"සොරි මල්ලි" තනුර අයියා කිව්වා.
"සොරි තමයි.මන් හිතුවෙ බැනුම් අහන්න වෙයි කියලා."
"අම්මා ඔයාට බනින්නෙ නෑනෙ. ඒකයි ඔයා පටන්ගත්තා කිව්වෙ"
"හාකො." මම කිව්වෙ තරහෙන් වගේ.ඒත් මගෙ හිතේ තිබුන තරහා තිබුනෙ තනුර අයියා එක්ක නෙවෙයි.අපේ රොමෑන්ටික් මූඩ් එක සම්පූර්ණයෙන්ම සවුත්තු වුන එකටයි මට තරහා ගියෙ.
"අම්මා නැන්දලගේ ගෙදර යනව කියලා මට කිව්වෙ නැනෙ." මම කිව්වා.
"අමතක වෙන්න ඇති."
"මම ගිහින් අහලා එන්නම්" මම ඇඳෙන් නැගිට්ටා.එහා කාමරේට ගියෙ අම්මා බලන්න..
"අම්මෙ?" මම කතා කලා.
"ආ පුතේ මම හෙට නැන්දලාගෙ ගෙදර යනවා."
"මට කිව්වෙත් නෑනෙ මොකද්ද හදිසිය?"
"නැන්දා ටික දවසක් ඉන්න එන්න කියලා කතා කලා.ඒකයි."
"කවද්ද ආපහු එන්නෙ?"
"සතියකින් විතර එනවා."
"හ්ම්ම් කමක් නෑ." මම කිව්වෙ ඒ තරම් කැමැත්තකින් නෙවෙයි.ඒ මාමා නිසා.
පහුවදාට එළි වුනා.තනුර අයියගෙ තාත්ත එක්ක තනියම දවස ගත කරන්න වෙන නිසා මන් හිටියෙ අකමැත්තෙන්. අම්මත් යනවනෙ.ඒත් මම දැක්කෙ තනුර අයියා ඇඳේ එහාපැත්තෙ තාමත් ගුලිවෙලා ඉන්න හැටි.
"අයියෙ.. නැගිටින්න. අම්මා ලෑස්ති වෙන්න කිව්වා නේද උදේම?" මම ඇහුවා.
"හ්ම්ම්. ඒත් යන්න වෙන එකක් නෑ."
"ඇයි?"
"මට නිකන් සනීප නෑ වගේ මල්ලි.ඇඟත් එක්ක රිදෙනවා." තනුර අයියා කිව්වෙ අමාරුවෙන් වගේ.
ඒ එක්කම වගේ තනුර අයියගෙ අම්මා කාමරේ දොරට තට්ටු කලා.
මම දොර ඇරියා."තනුර ලෑස්තිද පුතේ?"
"නෑ අම්මෙ.එයාට සනීප නැ වගේ.ඇඟට අමාරුයි කිව්වා." මම කිව්වෙ සැකසහිතව.රෑ කිසිම අසනීපයක් නැතුව උදේ කොහොමද මෙහෙම වෙන්නෙ?"
තනුර අයියගෙ අම්මත් ගිහින් තනුර අයියව බැලුවා.එයා කතාකලේ ඇත්තටම අමාරුවෙන් වගේ.
....🎶තනුව🎶.... පනස් දෙවන වෙළුම....
Почніть із самого початку