....🎶තනුව🎶.... පනස් හත්වන වෙළුම...

262 58 4
                                    


                

මම පොලීසියට පිය නැගුවෙ තරහෙන්. තනුර අයියයි අම්මයි ඉන්න තත්වෙ වගේම ජගත් අන්කල් කියන්නෙ මගෙ ඇත්ත තාත්තා කියන එකත් මගෙ හිතට එයා ගැන ලොකු තරහක් ඇති කලා. පොලිස් අවසරය මත මට ජගත් අන්කල්ව බලන්න ලැබුනා.මම කලේ කූඩුව ඉස්සරහට වෙලා අත් දෙකත් බැඳගෙන එයා දිහා බලන් හිටපු එක.දාහකුත් ප්‍රශ්න මගෙ හිතේ තිබුනත් එයා ඒ වෙලාවෙ හිටපු විදිහ මගෙ හිතට අමුතු අනුකම්පාවක් ඇති කලා.ඒකෙන් මාව නිහඬ වුනා.ඒක එහෙම වුනේ අම්මා එයා ගැන කියපු දේ නිසා කියලා මට හිතුනා.මම පැත්තකට වෙලා බලන් හිටියත් ජගත් අන්කල් නම් එහෙම හිටියෙ නෑ.

"පුතේ. මාව මේකෙන් බේරගන්න.මම මේ කිසි දෙයක් කලේ නෑ."මම ඒකට පිලිතුරක් දුන්නෙ නෑ.

"මම කිසි දෙයක් කලේ නෑ පුතේ.මට ඔයාලව මරන්න ඕනෙ නෑ.ඔයා මගෙ.." එයා කතාව නතර කරලා මන් දිහා බැලුවා ."ඔයා මට මගේම දරුවෙක් වගේ.

"ඒ නිසාද මරන්න යන්නෙ? ඔයා නිසා මගෙ අම්මා අද බෙල්ලෙන් පහල පණ නැති ලෙඩෙක් වෙලා. තනුර අයියා කෝමා එක්කට ගිහින්.හැමදේටම වගකියන්න ඕනෙ ඔයා." මම දිගටම එයාට චෝදනා කලා.

"මම මේක කලේ නෑ පුතේ."ජගත් අන්කල් කිව්වත් මගෙ හිතේ ඒ ගැන විශ්වාසයක් ඇතිවුනේ නෑ.

"ඔයා මේ දේවල් කරන්නෙ අම්මා ඔයාට මගෙන් ඈත් වෙන්න කියල කිව්ව නිසාද?" මම ඇහුවෙ එයාගෙ ඇස් දිහා කෙලින්ම බලන ගමන්.

"මොකද්ද?"

"ඔයා මගෙ කවුද කියලා මන් දන්නවා."මං කිව්වෙ අම්මට වුන පොරොන්දුව අමතක කරමින්.මම කියපු කතාව එයාට කම්පනයක් ඇති කලා කියලා මට තේරුනා.

"ඔයා කොහොමද ඒක දැනගත්තෙ?"

"වෙන කවුරුවත් කියන්න විදිහක් නෑනෙ.මන් දැනගත්තෙ මගෙ අම්මගෙන්. ඒත් ඔයාලා මට කරපු දේට අනුව මන් ඔයාට මෙහෙම කතා කරන එකත් වැරදි.අවුරුදු 21 කලින් මගෙ ජීවිතේ විනාස කරලා ආපහු සැරයක් දැන් ඇයි කරදර කරන්නෙ?"

"ඔයා මගෙයි චමිලගෙයි පුතා කියලා ඔයා දන්නව එහෙනම්.ඒත් පුතේ මට ඔයාව මරන්න වුවමනාවක් නෑ.මම මේක කලේ නෑ. චමිලා හොස්පිට්ල් එකේ අමාරුවෙන් ඉන්නෙ.අනේ පුතේ මාව බේරගන්න."  ජගත් අන්කල් කෛයන්නෙ ඇත්ත බව මට තේරුනා.ඒත් මම එයාව විශ්වාස කලේ නෑ.

තනුවWhere stories live. Discover now