තනුව පනස් නමවන හා හැටවන වෙලුම්

309 47 7
                                    


                      .....🎶තනුව🎶....
                   පනස් නමවන වෙළුම..

විශ්ව අයියා ගැන මම හොඳටම දැනගෙන හිටියෙ රශ්මින අයියා එක්ක මම  යාළු වෙලා හිටපු කාලෙ ඉඳලමයි.එයාට ඒ දවස්වලත් කම්පියුටර් එකෙන් තොර ලෝකයක් නෑ. රශ්මින අයියගෙත් එයාගෙත් යාළුකම ටිකක් පරන එකක් වුනත් එයත් මගෙ හොඳ යාළුවෙක් වෙන්න ඒ කාලෙ ලොකු කාලයක් ගතවුනේ නෑ.

"ඔයා මොකද්ද කරන්න හදන්නෙ මල්ලි?" රශ්මින අයියා මගෙන් ඇහුවා.

"එයා මොනව වුනත් එක දේකට එපා කියන්නෙ නැ.දන්නවනෙ ඔයා එයා ගැන." මම ඇහුවා.

"ඔයා කියන්නෙ කෙල්ලො ගැනද?" රශ්මින අයියා ඇහුවෙ හිනාවක් මූණට එකතු කරන ගමන්.

"ඒකත් එකක් තමයි.ඒත් එහෙම කෙනෙක් අපිට හොයාගන්න බෑනෙ.අපිට පුළුවන් එයාගෙ අනිත් දුර්වලකම පාවිච්චි කරන්න."

"බොන එක නේද?"

"හරියටම හරි. බොන්න ගත්තම සිහියක් නැති වෙනකම් එයා බොනවනෙ.අපිට පුළුවන් ඒකෙන් මේක දැනගන්න."

"ඔව් ඒකනම් හොඳ ප්ලෑනක්.ඒත් ඒකෙ අවුලක් තියනවා.අපි ඔය කියන දේ උසාවියට ඉදිරිපත් කරන්න ඕනෙ මිනීමරුවට දඬුවමක් දෙන්නනම්" පොලීසියෙන් කිව්වම අපි එයා පැත්තට හැරුනා.

"ඒ කිව්වෙ? මේක ඉදිරිපත් කරන්න බැරිද අපි හොරෙන් ඒක රෙකෝඩ් කරමු." මම කිව්වා.

"බීලා ඉන්නකොට කියපු දේවල් සාක්ශි විදිහට ප්‍රබල වෙන්නෙ නෑ." එහෙම කිව්වම මගෙ බලාපොරොත්තු කඩාවැටුනා.කරන්න හොඳ මොනවද කියලා කල්ප්නා කරනකොට මගෙ හිතට ආවෙ එක විසඳුමයි.

"තව එක ක්‍රමයක් තියනවා" මම කිව්වාම දෙන්නම මගෙ පැත්තට හැරුනා.

"ඒ මොකද්ද?"

"ඔයාට පුළුවන් එයාගෙන් ඇත්ත එලියට ගන්න" මම කිව්වෙ රශ්මින අයියට.

"මොකක් එ කොහොමද?"

"ඔයා හිරේ ගිය හේතුව එයා දන්නවද?"

"ඔව්. චාරුගෙ අම්මගෙ කේස් එකටයි ඔයාට කරදර කරලා සිද්දවුන දේවල් වලටයි කියලා දන්නවා "

"එහෙනම් වැඩේ ලේසී" මම කිව්වා.

"මොකද්ද මම කරන්න ඕනෙ?" රශ්මින අයියා ඇහුවෙ උනන්දුවෙන්.

තනුවWhere stories live. Discover now