තනුර ෆෝන් එක අරන් බැලුවෙ කතා කරන්නෙ කවුද කියලා බලන්න.කතා කරන්නෙ චාරු කියල දැනගත්තම තනුර හිතුවෙ කොහොම හරි අභිමාන් ගැන චාරුට කියන්න ඕනෙ කියලයි.ඒත් මියුරු ඉන්න නිසා ඒක කිව්වොත් අභීට ප්‍රශ්නයක් වෙයි කියල බය හිතුන නිසා කරන්න දෙයක් හිත හිතම ෆෝන් එක ආන්ස්වර් කරන්න ලෑස්ති වුනත් මියුරු ඒක නැවැත්තුවා.
"කාගෙන්ද කෝල් එක?"මියුරු ඇහුවෙ තනුරගෙ ෆෝන් එක තිබ්බ අත තදකරලා අල්ලන ගමන්
"චාරුගෙන්.අභිමාන්ගෙ යාළුවා."
"ඕක ආන්ස්වර් කරපන්.නැත්තම් සැක හිතයි.ඒත් මේ ගැන මොනවහරි කිව්වොත් දන්නවනෙ වෙන දේ?"
"ඔව්. මන් කියන්නෙ නෑ."තනුර එහෙම කිව්වත් චාරුට මේක කියන්න පුලුවන් ක්‍රමයක් ගැන හිතන ගමන් ෆෝන් එක ආන්ස්වර් කලා.
"හෙලෝ"
"හෙලෝ තනුර අයියද?" චාරුගෙ කකටහඬ එහ පැත්තෙන් ඇහුනා.
"ඔව්, ඇයි නංගි කතා කලේ?"
"අයියෙ, අභිමාන් ඔයාව හම්බෙන්න ආවද?"
"ආවෙ නම් නෑ නංගි.ඇයි?" තනුර ඇහුවා.
"නෑ අයියෙ ගෙදර එනකොට ගෙදර දොරවල් ඔක්කොම ඇරලා දාලා.එයාගෙ ෆෝන් එක හම්බුනෙත් වැටිලා තිබිලා.ඔහෙ ආවෙත් නැත්තම් මට හිතෙන්නෙ මොකක් හරි කරදරයක් කියලා.ඔයාට එහෙම හිතෙන්නෙ නැද්ද?"
"මටත් එහෙම හිතෙනවා." තනුර එකපාරටම කිව්වා.ඒ කියපු විදිහට චාරුගෙ හිතේ සැකයක් ඇතිවෙන්න වැඩි වෙලවක් ගියෙ නෑ.
"අයියෙ.ඔයා කතා කරන විදිහ වෙනස්.මොකක් හරි අවුලක්ද?"
තනුර ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ටිකක් වෙලා ගියා.
"ඔව්.. මන් කිව්වෙ නෑ" තනුර කිව්වෙ මියුරුව රවට්ටන්න හිතාගෙන."මොකක් හරි අවුලක් තියනවා.ඔයාට ඔතන ඒක කියන්න බැරිද?" චාරු ඇහුවා.
"බෑනෙ.." තනුර කිව්වෙ මියුරු දිහා හොරෙන් බලන ගමන්.
"හරි අයියා මොකක් හරි අවුලක් කියල තේරෙනවා.මම මොනව හරි කරන්න බලන්නම්. ඒත් හරියටම අවුලක් තියනවද කියල දැනගන්න ඕනෙ.අභිමාන්ට අවුලක් තියනවනම්.ඒක කියන්න බැරිනම් බායි කියල ෆෝන් එක කට් කරන්න.නැත්තම් නිකන්ම කට් කරනන."චාරු කිව්වම තනුරගෙ හිතට සතුටක් දැනුනා.චාරු කියන්නෙ කෙනෙක් කතාකරන විදිහෙ වෙනසකින් පවා දෙයක් අඳුරගන්න පුලුවන් කෙනෙක් කියල අභිමාන් කියපු කතාව ඇත්තක් කියල තනුරට එදා තේරුනා.දැන් ලේසියෙන්ම අභිමාන්ට ප්‍රශ්නයක් කියල චාරුට කියන්න පුලුවන්.