"ඇයි අයියෙ මේ?"
"මගෙ දෑහට පේන්න එන්න එපා.උඹ නිසයි මේ හැමදේම.උඹ තමයි හැමදේටම වැරදිකාරයා.මගෙ හැමදේම නැතිකලා.මගෙ ඇත්ත අම්මව මගෙන් උඳුරගත්තා." තනුර අයියා කිව්වෙ තරහෙන් වගේම කඳුළු වලින් දිලිසෙන ඇස් වලින් මම දිහා නපුරු විදිහට බලමින්.
"අනේ අයියෙ, ඇයි එහෙම කියන්නෙ?මම කොහොමද අම්මගෙන් ඔයාව ඈත් කලේ?" මම ඇහුවෙ ලොකු දුකකින්.
"කටවහපන්. උඹ නිසා තමයි ඒක වුනේ.උඹව හම්බවුනේ නැත්තම් එදා අම්මා මාව ආපහු ඉල්ලන්න එන්න තිබුනා."
"අයියෙ ඔයා අම්ම එක්ක හිටියට වඩා හොඳින් මෙහෙ ඉඳලා තියනවනේ."
"ඇති. නවත්තපන්.මම මේ දේවල් නොදැන හිටියනම් මෙහෙම දුකක් අද මට දැනෙන්නෙ නෑ.මට දැනෙන්නෙ මම අද මේ ලෝකෙ තනිවෙලා වගේ" තනුර අයියා කිව්වා.
"අයියෙ ඔයා එහෙම කිව්වට....." මට වැඩි දෙයක් කියන්න පුලුවන් වුනේ නෑ තනුර අයියා මාව නැවැත්තුවා.
"කටවහගෙන හිටපන්.උඹ ඇයි මගෙ ජීවිතේට ආවෙ? උඹ ඇයි මගෙත් එක්ක සම්භන්ධයක් පටන් ගත්තෙ.ඇයි මගෙ ගෙදරට ආවෙ.උඹ එහෙම ආව නිසා තමයි අද මේ හැමදේම සිද්ද වුනේ." තනුර අයියා එහෙම කිව්වම මගෙ දුකට,තරහට,ඉවසීමට කියන තුනේම තිබුන සීමාව ඉක්මවා ගියා.ඒ වෙලවෙ කතා කලේ මම නෙවෙයි.මගෙ හිතේ තිබුන තරහා සහ දුක විතරමයි.
"ඇති අයියෙ. ඔයා කියන දේවල් තවත් නම් මම ඉවසගෙන ඉන්නෙ නෑ.ඔයා කියන විදිහට මම තමයි ඔයාගෙ දුකට හේතුව.ඒ කියන්නෙ සේරම වැරදි මගෙද?" මම ඇහුවා.
"ඔව් උඹ තමයි හු*$$&*# මේ ඔක්කොටම වැරදි" තනුර අයියා කිව්වෙ කිසිම දෙයක් හිතල බලන්නෙ නැතුව.
"මට ඔහොම කතා කරන්න එපා අයියෙ.මට තාමත් ඔයා මගෙ අයිය වගේම තමයි.ඒත් ඔයා මේ ටික මතකතියාගන්න.ඔයාගෙ පස්සෙන් ආවෙ මම නෙවෙයි.ඔයයි ආවෙ.සම්භන්ධයක් පටන්ගන්න ඕන වුනේ මට නෙවෙයි.ඔයාට.අනික ඔයාගෙ ජීවිතේ විනාස කලේ මම නෙවෙයි.ඒ වගේම ඔයාගෙ ජීවිතේ විනාස වෙලා නෑ මගෙ ජීවිතේ තමයි විනාස වෙලා තියෙන්නෙ. මම හිතේ ආවේගෙට කියාගෙන ගියා.මට දැනුනෙ මගෙ පපුව හිරවෙනවා වගේ.මන් පපුව තදින් අල්ල ගත්තා.තත්පර කීපයකින් ඒ වේදනාව නැතිවුනාම මන් ආය කතා කලා.
![](https://img.wattpad.com/cover/284023479-288-k748583.jpg)
....තනුව.... දහනමවන වෙළුම.....
Start from the beginning