....🎶තනුව...🎶.... තිස් නමවන වෙළුම...

338 67 2
                                    

                    
චාරු මාව කාර් එකේ පිටිපස්සට එක්කගෙන ගියා.චාරුගෙ ගේ වටේම තිබුන බැම්ම නිසා වත්ට්ග අතුලෙ ඉන්න කෙනෙකුට පාර පේන්නෙ නෑ.චාරු කාර් එකේ පිටුපස්සට ගිහින් මාත් එක්ක කතා කලා.

"අභී. Thank you  මාත් එක්ක අද ආවට."

"Thank you කියන්න ඕනෙ නෑ චාරු"

"මගෙ හිතේ දැන් තියෙන්නෙ එක ප්‍රාර්ථනයක් විතරයි.ඒ ඔයාටත් තනුර අයියටත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා. තිමිරවත් හොඳට බලාගන්න අභී. මේ සතියට ආපහු මන් ඔයාගෙ හොඳම යාළුවා වෙනවා.අද අපි කරපු දේවල් මට කවදාවත් අමතක වෙන එකක් නෑ."

"ඒත් චාරු ඔයා යනවටනම් මන් ටිකක්වත් කැමති නෑ." මන් කිව්වා.

"මන් යන්නම ඕනෙ.නැත්තම් ඔයාලට මාව බාධාවක් වෙයි.ඒ නැතත් මට හිත හදාගන්න අමාරු වෙයි." කියපු චාරු මන් දිහා බලාගෙනම හිටියා.

"තව එක උදව්වක් කරන්න පුළුවන්ද ?" චාරු ඇහුවා.

"මොකද්ද?"

"ඔයා දන්නවනෙ මන් කවි සින්දු ලියන්න ඉස්සර ඉඳන් දක්ශයි කියලා.ඒ නිසා මන් සින්දුවක් ලිව්වා."

"හ්ම්ම් ඉතින්?"

"ඒක කැමතිනම් තනුර අයියට එයාගෙ සින්දුවක් විදිහට කියන්න කියනවද?"

"මන් කියලා බලන්නම්" මන් කිව්වා.

"අභී මේක මගෙ හීනයක්.මම ලියපු සින්දුවක් ටි වී එකේ යනව දකින එක.ඔයාට පුලුවන් නේද ඒක ඇත්තක් කරන්න."

"මන් කරන්නම්" මම කිව්වෙ චාරුගෙ අතින් සින්දුව ලියපු කොලේ ගන්න ගමන්.

"මන් යනවා අභී.පරිස්සමින් ගෙදර යන්න." චාරු ගේ පැත්තට හැරුනෙ ස්තුතිය පෙන්වන බැල්මක් මගෙ දිහාට දාලා.ටිකකින් ආපස්සට ආව චාරු එකපාරටම මගෙ කම්මුල සිපගත්තා.හදිසියෙම වුන දෙයින් මන් කලබල වුනත් මන් හිටපු ඉරියව්වෙන්ම හිටියා.මගෙ දිහා බලලා හිනාවුන චාරු ඉක්මනින්ම ගෙදරට දිව්වෙ තව මොහොතක්වත් පමා නොවී.

ගෙදර යන්න මන් ආපහු කාර් එකට නැග්ගා.ඩ්‍රයිවර් අයියා එක්ක කතා කරකර ආපහු එන අතරෙ තනුර අයියට කතා කරන්නත් මන් අමතක කලේ නෑ. ගෙදර ගිහින් කතා කරන පොරොන්දුව පිට මන් කෝල් එක කට් කලා.ඒත් එදා තනුර අයියා එක්ක කතා කර කර ඉන්න තරම් මූඩ් එකක් මට තිබ්බෙ නෑ.ඒකට හේතුව චාරු. අපි අතර තිබුන යාළුකම දුරස් වෙන්න යන බව දැනුනම මට ගොඩක් දුක හිතුනා.මම රෑ තිස්සෙ එයා ගැන කල්පනා කලා.අම්ම මගෙ වෙනස  දැකලා ඒ ගැන ඇහුවමත් චාරු මට ආදරය කරන එක හැරෙන්න එයා ගැන අනිත් දේවල් මම කිව්වා.

තනුවWhere stories live. Discover now