....🎶තනුව🎶..... හැට දෙවන වෙළුම...

Start from the beginning
                                    

"බොරු කියන්න එපා හු%$&. ඇත්ත කියපන් ඒ කවුද කියලා" මම කෑ ගැහුවෙ ඉවසීමේ සීමාව ඉක්මවා යමින්.

"අභී මොකද මේ කෑගහන්නෙ? අපිත් හිතාගෙන හිටියෙ ඒ එයාමයි කියලා නේද?" රශ්මින අයියා ඇහුවෙ මගෙ අතින් අදිමින්.

"ඒ එයා නෙවෙයි. මට ඒක හොඳටම විශ්වාසයි." මම කිව්වා.ඒ එක්කම මගෙ හිතේ නිරාශ් ගැන ආවෙ ලොකු තරහක්.මම ඉක්මනින්ම ගියෙ ඉන්ස්පෙක්ටර් ගාවට එයාගෙ ඉනේ තිබුන තුවක්කුව මම ගත්තෙ ඉන්ස්පෙක්ටරව රශ්මින අයියා දිහාවට තල්ලු කරමින්.මම ඒක නිරාශ්ගෙ ඔලුවට ඉලක්ක කලා.

"ඇත්ත කියපන්. මම නැත්තම් උඹව මේක අස්සෙම ඉවරයක් කරලා දානවා."මම කෑගැහුවා.

"පුතා මොකද්ද ඔය කරන්නෙ?" ඉන්ස්පෙක්ටර් ඇහුවෙ මන් දිහාට එන ගමන්.

"ළඟට එන්න එපා. ආවොත් මම මුට වෙඩිතියනවා." මම කිව්වෙ තරහෙන් වෙව්ලන අතින් පිස්තෝලය අල්ලගන්න ගමන්.

"මල්ලි මොකද්ද ඔය කරන්නෙ? අපිත් සැක කලේ ඒ දයාරත්න කියලා නේද?" රශ්මින අයියා ආපහු ඇහුවා.

"ඒ එයා නෙවෙයි.එයාට මෙහෙම දෙයක් කරන්න බෑ.අනික මේ වගේ ්දෙයක් එයාට කවදාවත් කරන්න බෑ.ඒ කවුද කියලා මන් දන්නවා. මට ඕන ඒක තහවුරු ක්රගන්න විතරයි. " මම කිව්වා.

"කියපන්" මම ආපහු පිස්තෝලය නිරාශ්ට දික් කලා.

"මන් කියන්නම්" නිරාශ් කිව්වෙ පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් බිත්තියටම ඇලෙමින්.මේ වෙලාවෙ කූඩුව ඇතුලෙ හිටපු හිරකාරයනුත් කූඩුවෙ මුලුවල ගුලිවෙන හැටි මන් දැක්කා.

"ට. ට.. ටකේශාට තමයි මන් හැමදේම කිව්වෙ" නිරාශ් අයියා කිව්වෙ වෙව්ලන කටහඬින්.මගෙ හිතේ තිබුන සැකය තහවුරු වුනා.මම තුවක්කුව බිමට අතෑරියා.ඒ ගමන්ම පොලිසියෙ අය මාව අල්ලගත්තා.පිස්තෝලය ඇහිඳගත්ත ඉන්ස්පෙක්ටර් මගෙ ගාවට ආවෙ ඊටත් පස්සෙ.

"ඒ එයා තමයි. මම දැනගෙනයි හිටියෙ" මම කිව්වෙ මටමයි.

"බන්ධනාගාරෙ ඇතිකරපු ප්‍රශ්නෙ වෙනුවෙන් මට සෑහෙන අවුල් ගොඩකට මූණදෙන්න වුනා. මන් වෙනුවෙන් ඉන්ස්පෙක්ටර් ඉදිරිපත් වුන නිසා ඉක්මනින්ම ඒවා විසඳගන්න පුළුවන් වුනා.

තනුවWhere stories live. Discover now