.....🎶තනුව🎶..... තනුව තිස් පස්වන වෙළුම..

Start from the beginning
                                    

"දැන් ඔක්කොම ආවෙ මෙයාට දඬුවම් කරන්නද?" මන් ඇහුවා.

"නෑ නෑ. අපිට සමාවෙන්න.මෙච්චර දෙයක් දැනගෙන හිටියෙ නෑ." එහෙම කියපු අය එතනින් පිට වුනා.සමහරු නම් ඇවිත් තිබුනෙ තනුර අයියගෙ රසිකාවියො වුන නිසා.ඔක්කොටම ඕන වුනේ එයා එක්ක කතා කරන්න.ඒත් මගෙ අයියව මන් කාට්ග් එක්කවත් බෙදා ගන්නෙ නෑනෙ.ඒ නිසා මන් ඒ අයට ළඟට යන්න නොදී තනුර අයියව ගෙට එක්කගෙන ගියා.

"ඔයාට අවුලක් නෑනෙ අයියෙ?" මන් ඇහුවා.

"නෑ මල්ලියො." තනුර අයියා මන් දිහා බැලුවෙ හරිම ආදරණීය විදිහට මන් ඒකට වශී වුනා වගේ.මම ඒ දිහාම බලන් හිටියා.

"පුතා ගිහින් මූණ හෝදන් එන්න.කුණුකෙල පිටින් මිනිස්සු ළඟට යනවද?" අම්මා එහෙම කියනකොටයි මන් හිටපු විදිහ මතක් වුනේ.කොට කලිසමක් ඇඳගෙන කොන්ඩෙත් අවුල් කරන් දතුත් මැදලා නැතුව.මට ඇතිවුනේ ලොකු ලැජ්ජාවක්.මිනිස්සු ඉස්සරටත් ගියෙ මෙහෙමනේ.මන් ලිඳ පැත්තට දිව්වෙ මොහොතක්වත් පමා නොවී.මන් ඉක්මනට නාන්න පටන් ගත්තා.
...............................................................
(තනුර)
අභී නාන්න ගිය දිහා තනුර බලන් හිටියෙ හිනාවෙවී.

"යාළුවා ආවම ඉන්න විදිහත් අමතකයි."අම්මා කිව්වෙ හිනාවෙන ගමන්.

"කොහොමද ඇන්..."තනුර කියන්න ගිය දේ නතර කලා.අම්මත් තනුර දිහා බලන් හිටියෙ ආදරණීය හැඟීමෙන්.තමන්ගෙ ඇත්ත අම්මා හම්බවුන වෙලාවක දැනෙන සතුට ඒ වෙලවෙ තනුරට දැනුනද? නැත්තම් තමන්ව දාලා ගිය එකේ තරහා දැනුනද කියන්න නම් තේරුමක් නෑ.

"අම්මෙ.." තනුර කිව්වෙ ඇස් වලින් කඳුළු බිමට වට්ටන ගමන්.

"පුතේ.. ආයෙත් ඒක කියන්න"

"අම්මා..."තනුර අභීගෙ අම්මව බදා ගත්තා.

"මට සමාවෙන්න පුතේ මම ලොකු වරදක් කලේ ඔයාට" අම්මා කිව්වෙ හැඬුම අතරින්.

"නෑ අම්මෙ.ඒ වෙලාවෙ ඔයා කලේ හරිදේ" තනුර කිව්වා.

"මම ඔයාව මගෙන් ඈත් කලා.සමාවෙන්න පුතේ මට."

"ඔයා කලේ හරිදේ අම්මා.ඇත්තටම ඔයා කලේ හොඳ දෙයක්.ඔයා එහෙම දෙයක් නොකලනම්..."තනුර ආපහු කතාව මගින් නවත්තලා අම්මගෙ උණුහුම විඳගත්තා.තමන්ගෙම අම්මගෙ උණුහුම අවු 16 අහිමි වෙලා හිටපු තනුර ඒ උණුහුමට ගොඩාක් ආසකලා.

තනුවWhere stories live. Discover now