කරන්නෙ මොනවද කියල හිතාගන්න බැරුව තනුර ප්‍රශ්න ගොඩක අතරමන් වුනා.
............................................................
(අභිමාන් )

තනුවWhere stories live. Discover now