....🎶තනුව🎶.... දහහත්වැනි වෙළුම...

517 97 4
                                    


             

තනුර අයියයි මමයි දෙන්නම කාමරේට ගියා.කාමරෙන් කාමරේට bathroom තිබුන නිසා මම මුලින්ම නාගත්තා.නාලා එලියට එනකොට මුළු කාමරේම අඳුරුයි.ලයිට් ඕෆ් කරලා.මම තනුර අයියට කතා කලා.ඒත් සද්දයක් නෑ.මම ආපහු කතා කලා.මගෙ පිටිපස්සෙන් කවුරු හරි ගියත් කළුවර නිසා මම දැක්කෙ නෑ.මට ටිකක් විතර බය හිතුනා.

"අයියෙ විහිළු නොකර එන්නකො"මම කිව්වා.

ටිකකින් මට ඇහුනෙ ගිනිකූරක් පත්තුවෙන සද්දයක් තව ටික වෙලාවකින් මුළු කාමරේම ඉටිපන්දම් එලියෙන් ආලෝකමත් වුනා.
තනුර අයියා මගෙ ලඟට ආවා.එයා කලේ මන් ඒ වෙලාවෙ අපේක්ශා නොකල දෙයක්.

"අයියෙ.මොකද මේ ?" මම ඇහුවා.

"මල්ලි.මම මේක කරන්න හිටියෙ ටිකක් ලස්සන නිදහස් තැනකදි.ඒත් මට තවත් ඉන්න බෑ.ඒ නිසයි මෙතනදි මේක කරන්න හිතුවෙ." තනුර  අයියා කියපු කිසි දෙයක් මට තේරුනේ නෑ.ඒත් එයා එකපාරටම මගෙ ඉස්සරහ දණ ගැහුවා.

"අයියේ?" මන් ඇහුවෙ පුදුමයෙන්.

"මට අහන්න බෑ ඔයා මාව බඳිනවද කියලා.ඒත් ඔයා මාත් එක්ක හැමදාම එකට ඉන්නවා නේද?"
තනුර අයියා එකපාරටම ඇහුවෙ මුද්දක් තිබුන හුරුබුහුටි පෙට්ටිය මට පේන්න අරින ගමන්.

මට ඒ වෙලාවෙ ඇත්තටම ඇඬුනා.ඒත් දුකට නෙවෙයි සතුටට.මන් තනුර අයියව බදාගත්තෙ ලොකු සෙනෙහසකින්.මම විනාඩි පහ හයක් යනකම් එයාව බදාගෙන හිටියා.

"කෝ උත්තරයක් දුන්නෙ නෑනෙ?" තනුර අයියා ඇහුවා.

"ඔයාගෙ සතුට වෙනුවෙන් ඕනෙම දෙයක් අයියෙ." මන් කිව්වා.

එදා මට දැනුනෙ කියාගන්න බැරි තරම් සතුටක්.තනුර අයියා මගෙ අතට මුද්ද දැම්මා.මන් ඒක දිහා බලන් හිටියෙ ලොකු සතුටකින්.

"මේ ඒක නෙවෙයි.කට්ටියට පේන්න ඕක දාන්න එපා හරිද? " තනුර අයියා කිව්වෙ මන් එයාට තුරුළු වෙලා ඉන්නකොටමයි.

"හරි අයියෙ."මන් කිව්වා.

ඒත් එක්කම අපිට කෑම කන්න අඬගහන සද්දෙ අපිට ඇහුනා.තනුර අයියත් ඉක්මනට නාලා ආව නිසා අපි දෙන්න ඉක්මනටම පහල තට්ටුවට ගියා.

තනුවOù les histoires vivent. Découvrez maintenant