....තනුව.... දසවන වෙළුම....

729 140 28
                                    

                       

චාරු කියපු දෙයින් මම ලොකු අමාරුවක වැටුනා.දැන්නම් හැම දේම කියන්න වෙනවා.මන් හිතුවෙ මොනවගේ  දෙයක් වෙයිද කියලා.මොනවහරි ක්‍රමයකින් මට උදව්වක් ලැබෙනවනම් මට මේක නොකියා ඉන්න.මම හිතුවා."මොනව උනත් කමක් නෑ මන් මේ දෙය කියනවා." මම හිතුවා.ඒක කියන්න ලෑස්ති වෙනකොටම අපි දෙන්නට කෙනෙක් බාධා කලා.

"හලෝ චාරු.. කාලෙකින් දැක්කෙ." ආව කෙනා එකපාරටම කිව්වා.

"සයුරුනී... ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙ දැක්කෙම නෑනෙ බන්.කොහෙද හිටියෙ?" චාරු පුදුමෙන් වගේ කිව්වා.

සයුරුනී කියන්නෙ චාරුගෙ වගේම මගෙත් හොඳ යාළුවෙක් ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම.විශේෂයෙන්ම කිව්වොත් ඒ රශ්මින අයියගෙ නංගි.සයුරුනී ආව එකට මන් ගොඩක්ම කැමති වුනේ මට මගෙ රහස තව දුරටත් හංගගෙන ඉන්න පුලුවන් වුන නිසා.

"ඉතින් ජෝඩුව මොකද මෙතන කරන්නෙ.ඈහ්?" සයුරුනී ඇහුවෙ කට කොනකින් හිනාවෙන ගමන්

"මොකුත් නෑ බන්, අනික ජෝඩුව කියන්න එපා කියලා හැමදාම කියනවා උඹට" මම කිව්වා.

"ඇයි ඉතින් ජෝඩුවට ජෝඩුව නැතුව වෙන මොනවා කියන්නද?"

"පිස්සුද උඹට අපි යාළුවො විතරයි." මම කිව්වා.ඒත් චාරු නිශ්ශබ්දවම හිටපු එක මට එච්චරම ඇල්ලුවෙ නෑ.

"ඒ චාරු කියපන්කො බන්.මේකි හිතන් ඉන්නෙ අපි කපල් එකක් කියලා"

"නෑ සයූ.අපි හොඳම යාලුවො කියලා උඹ දන්නවනෙ?" චාරු කිව්වා.

"ඉතින් ඉතින් කොහොමද දෙන්නට අම්මා එහෙම සනීපෙන්ද චාරු?"

හිනාවෙවී හිටපු චාරුගෙ මූන ටිකක් අඳුරු වුනා.ඒත් ඒක හංඟගෙන එයා පිලිතුරු දුන්නා.

"අම්මා නැතිවුනා බන්.දැන් සතියක් විතර ඇති."

" අනේ මට සමාවෙයන් බන්.මම දන්නෙ නෑ."

"ඒකට කමක් නෑ බන්" චාරු කිව්වෙ සයුරුනී ගෙ අතින් අල්ලන ගමන්.

"ඇයි අයියා කිව්වෙ නැද්ද බන් උඹට?" මම ඇහුවා.

"නෑ අයියා දන්නව්ද?"

"ඔව් එදා මලගෙදරත් ආවෙ."මම කිව්වා

තනුවWhere stories live. Discover now