.....🎶තනුව🎶..... තනුව තිස් පස්වන වෙළුම..

364 78 2
                                    


                  
මන් ඇඳෙන් නැගිට්ටෙ ඒ සද්දෙ මොකද්ද බලන්න.අත් දෙක ඈතට දිගාරින ගමන් ලොකු ඈනුමක් යවපු මම කාමරේ ජනේලේ ඇරලා බැලුවා.ගමේ කෙල්ලො ගොඩකුයි තව වැඩිහිටි කීප දෙනෙක්ම අපෙ ගේ ඉස්සරහ මොකක් හරි දෙයක් වටකරගෙන කෑගහනවා.මන් ටිකක් ඉස්සිලා බලනකොටයි දැක්කෙ ඒ තනුර අයියගෙ කාර් එක කියලා.හැමෝම ඒ වටේ ඉඳන් පොරකෑවෙ ඇයි කියලා මට තේරුනේ එතකොටයි.තනුර අයියා කාර් එකෙන් බහින්න බැහුව ඇතුලෙ. මට තරහත් ගියා.
"මගෙ තනුර අයියට මෙච්චර කරදර කරන්න? මන් ඉන්නකම් ඒව කොහෙද?" මටම කියාගත්ත මම කාමරෙන් එලියට ගියා.

"කොහෙද ඔය යන්නෙ?"ඒ අම්මා.

"අර එලියෙ මිනිස්සු තනුර අයුයා වටකරගෙන.තනුර අයියා හිරේ ගිහින් ආව එක දැනගෙනද දන්නෙ නෑ" මම කිව්වෙ කලබලෙන්.

"ඒ ගැන ප්‍රවෘත්ති වලට කිව්වෙ නෑනෙ ලමයො.මිනිස්සු ඒක දැනගන්න විදිහක් නෑ.මින්ස්සු එයාට කැමතියිනෙ ඒ නිසා වෙන්නැති ඔය"

"අනේ මන්දා  මන් එලියට යනවා" මන් එහෙම කියාගෙන් එලියට දිව්වා.

මිනිස්සු කාර් එක වටකරගෙන.ඒ අතරෙ එක්කෙනෙක් අනිත් අයට හොරෙන් හොරෙන් මොනවහරි කියනව මන් දැක්කා.

"ඒයි. කට්ටිය මොකද ඔය කරන්නෙ? ඇයි ඔය කාර් එක වටකර්න්." මන් ඇහුවා.

"මේ මිනිහෙකුට පිහියෙන් ඇනපු කෙනෙක්.මේ වගේ අය ගමට ගෙන්න ගන්න හොඳ නෑ." කට්ටිය අතරින් එක කටකාර කොල්ලෙක් කිව්වා.

"ඔයා දැක්කද එයා අනිනවා."මන් ඇහුවෙ තරහෙන්.

"නෑ මම දැක්කෙ නෑ."

"එහෙනම් කොහොමද කියන්නෙ?"

"පත්තරේ තිබුනෙ.හිරෙත් ගියා කියලා" ඌ කිව්වෙ මන් දිහා අමුතු හිනාවක් දාලා බලන ගමන්.

"පත්තරකාරයන්ටත් ඕනෙ නැති රෙද්දක් නෑ."මට හිතුනා.
"ඒක ලියපු කෙනත් ඔය සිද්දිය දැකලා ලිව්වා නෙවෙයිනෙ.අනික එයා එහෙම කලත් මොකද? ඒක කලේ වැරැද්දක් කරන්න හිතාගෙන නෙවෙයි"

"ඒ කොහොමද ?"

"එයා ඒක කලේ මාව බේරගන්න.කෙනෙක් ගැන හරියට දන්නෙ නැතුව මෙහෙම කරදර කරන්න එපා" මන් කිව්වා.මන් හෙමින් සැරේ තනුර අයියා එක්ක ගමේ අයගෙ තිබුන වැරදි වැටහීම අයින් වෙබ විදිහට කතා කලා.

තනුවМесто, где живут истории. Откройте их для себя