....🎶තනුව🎶.... හතලිස් හත්වන වෙළුම...

313 63 1
                                    


              

අසනීපෙ නිසා අපි ගෙදර යන්න හිතාගෙන හිටපු දවසට යන්නත් බැරිවුනා.ඒත් නිවාඩු සතිය ඉවරවෙන්න දවසක් තියනකොට අපි දෙන්නම අපෙ ගෙදර යන්න ලෑස්ති වුනා.තනුර අයියත් මමත් එහෙන් පිටවෙනකොටනම් තනුර අයියගෙ අම්මා එච්චර කැමැත්තක් පෙන්නුවෙ නෑ.

"ඔයත් යන්නම ඕනෙද තනුර?" ඒ තනුර අයියගෙ අම්මා.

"ඔව් අම්මෙ. මම ගිහින් අම්මවත්.."තනුර අයිය ටිකකට නිහඬ වුනා.
"මන් මේ කිව්වෙ අභීගෙ අම්මාවත් බලලා එන්නම්."

"හ්ම්ම්.ඔයා මට පේන්න ඔහොම කියන්න ඕනෙ නෑ.එයා කොහොමත් ඔයාගෙ අම්මා තමයි." තනුර අයියගෙ අම්මා කිව්වෙ තනුර අයියගෙ ඔලුව අතගාන ගමන්.

"ඔය දෙන්නම මගෙ තමයි අම්මෙ." තනුර අයියා එහෙම කියලා අම්මට තුරුළු වුනා.ඒක දැක්කම මට සතුටු හිතුනෙ මේ වගේ දෙයක් තේරුම් ගන්න පුළුවන් දෙමව්පියො ඉන්න කොල්ලෙක් මට ලැබුන එකට.මම ඒකට ගොඩක් ආස කලා.අපි ඉක්මනින්ම අපේ ගෙදරට ලඟා වුනා.මේ වෙනකොට කරපු රැකියාව එක්ක සෑහෙන දුරට ගෙදරට ඕනෙ කරන දේවල් මට ගන්න පුළුවන් වෙලා තිබුනෙ.ඒ නිසා හැමදාම තනුර අයියා එක්කන් එනකොට දැනුන ලැජ්ජා ගතිය මගෙන් ගිලිහිලා ගිහින් තිබුනා.

තනුර අයියා ගේ ඉස්සරහට ගිහින් දොරට තට්ටු කලේ ලොකු හදිසියකින්.

"මොකෝ ඔච්වර හදිසි?" මම ඇහුවා.

"අම්මව බලන්න අනේ ඔයා එක්කන් ආවෙත් නෑනෙ."

"හරි ඉතින් එයා එන්න බෑ කිව්වනෙ."

"හ්ම්ම් කමක් නෑ.ඇයි දන්නෑ දොර වහලා.තාම ආවෙ නෑනෙ." තනුර අයියා හතරවෙනි වතාවටත් දොරට තට්ටු කලා.

ටික වෙලාවකින් දොරත් ඇරගෙන අම්මා එලියට ආවා.මූණ මැලවිලා ගිය ගතියක් මන් දැක්කත් අපිව දැක්කම එයාගෙ මූණ මලක් වගේ විකසිත වුනා.

"පුතාලා ආවද? මන් හිතුවෙ නෑ අද එයි කියලා."

"අපි එන්න හිටියෙනම් අද නෙවෙයි.ඒත් මේ අභී.." තනුර අයියා කියන්න හදන්නෙ මන් අසනීප වුනා කියලා. ඒක අම්මා දැනගත්තොත් එයා කලබල වෙනවා ඒ වගේම  මට අනිවාර්යයෙන් අම්මගෙ තිත්ත කසාය බොන්න වෙන බව දන්න නිසා මම තනුර අයියගෙ අත මිරිකුවා.එයා කතාව නැවැත්තුවා.

තනුවWhere stories live. Discover now