....🎶තනුව🎶..... විසිහත්වන වෙළුම...

404 79 2
                                    

                         

තනුර මියුරුගෙ බෙල්ල වටෙන් අත දාලා තමන්ෆෙ පැත්තට තද කර ගත්තා.ඒවගේම ආදරණීය බැල්මකින් මියුරු දිහා බැලුවා.තනුරව සිපගන්න මියුරු හිටියෙ නොයිවසිල්ලෙන්.ඒ හැඟීම විඳින්න හිතාගෙන මියුරු ඇස් පියාගත්තා.එත් සිද්දවුනේ මියුරු හිතපු දේ නෙවෙයි.තනුරගෙ අතට අහුවුනේ ඇඳ අයිනෙ තිබුණ ඉටිපන්දම් රඳවනයක්.ඉටිපන්දම් 4 රඳවන්න සැකසුන ඒකෙ උඩ කොටස නෙළුම් මලක හැඩයක් එක්කම තිබුන නෙළුම් පොහොට්ටුවකින් හැඩ කරල තිබුනා.නෙළුම් පොහොට්ටුව තියන තිබුන කොටස තියුනු උලක් විදිහටයි හදලා තිබුනෙ.ඇස් පියාගෙන තනුරව සිපගන්න බලන් හිටපු මියුරුගෙ බඩට තනුර එකපාරටම ඉටිපන්දම් රඳවනයෙන් ඇන්නෙ හිතේ තිබුණ තරහා අතට එකතු කරමින්.වෛරයෙන් දිලිසෙන ඇස් මියුරු දිහාට හරවලා තනුර බලාගෙන හිටියා.

"ආහ්..."මියුරුගෙන් නැගුනෙ වේදනාකාරී විලාපයක්.ඒ එක්කම ඈතට වෙන්න හැදුවත් තවමත් තනුරගෙ අතේ තිබුන ඉටිපන්දම් රඳවනය මියුරුගෙ කුසට ඇමිනිලා තිබුන නිසා මියුරුට ඒක කරගන්න බැරිවුනා.

"උඹ මොකද්ද මේ කරේ" මියුරු වේදනාවෙන් ඇහුවෙ තුවාලය දිහාට හැරිලා බලන ගමන.

"උඹ හිතුවෙ මන් උඹ වගේ කියලද? මට ඕන වුනේ උඹෙන් පලිගන්න විතරයි.මගෙන් මැරුම් කන්නෙ නැතුව අභී කොහෙද කියපන්" තනුර කිව්වා.

"මාව මැරුවත් මන් ඒක උඹට කියන්නෙ නෑ.ඌ දුක්විඳලා මැරුනදෙන්" මියුරු කිව්ව දේ තනුරගෙ තරහා වැඩි කරන්න හේතුවක් වුනා.මියුරුගෙ ඇඟට ඇමිනිලා තිබුන ඉටිපන්දම් රඳවනය තවත් ඇතුලට තද කලා.

"කියපන් බල්ලෝ.මන් උඹව මරලා දාන්න කලින් කියපන්" තනුර කෑ ගැහුවෙ තරහෙන්.

"හරි මන් කියන්නම්" මියුරු කිව්වෙ වේදනාවෙන්."මන් කියන්නම්." මියුරු වේගෙන් හුස්ම ගන්න පටන් ගත්තා.

"කියපන්." තනුර එකපාරටම මියුරුගෙ ඇඟේ ඇනිලා තිබුන දේ ඇදලා දැම්මා.මියුරුගෙ කටින් පිටවුනේ ලොකු විලාපයක් විතරයි.ඒත් තනුරගෙ හිතට තරහා නිසා ඇතිවෙලා තිබුන දරුණු කම ටිකක්වත් අඩු වුනේ නෑ.ඒ එක්කම මියුරුගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.තනුර ෆෝන් එක ආන්ස්වර් කලේ උතුරන කෝපයෙන්.

තනුවWhere stories live. Discover now