....🎶තනුව🎶..... පනස් හයවන වෙළුම

Start from the beginning
                                    

"ඔයා ආපහු පරණ විදිහටම ඉඳී අම්මෙ.තනුර අයියත් එහෙම ඉඳීවි.ඒකට ටික කාලයක් යයි."මම කිව්වෙ අම්මා දිහා නොබලා.

"ඔයා කිව්වෙ බොරුවක් කියලා ඔයාම දන්නවනෙ පුතේ.ඒකනෙ මන් දිහා බලන්නෙ නැත්තෙ" අම්මා කිව්වා.

මන් ඒකට උත්තරයක් දුන්නෙ නෑ.

"ඔයාට දෙයක් කියන්න තියනවා පුතේ.මං මැරුනොත් මම මේක නොකිව්ව කියලා දැනගෙන ඔයා මට වෛර කරයි."

"ඔයාට මොකුත් වෙන්නෙ නෑ අම්මෙ." මම කිව්වෙ තරහින් අම්මා වුනත් මට දුක හිතෙන විදිහට කතා කරනවට මන් කැමති වුනෙ නෑ.

"අහගන්න මම කියන එක.ඒත් කලබල වෙන්න එපා." අම්මා කිව්වා.

"මන් නැතිවුනත් ඔයා මේ ලෝකෙ තනිවෙලා නෑ පුතේ.ඔයාගෙ ඇත්ත දෙමව්පියො ජීවත් වෙනවා." අම්මා කිව්වම මට දැනුනෙ මාව වැටෙන්න යනවා වගේ

"මොකද්ද?" මම ඇහුවා.

"ඒක ඇත්ත. ඔයාගෙ දෙමව්පියො ජීවත් වෙනවා.එයාලා මාත් එක්ක කතා කලා.එයාලා ආපහු ඔයාව එයාලා ලඟට ගන්න ලෑස්තියි.ඒත් මම ඒකට කැමති වුනේ නෑ.ඒත් දැන් මම කැමතියි."

"මට එයාලව ඕන් නෑ අම්මෙ.මට ඕනෙ ඔයාව.අවුරුදු 21 ම මාව ඕන වුන් නැති එයාලට දැන් මාව මොකටද?" මම ඇහුවා

"එහෙම කියන්න එපා.ඔයාට එයාලා ගැන දැනගන්ම ඕනෙ නැද්ද?"

"මට ඕනෙ නෑ.එයාලව වැඩක් නෑ මට." මම කිව්වෙ තරහින්.

"එත් මම කියන එක විතරක් අහන්නකො.කියන නිසාවත්" අම්මා කිව්වා.

"කියන්න."

"ඔයාගෙ අම්මයි තාත්තයි ඔයාට හම්බෙලත් තියනවා කතා කරලත් තියනවා." ඒ කතාව මට කුතුහලයක් ඇති කලා.

"ඒ කවුද?" මම ඇහුවා.

" ඔයාගෙ ජීවිතේ බේරපු ජගතුයි චමිලයි." අම්මා කිව්වෙ මගෙ ඇස් දිහා බලමින්.

"මොකද්ද ඒ කිව්වෙ?" මම ඇහුවෙ කලබලෙන්.කොහොමද එහෙම වෙන්නෙ ජගත් අන්කල් මගෙ තාත්තා.එතකොට අවුරුදු 21 කලින් පාර අයිනෙ දාලා ගියෙ එයාලද? එහෙම කරන්න හේතුව මොකද්ද?" මම කල්පනා කලා.

"මේක බොරුවක් නේද අම්මෙ.කිටන්නකො බොරුවක් කියලා." මම කිව්වෙ අම්මගෙ අත අල්ලමින් මට ඩොක්ට කියපු හැමදේම අමතක වුනා.

තනුවWhere stories live. Discover now