.....🎶තනුව🎶.... පනස්වන වෙළුම....

294 58 2
                                    


               

(අභිමාන්ගෙ මව.)
තනුරගෙ ගෙදරට ගියාට පස්සෙ අභීගෙ අම්මා හිටියෙ ලොකු කල්පනාවක.ගෙට ගිනි තිබ්බෙ චමිලගෙ අනුදැනුම ඇතුව කියන එක එයාගෙ හිතට දිගින් දිගටම වද දෙන්න පටන් ගත්තා.රෑ  එලිවෙනකන්ම මේ ගැන කල්පනා කලෙත් නිදි නැතිව.ඒත් පිරිමි කෙනෙක්ගෙ සපත්තුවක අඩි සටහන් නිසා මේක ජගත් කලාද කියලා හිතාගන්න බැරුව එයා කල්ප්නා කලා.ඒත් ඒ අය අභිමාන්ව අයිති කරගන්න නම් මේ වැඩේ කරන්න ඕනෙ අභිමාන් ගෙදර නැති වෙලාවක කියලත් එයාට හිතුනා.ඒත් චමිලා කියපු දේත් එක්ක ආපහු හිතට සැකයක් එකතු වුනා.

පහුවදා උදේම තනුරගෙ තාත්තට ආව කෝල් එකත් එක්ක ගෙදර හැමෝම වගේ කලබල වුනා.

(අභිමාන් & තනුර )

කෝල් එකත් එක්ක අපි හැමෝටම තනුර අයියගෙ තාත්තා කතා කලා.කෝල් එක ආන්ස්වර් කලාට පස්සෙ තනුර අයියගෙ තාත්තා අපිට විස්තර කරන්න ගත්තා.

"කතා කලේ පොලිසියෙන්.එයාලා කෙනෙක් සැක කරනවා."

"කාවද?" මම ඇහුවා.

"ඔයාලා මේක පිලිගන්න එකක් නෑ.ඒ අය කියන්නෙ බොහෝවිට ජගත් මේක කලා වෙන්න පුළුවන් කියලා."

" ඒත් එහෙම වෙන්නෙ කොහොමද? මල්ලිගෙ ජීවිතේ බේරුවෙ එයා නේද?"තනුර අයියා ඇහුවා.

"ඔව්. ඒක තමයි මාත් කල්පනා කලේ"

"එතකොට එයාව අත්අඩංගුවට අරගෙනද?" අම්මා ඇහුවා.

"නෑ සැකයක් විතරයි.එයා ගැන දැන් සෙවිල්ලෙන් ඉන්නෙ."

"ඒට් එයාව සැක කරන්න හේතුව?" මම ඇහුවෙ කලබලෙන් වගේ.මොකද කියනවන්ම් ඒක කලේ ජගත් අන්කල් නෙවෙයි කියන එකමගෙ හිතේ පැලපදියන් වෙලා තිබුනා.

"ගින්නට කලින් ඔයාලගෙ ගෙදර ඇවිත් තියෙන්නෙ එයයි එයාගෙ වයිෆුයි විතරයි.ඒ වගේම අභිමාන් කියපු එකත් ඒ අය සලකලා තියනවා."

"අර කොරගහන ගතිය ගැනද? මන් ඒක කිව්වෙ නිකම් හිතුන නිසා."

"හරි. ඒත් එයාලත් හිතන්නෙ පොලවෙ ඒ වගේ අඩි සලකුනු තියෙන්න පුළුවන් කොර ගහන කෙනෙක්ගෙන් විතරයි කියලා."

තනුවWhere stories live. Discover now