තනුව පනස් නමවන හා හැටවන වෙලුම්

Start from the beginning
                                    

"ඔයා එයාව හම්බෙන්න යන්න.වෙනදා විදිහටම.ගිහින් කතා කරන්න."

"ඊට පස්සෙ?"

මම වෙන්න ඕනෙ හැමදේම  රශ්මින අයියට පැහැදිලි කලා.

"ඒත් ඒක හරියයි කියලා හිතනවද?" රශ්මින අයියා ඇහුවා.

"ගොඩක් විට හරියයි" පොලිස් නිලධාරියා කිව්වම මටත් හිතට සහනයක් දැනුනා.

"කවද්ද මේක කරන්නෙ ?" රශ්මින අයියා ඇහුවෙ පොලීසියෙන්

"පුලුවන් තරම් ඉක්මනට.හෙටම වුනත් කමක් නෑ.අභිමන්ගෙ වගේම තනුරගෙ ජීවිත වලට තියන බලපෑම වැඩී. එයාල තාම ජීවත් වෙනව කියන එක මේක කරපු කෙනා දන්නවා ඒ නිසා ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන්."

"හරි මම මේ වැඩේ හෙටම පටන්ගන්නම්." රශ්මින අයියා කිව්වා.

මම ආපහු ගෙදර ආවා.කවදාවත් නොතිබුන අමුතු පාළු බවක් මුළු ගෙදරම මට දැනුනා.වෙනදා කොහෙ ගිහින් ආවත් මාව ඉස්සෙල්ලාම පිලිගන්න ගේ ඉස්සරහට එන අම්ම දැන් නැති එක මගෙ හිතට ලොකු දුකක් එකතු කලා.ඊට පස්සෙ ජීවත් වෙලා හිටපු අයගෙන් මම වැඩියෙන්ම ආදරේ කරපු මගෙ තනුර අයියත් නෑ.දැන් මම සම්පූර්ණයෙන්ම තනිවෙලා.තනුර අයියගෙ අම්මා මන් දිහා බැලුවෙත් තරහෙන්.මට තිබුන එකම සැනසීම තනුර අයියගෙ තාත්තා විතරයි.ඒත් එයා එක්ක කතා කරන්න තරම් මගෙ හිතේ කැමැත්තක් තිබුනෙ නෑ.

"මම නිහඬවම කාමරය පැත්තට ඇදුනා.ෆෝන් එකෙ තිබුන තනුර අයියත් මාත් අම්මත් එකට ඉඳන් ගත්ත එකම ෆොටෝ එකත් ඕපන් කරගෙන මන් ඇඳේ වාඩි වුනේ සිතුවිලි ගොඩක් මැද හිරවෙලා.ඒ එක්කම ටකේශා අක්කා කාමරේට ආවා.

"මල්ලි?" එයා කතා කලේ පසුතැවෙන කටහඬකින්.

"ඇයි අක්කෙ? " මම ඇහුව ඒ එක්කම මට මතක් වුනේ හොස්පිට්ල් එකේදි එයාට කෑ ගහපු විදිහ.

"ඔයා මාත් එක්ක තාම තරහෙන්ද ඉන්නෙ?"

"නෑ අක්කෙ. මට සමාවෙන්න කෑ ගහපු එකට.මට ගොඩක් තරහා ගියා."

"ඒකට කමක් නෑ.කොහොම වුනත් මමයි වැරදි.ඔයාලා සතුටින් ඉන්න්කොට මමයි මැද්දට ආවෙ"

"ඔයා වරදක් කලේ නෑ අක්කෙ. මම තමයි ලොකුම වරද කලේ"

"එ කොහොමද ආදරෙන් හිටපු ඔයාලා දෙන්නා මැද්දට ආවෙ මම." ටකේශා අක්කා කිව්වා.

තනුවWhere stories live. Discover now