....🎶තනුව🎶.... හතලිස් හතරවන වෙළුම...

Start from the beginning
                                    

"කොහොමද ඔයාට? හිතන්නෙ හොඳින් කියලා"අභීගෙ අම්මා ජගත්ගෙ බිරිඳ එක්ක කතාවට වැටුනා.

"මම නම් ඉතින් හොඳින් වගේ තමයි.ඒත් මේ කරුම ලෙඩේ හින්දා හැමදාම මෙහෙ ඉන්න වෙයිද දන්නෑ."

"එහෙම වෙන්නෙ නෑ.ඔයාගෙ මහත්තයා කරන පින්වල බලෙන් ඔයා ඉක්මනට හොඳවෙයි."අභීගෙ අම්මා කිව්වෙ හිතට එකඟව නෙවෙයි.මොකද කියනවනම් ජගත්ගෙ බිරිද ඉතාම ඉක්මනින් මියයන බව එයා දැනගෙන හිටිය නිසා.ඒ එක්කම අභිගෙ අම්මා ජගත්ගෙ බිරිඳ දිහා බැලුවා එයාට දැනුනෙ අමුත්තක්.ජගත්ගෙ බිරිඳ එයා දිහාම එක එල්ලෙ බලාගෙන ඉන්නව්.

"ආ ඩොක්ටර් මේ බෙහෙත් ටික ගෙන්නගන්න කිව්ව.ෆාමසියෙන් ගේන්න පුළුවන්ද ?" එකපාරටම ජගත්ගෙ බිරිඳ ජගත් දිහාට හැරුනා.

"හරි චමිලා.මන් අරන් එන්නම්.එහෙනම් මිසිස් බණ්ඩාර එක්ක කතා කරකර ඉන්නකො" ජගත් ඉක්මනින් හොස්පිට්ල් එකෙන් පිටවුනා.

"දැන් හංගන්න දෙයක් නෑ.මට කියන්න" චමිලා කිව්වා.

"මොනවද කියන්නෙ?" අභිගෙ අම්මා ඇහුවා.

"ඔයා දන්නව මන් මොකක් ගැනද කියන්නෙ කියලා"

"මොනවද ඔයා මේ කියවන්නෙ?"

"මගෙ පුතා ගැන.එයා කොහෙද දැන් ඉන්නෙ?" චමිලා කෑ ගැහුවා.

"මොන පුතාද? ඔයා මොන්වද කියවන්නෙ?" අභිගෙ අම්මා ඇහුවෙ හිතේ ඇතිවුන් බිය එක්කමයි.ඒ කියන්නෙ මේ ඉන්නෙ අභිමාන්ගෙ ඇත්ත අම්මා කියන එක එයාට තේරුනා.

"ඔයා කියන කිසි දෙයක් මට තේරෙන්නෙ නෑ.මට ඉන්නෙ මගෙ පුතා විතරයි."

"තවත් මට හංගන්න ඕනෙ නෑ.මන් ඇත්ත දන්නව.එදා ඔයා තමයි මගෙ දරුවා අරන් ගියෙ." චමිලා කෑ ගැහුවා.

"ටිකක් සංසුන් වෙන්න.ඔයාට කෑ ගහන්න හොඳ නැ."

"කියන්න මගෙ දරුව ගැන."

"ඔයා කියන කෙනෙක් ගැන මන් දන්නෙ නෑ."

"හරි මංම කියන්නම්කො.මන් කියන්නෙ ඇත්තද බොරුද කියලා ඔයාම හිතන්න." චමිලා කිව්වා.

"හ්ම්ම්" අභිගෙ අම්මා කිව්වත් හදවත ගිඩි ගිඩි ගාලා ගැහෙන්න වුනේ අභීව තමන්ට අහිමි වෙයි කියන බයෙන්.

තනුවWhere stories live. Discover now