....🎶තනුව🎶.... තිස් දෙවන වෙළුම...

Start from the beginning
                                    

"ඒක දැනගත්තම ඔයා මාව අතාරින්න තීරණය කලා?"

"ඔව්. මොකද මන් එයාට කිව්වා මන් එයාට කැමතියි කියලා.එයත් එහෙමයි කිව්වා.ඒත් මම ඒක ඔයාට එකපාර කියන්න කැමති වුනේ නෑ.ඒකට හේතුව උඹ ගොඩක් දුක් විඳින බව දන්න නිසයි."

"ඔයා ඒක දැන දැනම මට බොරු කලා.ඒක හොඳයිද? "

"මට ඕන වුනේ ඔයාට මාව එපා කරවන්න.මන් ඔයාට ඒ නිසා සෑහෙන්න වද දුන්නා.ඒත් ඒවයින් මට හිටියටත් වඩා උඹ ලංවුනා.ඉතින් මම උඹ එක්ක රණ්ඩුවෙලා සම්භන්ධය නතර කලා."

"ඊට පස්සෙත් ඔයා නිකම් හිටියෙ නෑනෙ."

"ඒක මන් වුවමනාවෙන් කලේ නෑ.නිරාශ් කිව්වෙ උඹට මන් තවත් ආදරේ කරන්නෙ නෑ කියල ඔප්පු කරලා පෙන්නපන් කියලා."

"ඉතින්?"

"ඉතින් මන් එයා කියන විදිහට උඹට කරදර කලා.ආදරේ මාව පුදුම විදිහට අසර්ණ කලා.වැරදි දේවල් වැරදි විදිහට මට පෙනුනෙ නෑ.ඒත් උඹට වද දෙන එක මට ඉවසන්න බැරි වුනේ උඹ මන් වෙනුවෙන් කරපු දේවල් නිසා.මගෙ පුංචි වෙදනාවටත් උඹ ගොඩක් කලබල වුනා.ඒත් අන්තිමට මගෙ අතින් වැරදි ගොඩක් සිද්ද වුනා.චාරුගෙ අම්මත් නැතිවුනා.උඹට සතුටත් නැති වුනා.ඒ වගේම තනුරත් හිරේ ගියා.මමත් මෙහෙ දුක් විඳිනවා."

"වෙච්ච දේවල් වෙලා ඉවරයි."

"මට ඕනෙ වරද නිවැරදි කරන්න.ඒකට එක අවස්තාවක් තියෙන්න පුලුවන්."

"මොකද්ද?"

"ඔයාගෙ පලවෙනි පඩියෙන් අරන් දුන්න ගිරව මතකද?අර I love you කියන එක?"

"ඔව් ඔයා ඒකෙන් අන්තිම දවසෙ දමලා ගැහුවෙ"

"එක තමයි සාක්ශිය" රශ්මින අයියා කිව්වා.

"ඒක සාක්ශියක් වෙන්නෙ කොහොමද ?"මන් ඇහුවෙ පුදුමයෙන්.

"ඒක ඔයා මට දුන්න විදිහටම නෙවෙයි මම දුන්නෙ.ඒක හිරුඑළියෙන් චාර්ජ් වෙන එකක්. මම යාළුවෙකුට කියලා. ඒක වෙනස් කලා."

"මොනවද මේ කියවන්නෙ?"

"මන් උඹව අතෑරියම උඹ ගොඩක් දුක්වෙන බව මම දැනගෙනයි හිටියෙ.උඹ මොනව හරි කරදරයක් කරගනී කියල බයට මම උඹ ගැන අවදානයෙන් ඉන්න ක්‍රමයක් හෙව්වා."

තනුවWhere stories live. Discover now