මන් චාරුගෙන් ආව කෝල් එක ආන්ස්වර් කලා.ඒත් මන් වචනයක්වත් නොකිව්වෙ මොන හේතුවක් නිසා කෝල් කරාද කියල නොදන්න නිසා.
"අභී. ඇයි කතා කරන්නෙ නැත්තෙ?" චාරුගෙ කටහඬ එහා පැත්තෙන් ඇහෙන්න පටන් ගත්තා.
"ආ කියන්න චාරු.ඇයි කෝල් කරේ." මන් වෙනදා වගේ කතා කලේ නෑ.
"මට ඔයාව හම්බවෙන්න ඕනෙ.අද හම්බෙන්න පුලුවන්ද?"
" මන් ගෙදර නෙවෙයි ඉන්නෙ.බදුල්ලට ආවා තනුර අයියගෙ වැඩකට.හදිසියක්ද ?"
"නෑ අභී.මන් හිතන්නෙ මගෙ අතින් ලොකු වරදක් උනා කියලා.ඔයාව හම්බෙලා ඒක නිවැරැදි කරගන්නයි ඕනෙ."
"මන් හෙට ගෙදර එනවා.හවස් වෙලා එන්න." මම කිව්වා.
"උඹට මාත් එක්ක තරහක් නැද්ද බන්? "
"තරහා උනේ ඔයා මිසක් මම නෙවෙයිනෙ චාරු." මම කිව්වෙ හිතේ තිබුනු දුක වචන වලින් නොදැනෙන විදිහට.
"ඔයා එන්නකො.අපි එහෙනම් හම්බවෙලාම කතා කරමු."චාරු එහෙම කියලා ෆෝන් එක තිබ්බා.
මම තනුර අයියා දිහාට හැරුනා.වෙලාව උදේ 5.30යි.මන් තනුර අයිය දිහා බලාගෙන හිටියා.ඒ මූණ නිදාගෙන ඉන්නකොට කොච්චර ලස්සනද මට හිතුනා.පුංචි ඇස්.පුංචි කට ඒ ඔක්කොම මන් ආස කරපු විදිහමයි.මන් ආපහු තනුර අයියට තුරුළු වුනා.නින්දෙන් වුනත් එයා මගෙ ඇඟට උඩින් අත දාගත්තා.මන් ඇඟිල්ලෙන් එයාගෙ පපුවෙ ඉරි අඳින්න පටන් ගත්තා.ආපහු නිදාගන්න හිතුවත් නිදිමත මගෙ අහලකවත් නෑ.තනුර අයියාව ඇහැරවන්න හිතෙන්නෙත් නෑ.මන් හෙමීට ඇඳෙන් නැගිට්ටා.ඇඳෙන් බැහැලා මන් ශීට් එක තනුර අයියට පෙරෙව්වා.මන් කාමරේ අයිනෙ ජනේලෙ ගාවට ගිහින් ටිකක්වෙලා ඈත බලන් හිටියා.කඳු වලළු අතරින් හිරු නැගෙන හැටි.ඒ පලවෙනි කිරණ මීදුම් පටලය ඉරාගෙන එන හැටි දැක්කම මට ඒ දර්ශනයෙන් ඇස් ඉවතට ගන්න පුලුවන් උනේ නෑ.හෙමින් මතුවෙන හිරු කිරණට මගෙ මූණට වැටෙන්න මන් ඉඩ දුන්නා.කරේ තිබුණ ලොකට් එක මන් ගලවලා ගත්තා.
"අයියෙ,
මේ දේවල් ඔයාට කියන්න ඕනෙ කියලා හිතුනා.රශ්මින අයියගෙන් පස්සෙ කවදාවත් ආදරයක් ඕනෙ නෑ කියලා හිතුනත් තනුර අයියා එක්ක් අද ආදරයක මන් ආයෙත් පැටලුනා.මන් හිතන්නෙ ඔයා මට ඒකට සමාව දෙයි කියලා.මන් වරදක් කලා කියන හැඟීමක් මට දැනෙනවා.ඒත් තනුර අයියව මට ඔයාව වගේම දැනෙනවා අයියෙ.මගෙ ජීවිතේට අලුත් ආරම්භයක් ලැබෙයි කියල හිතෙන්නෙ.කොහොම වුනත් මීට පස්සෙ ප්‍රශ්නයක් ඇති නොවෙන විදිහට මන් වැඩ කරනවා.මන් වරදක් කරන්නෙ නෑ කියලා හිතෙනවනම් මට ඒක කියන්න අයියෙ.ඔයා මන් ගාවමයි කියන එක හැමවෙලේම දැනෙනවා.ඒක හිතේ මැවෙන දෙයක්ද නැද්ද කියන්න මන් දන්නෙ නෑ."